දේශිය ශාන්තිකර්ම



ලාංකේය කලාව ලොව අන් කිසිදු කලාවකට දෙවනි නොවන කලාවක් වශයෙන් හැදින්වුව ද අප ජන කලාව විවිධ සංස්කෘතියන්ගෙන් පෝෂණය වූවකි. ජනශ‍්‍රැතියේ එන එක් අංගයක් වන ශාන්තිකර්ම ආශ‍්‍රය කරගනිමින් ඒ බව මෙසේ පුළුල් ව විග‍්‍රහකර ගත හැකිය. 
ශි‍්‍ර ලංකාවේ ශාන්තිකර්ම උඩරට පහතරට හා සබරගමු වශයෙන් කොටස් තුනකි. මේ ශාන්තිකර්ම සඳහා අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් පවතියි.  මෙහි එකිනෙකට වෙනස සම්ප‍්‍රදායන් 3ක් දැකියහැකිය. උඩරට, පහතරට, සබරගමු වශයෙන් එම සම්ප‍්‍රදායන්3 දැක්විය හැකිය. ඒ බව රංග වස්ත‍්‍රාභරණ, වාද්‍ය භාණ්ඩ, කවි ගායනා, ඇදුම් පැළදුම් තුළීන් මනාව දැක්විය හැකිය. 
මෙම වෙනස වීම් කෙරෙහි මුලික වශයෙන් ම විදෙස් ආභාසයන් ගේතු වන්නට ඇතැයි සිතිය හැකිය. මේ සම්ප‍්‍රදායන් 3 විග‍්‍රහත්මකව බලන කළ මේවා එකිනෙකට මුසුව නොමැති බව මැනවින් පැහැදිළි වෙයි. ලංකාව යනු ඉතාම කුඩා දිවයිනක්. මෙම කුඩා දිවයින තුල උඩරට පහතරට සබරගමු ලෙස කිසිදු සම්ප‍්‍රදායික භාෂාවක් එකිනෙකට මුසුව නැත. මෙයට හේතුව මූලික වශයෙන් ම දැක්විය හැක්කේ පාරිසරික බලපැම සම`ග සංස්කෘතිය මිශ‍්‍රව පැවතිමයි. පාරිසරික අනන්‍යතාවය බිඳ දමන ප‍්‍රධාන ස්ථානයක් හැටියට විදෙස් ආගමන දැක්විය හැකිය. විශේෂයෙන් බ‍්‍රිතාන්‍ය පාලන සමයේ දී මෙරට සංස්කෘතියට විශාල බලපෑමක් සිදුවූ බව පෙනියයි. පහතරට සම්ප‍්‍රදායට විශේෂයෙන්ම විදෙස්‍්‍ර අභාෂයක් පැවතුණ බව පැහැදිලිව පෙනෙන කරුණකි.   
සබරගමු සම්ප‍්‍රදායේ එම ප‍්‍රමාණය තරමක පමාණයක අඩුවක් දැකිය හැකිය. විශේෂයෙන් එම සම්ප‍්‍රදායට දෙමළ ඌරුව බලපාන්නට ඇත. එකළ වතු රාජ්‍ය ආරම්භ  වීමත් සම`ග දෙමළ ජනතාව මෙරටට පැමිණිම හා ඒ ආශ‍්‍රය කරගනිමින් ඔවුන් සංස්කෘතික අංගයන් මෙරට සංස්කෘතියට එකතු විය. එසේම වරින් වර පැමිණි ඉන්දීය ආක‍්‍රමණ සංක‍්‍රමණ ආදිය ද මෙයට බලපාන්නට  ඇත. ඒ අනුව රංගන විලාසයන් ඒවායේ ඇදුම් පැලදුම ලංකාවට මසු වන්නට විය. 
බොහෝ දෙනෙක් මෙම සම්ප‍්‍රදායන් පිළීබඳ නිවරදිව අධ්‍යනය කර නැති අතර උඩරට සම්ප‍්‍රදාය පිළිබඳ ලාංකීය ඌරුවකින් සාකච්චා කරනු ලබයි. නමත් උඩරට සම්ප‍්‍රදාය, අනන්‍යාවය ගොඩනැගී ඇත්තේ විවිධ ආභාෂයන් මුසුකර ගනිමිනුයි.


කොහොඹා යක් කංකාරිය

උඩරට සම්ප‍්‍රදායට ආවේණික ශාන්තිකර්ම අතරින් කොහොඹායක් කංකාරියට හිමිවන්නේ ප‍්‍රධාන ස්ථානයකි. කොහොඹායක් කංකාරිය පිළීබඳ විමසීමේ දී එහි ප‍්‍රභවය පිළිබඳ විමසිය යුතු වෙයි. මුදියන්සේ දිසානායක ශූරින්ට අනුව මෙය කොහොඹායක්කංකාරිය යක්ෂ ගොත‍්‍රිකයන් අතර ප‍්‍රභවය ලැබූවකි. නමුත්   මෙහ පුරාවෘත්ත කතාව ඉන්දියාවට සම්බන්ද කර පවතියි. ලංකාව තුළ පවත්න  ඕනෑම කතාවක් ඉන්දියාවමට සම්බන්ධ කිරීම අතතයේ සිටම සිරිත බවට පත්ව ඇත.
කොහොඹා යක් කංකාරියේ පවතින එක් නර්තන අංගයක් හෝ පෙළපාලියක් වෙනත් සදම්ප‍්‍රදාකින් ගත් එකක් නොව බව පැහැදිළිව ම හඳුනා ගත හැකිය. ඒ අනව මෙය ලංකවේම ප‍්‍රභ වය ලෑබූවකි. මෙම හාන්තිඤ්මය 17 වන සියවසයේ ආරම්භ වු බවට ලිඛිත සාක්ෂි හමුවෙයි. ඊට ඉහත දී මේ පිළිබඳ කිසිදු ලිඛිත සාධකයක්  හමු වී නැත. මෙම කොහොඹා යක් කංකාරිය මුල් කාලීනව වත දුරු කිරීමේ ශාන්තිකර්මය ලෙස හදුන්වා තිබේ.  15 වන ශතවර්ශය තුළ දේව සංකල්පය බිහි වූවාට පසු මෙය කොහොඹායක් කංකාරිය ලෙස ව්‍යාප්ත විය. මෙයට මුල් වූ කතා පුවත අපි කවුරුත් දන්නා විජය කුවේණි කතාව හා සම්බන්ධය. විජය රජු මෙහි රජ වූවාට පසු ඔහුගේ සරණ මංගල කටයුතු සිදු කීරීමට අවශ්‍ය වූ නසා ඉන්දියාවෙන් ආර්ය කාන්තාවකගේ අවශ්‍යතාවය මතුු විය. ඒ නිසා කුවේණියව පන්නා දැමූ අතර කුවේණීය ඔහු කෙරේ දැඩි වෛරයකින් මිය ගියා ය. දිවි වේෂයක් මවා ගනිමින් විජය රජ මරණයට පත් කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ වූ නිසා ඉන් පසුව රජ වූ පඩුවස්දෙව් රජතුමාට මෙම දිවි දෝසය වැළදුනි. එය සුව කර ගැනීම පිණිස කොහොඹායක් කංකාරිය පැවැත්වූ බව මෙහි කතා පුවතයි. 
මළය රජවරුන් මලය රටින් ගෙන් වූ බවද මෙහි මලය යනු කන්ද අඩරට බවද සැලකිය හැකිය. 15 වන ශතවර්ශයෙන් පසු ලිය වූ කවි වල පවා මේ බව සඳහන් ව ඇත. අප රටේ එකළ රාජ සේනාංකයේ එක් අංශයක් ලෙස වැද්දන් ද සේවය කර ඇත. මලය ප‍්‍රදේශයේ සිටි මෙම වැද්දන්ගෙන් මෙම ශාන්තිකර්මය පැවත ආවා යැයි පිළීගත හැකි ශාක්ෂි පවතියි. 
විජය රජ යනු සල්ලාල පුද්ගලයෙක්. ඔහු ඉන්දියාවේ දුර්ධාන්ත පුද්ගලයෙක් නිසා ඔහුව රටින් පිටුවහල් කරන ලදී. නමුත් මහා වංශ සාක්ෂි වලට අනුව  මෙරට ඉතාමත් දියුණු සංස්කාතියක් පැවත ඇත. විශේෂයෙන් කපු කැටීම සිදු වීම නිසා වස්ත‍්‍ර ඇදි සංවිධිත රාජ්‍යක් ලෙස ලංකාව හැදින්විය හැකිය. එසේ ම උත්සව පැවැත්වීම, ද ඒ බව සනාථ වන්නා වූ සාධකයකි. 
මේ අනුව මෙම ශාන්තිකර්මය වෙනත් සංස්කෘතින් සම`ග මුසුව නැති බව වැටහෙයි. මෙම ශාන්තිකර්මය උඩරටට පමණක් සීමා වූ බව ද උඩරටට සම`ග වෙනත් සංස්කෘතින් මුසුවන්නට වූ ඉඩකඩ අඩුවූ බවද පැහැදිලිය. මෙයට හේතු වශයෙන් උඩරට ප‍්‍රදේශයේ පැවතුණ ගිරි දුරග දැකිවිය හැකිය. 
මෙහි ඇදුම් පැළදුම් ගත් කළ මෙමහි ප‍්‍රධාන රංග වස්ත‍්‍රාභරණය වන්නේ වෙස් ඇදුම් කට්ටලයයි. ගිරි දොළහ තනි කච්චියේ ඇදුම මුල් කාලීනව භාවිතා කර ඇත. කංකාරියේ ඇති පෙළපාලි වල දී වෙනත් ඊට ආවේණික ඇදුම් පැළදුම් භාවිත කිරීමක් සිදු නොවෙයි. මෙහි වැදි යක්කම, නයා යක්කම , ඌරා යක්කම, නයෙ යක්කම, ගුරුගේ මාලාව වැනි නාට්‍යමය අංග තුළදී කිසිදු ආදේශ හා අනුකරණාත්මක වස්ත‍්‍ර භාව්ත ඹිරීමක් සිදු නොවෙයි. ගුරුගේ මාලිව යනු විදේශයෙන් පැමිණි ආ`ඩියෙකු පිළිබඳ කෙරෙන හාස්‍ය දනවන නාට්‍යමය අවස්ථාවකි. මෙහිදී ඊට ආවේණික රංග වස්ත‍්‍රාභරණයක් භාවිත නොකරයි. ඒ අනුව නැට්ටුවකුගේ හැඩරුව ගත් කළ උපසම්පදා භික්ෂුවකගේ හැඩ රුවට සමාන වෙයි. එනම් උපසම්පදා වන භික්ෂුවක් ඊට පෙර අඳින ාජකීය ඇදුමට සමාන ඇදුමක් අදිනු ලබයි. උඩරට රජුන්ගේ ආභරණ 64 ක් පළඳින අතර ඒ හා සමාන ඇදුම් ආභරණ ප‍්‍රමාණයක් වෙස් නැට්ටුවා අඳිනු ලබයි. මෙම ඇදුම් කට්ටලය තුළ කෛමෙත්ත කැපී පෙනෙන දෙයක් ලෙස දැක්විය හැකිය. කෛමෙත්ත වැනි ආභරණයක් කිසිදු රටක සංස්කෘතියක පළදිනු දැකිය නොහැකිය. මේ අනුව මෙම ශාන්තිකර්මයේ ඇදුම් පැළදුම් අතර බවා අන්තර් සංස්කාතික ආභාෂයක් දැකිය හැකි නොවේ. 
දේව ධූරාවලිය පිළිබඳ සාකච්ඡුා කිරීමේදී මෙහි ලාංකේය අනන්‍යතාවයක් පවතින දෙවිවරුන් වන්දනාමාන කෙරෙයි. 64ක් බණ්ඩාර දෙවිවරු, හත් කට්ටුවේ දෙවිවරු, මෙහි ප‍්‍රධාන වශයෙන් අදහනු ලබන දෙවිවරුය. විෂ්ණු, කතරගම,  නාථ, පත්තිනි, ආදී භාරතීය ආභාෂයක් සහිත දෙවිවරු මෙයට ආරෝපණය වූයේ කෝට්ටේ යුගයෙන් පසුවයි. ශාන්තිකර්මය තූළ මෙම දෙවිවරු පුද ලබන්නේ නාමමාත‍්‍රිකව ය. අලූත් කොහොඹා, මහ කොහොඹා, පරණ කොහොඹා, යන මේ දෙවිවරු ප‍්‍රධාන දෙවිවරු වශයෙන් පුද ලබන දෙවිවරුය. මෑතකදී එක් වූ භාරතීය දෙවිවරුන් හට කෝල්මුර කවි, හෝ පුදවාලක්කන් ලබා දෙනු නොලැබෙයි. 
කොහොඹා කංකාරියේ් එන එක් දෙයක් පමණක් මිශ‍්‍ර වූ සෙයක් පෙනෙයි. විශේෂයෙන් ශාන්තිකර්ම භූමියේ ඉදිරිපස සැරසිල්ලක් වන කෙසෙල් කඳන් එල්ලීම හින්දු සංස්කෘතික ආභාසයක් ලෙස දැක්විය හැකිය. මෙය මහනුවර යුගයේ හින්දු සංස්කෘතිය තුළින් ආධාෂය ලත් දෙයක් බව පෙනී යයි. හින්දු සංස්කෘතියට අනුව කෙසෙල් ගස සශ‍්‍රීකත්වයේ සංකේතයකි. 
වාද්‍ය භාණ්ඩ ගත් කළ මෙහි කැපී පෙනෙන්නේ ගැටබෙරය හා තාලම්පටයි. ඒ හැරෙන්නට වෙනත් කිසිදු වාද්‍ය භාණඩයක් මෙහි පෙනෙන්නට නැත. ගැටබෙරයට සමාන වෙනත් කිසිඳු එවන් භාණඩයක් සොයා ගැනීමට නොහැක. එසේම එම ශබ්දයට සමාන ශබ්දයක් යෙනත් කිසිදු සංස්කෘතියක නැත. මෙම බෙරය තුළ තත් ජිත් තොං නං යන පද ඉන්දීය ආභාෂය ලත් බව පැහැදිලි වෙයි. ඉන්දීය රාගධාරී සංගිතය තුළින් මෙම ශබ්ද භාවිතයට පැමිණ ඇත. ඉන්දියානු භාණ්ඩ අතර සතර බීජාක්ෂර පවතියි. ඒ අනුව එම ශබ්ද මෙරටට ආඩා යැයි විශ්වාස කළ හැකිය. මෘදංගම්, වයලීනය ආදී වාද්‍ය භාණඩ මෙහි දී භාවිතා කරන්නේ නැත. සන්න සැහැළි, යාතිකා, කවි, කොල්මුර, මෙහි පවතියි.නමුත් සංස්කෘත ශ්ලෝ්ක මෙහිදී භාවිතා කිරීමක් නොකරයි. 15 වන ශතවර්ශයේ කුවේණි අස්න පොතේ ලියැවූණු කවි භාවිතයට පැමිණ ඇත. මෙම කවි තුළ සංස්කෘත හා පාලි  මිශ‍්‍ර භාෂාවක් ඇත. කෙසේ නමුත් ලංකාව තුළ ද සංස්කෘත භාෂාව උගන්වා ඇත. සංස්කෘත භාෂාව හා මිශ‍්‍ර වූ එම කවි අප ශිල්පීන් නාද මාලාවක් ඇතිව ගායනා කරනු ලබයි. 
ස්වස්ථීවර සිලොමිණි සහත‍්‍රිං දභ‍්‍ර නිව ශූභ‍්‍ර 
තළ 

මෙයට අපූර්ව නාද මාලාවක් එක් කරමින් ගායනා කරනු ලබයි. අද වන විට මෙම සංස්කෘත භාෂා විලාසයන් ඉවත් වී සිංහල පද මාලාවන් එක් ව ඇත. මෙම නාද මාලාවන් කිසිඳු සංස්කෘතියකට මිශ‍්‍ර නොවූ අමිශ‍්‍ර භාෂා විලාසයක් බව ද ලංකේයන්ට ම අනන්‍ය වූ භාෂා විලාසයක් බව ද මේ අනුව පෙනෙන්නට ඇත.  
ශාන්තිකර්ම අතර අපූර්ව අංග භාණඩයක් ලෙස රබාන හැඳින්විය හැකිය. රබාන රෙමානා යන වජනයෙන් බිඳි ආවක් බව පැහැදිලි වෙයි. මෙයට විශේෂයෙන් මැලේසියානු සම්භවයක් පවතියි. සේද මාවත ඔස්සේ මෙරටට පැමිණී වෙළෙන්දන් හරහා මෙම උපකර්ණය මෙරටට පැමිණ ඇත. එසේම මෙහි ඉන්දියාන සම්මිශ‍්‍රණයක්ද දැකිය හැකිය. විශේෂයෙන් දෙමළ ආභාෂයක් දැක ගත හැකිය. මෙම සම්ප‍්‍රදාය සම්ස්ත රට පුරා ව්‍යාප්ත වුයේ නැත. මෙය එක් කුඩා ප‍්‍රදේශයකට පමණක් සීමා විය. බංකු රබාන වූ කලී ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයක් පවතින උපකරණයකි. මෙවන් භාණඩයක් ලොව කිසිදු රටකින් සොයාගැනීමට හැකිව නැත. 
කිරි මඩුව ශාන්තිකර්මය

කිරි මඩුව ශාන්තිකර්මය පහතරට හා උඩරට සම්ප‍්‍රදායට ආවේණික සම්ප‍්‍රදායක් ලෙස දැක්විය හැකිය. මෙහිදී කිරි මඩුව ශාන්තිකර්මය පිළිබඳ විසතරකථනයක් සිදු කළ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සමන් කුමාරතුංග ගුරුතුමාට ස්තුතිය පළ කළ යුතුය. 
මෙම කිරිමඩු ශාන්තිකර්මය පහතරට හා උඩරට වශයෙන් වෙනස් වුව ද වත් පිළිවෙත් අතින් සමානත්වයක් ගනු ලබයි. මෙම ශාන්තිකර්මය වෙනත් ඇදහිලි කිහිපයක් සම`ග මුසු වෙයි. විශේෂයෙන් යකුන් පිදිල්ල ආශ‍්‍රය කරගනිමින් මෙම ශාන්තිකර්මයේ උපත සිදු වී ඇත් බව විශ්වසයයි. මෑතක් වනතුරුම සබරගමු ප‍්‍රදේශය ආශි‍්‍රතව යකුන් පිදිල්ල දැකිය හැකි විය. මෙම යකුන් පිදිල්ල මළගිය අය පිදීම ලෙස දැක්විය හැකිය. සබරගමුවේ සිට ඌව පළාතට යන විට කුවේණි ඇදහිල්ල දැකිය හැකිය. කුකුළාපොළ කිරි අම්මා, මහළුපොළ කිරි අම්මා ආදීන් මෙම යක්ෂ ඇදහිළි තුළ දැකිය හැකි විය. මහළුපොළ කිරි අම්මා යනු සමන් දෙවියන්ගේ අක්කා ලෙස සැලකෙන අතර කුකුළපොළ කිරි අම්මා යනු කුවේණිය ලෙෂ ද අදහස් කෙරේ. 

කිරි මඩුව පුරාවෘත්තය

මෙය බුදසිරු නම් කුමාරයකුගේ උපත් කතාව හා සම්බන්ධ වෙයි. දකුණු දිග මායා රට කදිරාගොඩ නම් ප‍්‍රදේශයක් විය. මායා රට රජුට දාව බිසවට කුමාරයෙක් උපන්න අතර ඔහු බුදසිරු නම් විය. ඔහු පරිසරයට සතුන්ට අපමණ ආදරයක දැක්වූ අතර ඔහුට තවත් සහොදරයෙක් විය. ඔහු මධුර මායා නම් විය. මොවුන් දෙදනාගේන් මායා කුමරු කුඩා කාලයේ පටන් බුදසිරු කුමාරයා සම`ග කිරි වෛරයෙන් පසු විය. ක‍්‍රමයෙන් උස් මහත් වෙද්දී බුදසිරු කුමාරයාව ඝාතනය කිරීමට මායා කුමරු වරින් වර උත්සහ ගත්තේය. අවසානයේ මායා කුමරු මීමකුගේ වේශයක් ගෙන බුදසිරු කුමාරයා ඝාතනය කිරීමට ගිය අතර ඉන් මායා කුමරු මරමුවට පත් විය. ඉන් නොනැවතුණු මායා කුමරු කදිරාගොඩ නම් ප‍්‍රදේශයේ එක් නුග ගහක් මතට වි බදසිරු කුමරු පැමිණෙන තෙක් ?ක සිටියේ ය. කෙසේ නමුත් බුදසිරු කුමාරයා මායා කුමරු දමනය කර වෛරය සන්සිදෙව්වේය. අවසන සැමට නුග අත්තේ තිබූ මී වදය කෑමට දුන්නේ ය . බුදසිරු කුමාරයා පසු කාලීනව මංගර දෙවියන් බවට පත් විය. මේ අනුව කිරි වෛරයක් හේතුවෙන් ගැටුම ආරම්භ වූ නිසා මෙය කිරි මඩුව නම් විය. මංගර දෙවියන්ගෙන් පිහිටාරක්ෂාව ලබා ගැනීම වෙනුවෙන් මෙම ශාන්තිකර්මය පවත්වනු ලබයි. මංගර දෙවියන් යනු ලංකාව නියෝජනය කරනු ලබන දෙවි කෙනෙකි.
මෙහිදී පද ලබන දෙවිවරුන් වන්නේ මංගර දෙවි, කුකුළාපොළ කිරි අම්මා, මහළුපොළ කිරි අම්මා, පට්ටි හතේ කිරි අම්මා, ආදී යකුන් පිදිල්ල හා සම්බන්ධ වූ දෙවිවරුනය. පත්තිනි දෙවි, විෂ්ණු දෙවි, ආදි දෙවිවරුන් පසුකාලීනව ශාන්තිකර්මයට එක් වූවා යැයි විශ්වාස කෙරෙයි. නමුත් මුල් කාලීන පටන් සමන් දෙවි මෙහි පුද ලැබූ දෙවි කෙනෙකු යැයි සඳහන් වෙයි. 
මෙය හේනිවල පැවති පැරණි ඇදහිල්ලකි. මෙහි ගායනා පැවත ඇත්තේ සැහැලි වශයෙනි. මේ සැහැලි දිගින් දිගට අවුත් කවි බවට පත්ව ඇත. එසේ ම මෙයට පසු කාලීනව නර්තනය එක් වී ඇත. අපට නර්තනය පැමිණෙන්නේ භාරතීය ආභාෂය සහිතවය.. විශේෂයෙන් සබරගමු නර්තනය භාරතීය ආභාෂයක් සහිත ය. මහ සමන් දේවාලයේ චාරිත‍්‍ර දෙවන පරාක‍්‍රමබාහු රජ සමයේ පැවති අතර මෙය භාරතීය ආභාෂය ලත් වත් පිළිවෙත් ක‍්‍රමයකි. විශේෂයෙන් දෙවන පරාක‍්‍රමබාහු රජ දවස මෙටර පවතින්නේ හින්දු සාම්ප‍්‍රදායික ආභාෂයයි. වර්තමානයේ සබරගමු නර්තනය ආශ‍්‍රිතව දැක ගත හැකි කලාසම්, නිර්මාණම්, අඩව්, මේවා භාරතීය නර්තනයේ ආභාසය පවතියි. කන්නීරම්, මාත‍්‍රා, මේවායේ පවතින්නේ විශේෂයෙන් ද්‍රවිඩ ආභාෂයයි.  ඒ අනුව කිරි මඩුව ශාන්තිකර්මය ආශ‍්‍ර‍්‍රිතව නර්තනය පසු කාලීනව බිහි වූ අතර ඒවා භාරතීය ආභාෂය ලත් නර්තනාංගයන් විය. 
නමුත් වර්ථමානයේ මෙයට බෞද්ධ මුහුණුවරක් දැක ගත හැකිය. නමුත් නර්ථන විලාසයන් ඉන්දීය ආභාෂය ගනු ලබනු මෙහිදී ද දැකිය හැකිය. මෙහි වැයෙන පද තත් ජිත් තොං නං පද ඉන්දියානු රාගධෘරිසම්ප‍්‍රදාය සම`ග මුසු වූ ඒවා විය. වැද්දන් අතර පැවති එක් ඇදහිල්ලක් පසුකාලීනව විවිධ සංස්කෘතින්ගේ ආභාෂය ලබා කිරි මඩුව ශාන්තිකර්මය බිහි වූ බව පෙනෙයි. කෙසේ නමුත් මෙයට වර්ථමානයේ බෞද්ධ මුහුණුවරක් ලබා දි ඇති අතර කවි ගායනා වලින් ඒ බව පෙනී යයි. 
උතුම් බුදු රුවනේ ලොව්තුරු දහම් සරණේ
සමග සග සරණේ 

ආදී වශයෙන් කවි ලායනා ශාන්තිකර්මය ආරම්භයේ දී සිදු වෙයි. මෙම ශාන්තිකර්මයේ විශේෂත්වයක් ලෙෂ දකින්නේ මෙහි මුල් වූ මංගර දෙවියන් හට ප‍්‍රථමයෙන් වවි ගායන්යක් නොකිරීමයි. ප‍්‍රථමයෙන් ගායනා සිදු වන්නේ විදෙස් ආභාෂයක් සහිත පත්තිනි දෙවියන්ටය. කිරි මැස්ස, මී බන්ධනය මෙවාට මංගර දෙවි ඈඳා නැති අතර පත්තිනි දෙවි හා සම්බන්ධව කවි ගායනා සිදු කරයි. මෙහි කවි ගායනා ගත් කළ සින්දු මාත‍්‍රය, යාදිනි මාත‍්‍රය ආදී නර්ථනයන්ගේ පවතින්නා වූ ගායනා ම පවතිනු පෙනෙයි. මෙහි භාරතීය ආභාෂයක් වෙයි.

සසිරිබර මෙසිරිලක මධූර මායා පුරේ
රජෙක් රජකම් කරන රටට එම රජුන්නේ
කුමරෙක්ව උපන්නේ

මෙය වෘත්තගන්ධී ශෛලියයි. දඹදෙනි යුගයෙන් පසුව මෙම වෘත්තගන්ධී ශෛලිය භාවිති කර ඇත. මුල් කාලීන ව සැහැලි දක්නට ලැබී ඇත.
තෙද වරම් පස්වහන් දහසකට බුදු වන්න ආවඩා...
ආදී වශයෙන් සැහැළි පැවත ඇත. මෙහි වාද්‍ය භාණ්ඩය ප‍්‍රධාන වශයෙන්ම දවුලයි. මෙයට විදෙස් ආභාෂයක් ලැබී ඇත. සීරියස් කුළතිලක ගුරුතුමා පවසන පරිදි මෙය පර්සියානු ජාතිකයන් විසින් මෙරටට පැමිණි එකකි. වැද්දන් අතර එවැනි වාද්‍ය භාණඩයක් පැවත නැත. තිබී ඇත්තේ අටුවන නමැති හිස් බෙනයක් ආශ‍්‍රිතව ගැසූවකි. වැද්දන් අතර දවුල පැවතියේ නම් ඔවුන් අතර දවුල් පදත් පැවතිය යුතු විය. මුල් කාලීනව පටහ බෙරය, මෘදංගම් ආදී බෙර භාවිත කර ඇති අතර මේවා භාරතීය ආභාෂයක් සහිත විය. 
මුල් කාලීනව සබරගමුවේ දේව ඇදහිල්ල පැවතුණි. විශේෂයෙන් මෙරට ඉතිහාසය සැලකීමේ දී දුටුගැමුණු රජ කළ මෙරට පංචතූර්ය වාදනය පැවත ඇත. ඒ අනුව සම්ස්ථ රට පුරාම පංචතූර්ය වාදනය පැවති බවට සැක නැත. සබරගමුවේ මුල් කාලීනව දේව ඇදහිල්ල හා යම් යම් වන්දනාමාන ආකාර ැවති බවට සහා වංශය සාක්ෂිදරයි. බලංගොඩ චන්දන ගාමිනි වෙහෙරට අෂ්ඨඵල බෝධි වෘක්ෂයෙන් එක් බෝධියක් වඩමවන ලදී. ඒ අනුව පංචතූර්ය වාදනය පැවත ඇති අතර මෙහි වත්පිළිවෙත් ආදිය පැවරීමට ක්ෂත‍්‍රියන් මෙහි පදිංචි කර ඇත. එසේ ම 18 කුලයනට අයත් පිරිසක් ද මෙහි නවතා ඇත. ඒ අනුව හේවිසි වාදනය නර්තනය පැවති අතර ඒ ආශ‍්‍රයෙන් සබරගමු නර්ථනය බිහි වූ බව විශ්වාස කෙරෙයි. ඒ අනුව පැරණි ඇදහිලි තුළට නර්ථනය එක් වී ඇත


සම්මුඛ සාකච්ඡා

x ජේෂ්ඨ කථිකාචාර්ය මුදියන්සේ දිසානායක
x ජේෂ්ඨ කථිකාචාර්ය සමන් කුමාරතුංග
x කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත

Comments

Popular Posts