මාධ්‍ය



මාධ්‍ය අදවන විට සමස්ත ලෝකයම නතු කරගෙන ඇත. විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය වශයෙන් වෙන්ව හඳුනා ගත හැකි අතර අද වන විට නව මාධ්‍යන්ද මෙයට එක් වී ඇත.  මේ අනුව මෙම මාධ්‍යයන් අද ලෝකයම පාලනය කරන්නා වූ එකම ආණ්ඩුවක් බඳුය. මාධ්‍ය යන  වචනය යම් කාර්යක් සඳහා යොදා ගනු ලබන උපාය මාර්ගය කි‍්‍රයා පිළිවෙත ශිල්ප ක‍්‍රමය යනාදි අර්ථ ගැන්වෙයි. මාධ්‍ය පිළිබඳ අධ්‍යනය  කිරීමේදී  එහි සංයුතිය හා එමගින් කෙරෙන නිෂ්පාදන  කාලානුරූපීව වෙනස් වෙයි. ලෝකයේ සිදු වෙමින් පවතින දෑ ගෙන එම ජනතාව හමුවේ තැබීම මාධ්‍යයෙනි කළ යුතු වැදගත්ම කාර්යයි. ස්වභාවික ආපදා යුද්ධ වැනි දෑ ද දේශපාලනය ආදිය ජනතාවට ලපා දීම මාධ්‍ය මගින් සිදු වෙයි. වෙහෙස මහනිසිය නිවා ගැනීම සඳහා බොහෝ දෙනෙක් මාධ්‍ය යොදා ගනු පෙනේ. ජීවිතයට වැදගත් නව්‍ය තොරතුරු දැනගැනීම වැනි කාර්යයන්හි දී  ජීවිතයේ අනිවාර්ය අංගයක් වීම නිසා මාධ්‍ය පුරෝචන මූලාශ‍්‍රක් වශයෙන් සැලකෙයි. සමාජ ජීවිය සමාජයට බෙහෙවින් නිිරාවරණය වී තිබීම නිසා මාධ්‍ය වැදගත් කොට සැලකිය හැකිය. මාධ්‍ය අර්ථ දැක්වීමේදී යොදා ගැනෙන එක් ප‍්‍රධාන  ක‍්‍රමයක් කම් සංඥාර්ථවේදී ප‍්‍රවේශයයි. මෙහි අර්ථය සංඥාවයි. සංඥා පද්ධත්ි විද්‍යාව පිළිබඳ අධ්‍යනය කිරීමේ විද්‍යාක් ගොඩනැංවීම සංඥාර්ථවේදයේන් අපේක්ෂා කේරේ. දෘශ්‍ය සම්ප්‍රේෂණය මගින් අර්ථ සම්ප්‍රෙෂණය පිළීබඳ ප‍්‍රථමයෙන් අදයස් දැක් වූවෙකි රෝලන්ඞ් බාර්ත්. ඔහුගේ න්‍යාය සඳහා පදනම ලැබුනේ ස්විස් ජාතික වාග් විද්‍යඥයකු වන ෆර්ඩිනෑන්ඩි ඩි සෝෂියර්ගේ කෘතියෙනි. භාෂාව යනු  නෛසර්ගික වූවකට වඩා සංස්කෘතික නිෂ්පාදනයක් බව සෝෂයර් දුටුවේය. සමාජීය පද්ධතියක් වශයේන් භාෂාවේ ඇති පටිපාටිල ස්වරූපය සංගත බව නීති සමුදායක් මගින් හසුරුවන ලැබීම ආදී ලක්ෂණ ව්සික් එය සංස්කෘතික නිෂ්පාදනයක් බව වඩාත් තහවුරු වෙයි. ඇමරිකානු ජාතික පියර්ස් මෙම සංකල්පයට වඩාත් දිගුවක් එකතු කලේය. භාෂාව සම්බන්ධයෙන් සෝෂියර් දැක්වූ ම භාෂාවට පමණක් නොව  සෙසු සමාජ නිමැවුම් සඳහාද යොදා ගැනීමට හැකි බව ඔහු පෙන්වා දුන්නේය. මෙම මූලික අදහස් වලින් ආභාසය ලද රෝලන්ඞ් බාර්ත් එදිනෙදා ජීවීතයට ද එම න්‍යායන් යෙදීය. 

”මාධ්‍ය යනු සන්නිවේදනය කළ යුතු සංදේශය සම්පේශනය කළ හැකි පරිදි සංඥා බවට හරවා නියමිත වේලාවක් ඔස්සේ යවන භෞතික හා කාර්මික ක‍්‍රියා මාර්ගයකි. උදාහරන ලෙස රූපවාහිනිය  දැක්වුවහොත් එය දෘශ්‍ය හා ශ‍්‍රව්‍ය නාලිකා යොදා ගනු ලබන මාධ්‍යයකි. ”

මාධ්‍ය යන වචනය යම් කාර්යක් සඳහා යොදාගනු ලබන උපාය මාර්ගය ක‍්‍රීයා පිළිවෙත ශිල්ප ක‍්‍රමය ක‍්‍රමවේදය යනාදී අර්ථ සඳහා භාවිත කෙරේ. සිංහල මාධ්‍ය දමිළ මාධ්‍ය යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ලේඛකයා හෝ සන්නිවේදකයා ස්වකීය අදහස් පැවසීම සඳහා යොදා ගන්නා භාෂා මාධ්‍යයයි. 
ගුවන් විදුලිය හා වෙනත් ශබ්ද මාධ්‍යයන් යුත් මාධ්‍ය ශ‍්‍රව්‍ය මාධ්‍ය ලෙසත් චිත‍්‍ර‍්‍රපට හා රූපවාහිනිය දෘෂ්‍ය මාධ්‍ය ලෙස අර්ථ දැක්විය හැකිය. ඉහත අර්ථ දැක්වීම රූපවාහිනිය කෙබඳු මාධ්‍යයක්ද යන්න වටහා ගැනීමට වැදගත් වෙයි. මාධ්‍ය වර්ග 3කට බෙදා දැක්විය හැකිය. 

ඉදිරිපත් කිරීමේ මාධ්‍ය
නියොජනාත්මක මාධ්‍ය
යාන්ත‍්‍රික මාධ්‍ය
ඉදිරිපත් කිරීමේ මාධ්‍ය සඳහා කටහඩ මුහුණ සිරුර කතාකරන වචන ඉගිත් ආදිය යොදා ගන්නා අතර සන්නවේදකයාම මාධ්‍ය බවට පත්වේ.

ඉංග‍්‍රිසි භාෂාවේ එන ටෙලිවිෂන් යන වචනය සඳහා සිංහලෙන් රූපවාහිනි යන වදනය භාවිිත කෙරේ. ටෙලිවිෂන් යන ඉංග‍්‍රීසි පදය සෑදී ඇත්තේ ටෙලි යන ග‍්‍රීක වචනය සම`ග ඩසාැරු යන ලතින් වචනයෙන් බිදුනු ඩසිසදබ යන පදය එකතු වීමෙනි. එැකැ යන පදයේ අර්ථය දුර යන්නයි. ඩසිසදබ යන පදයේ අර්ථය දැකීම යන්නයි. ඒ අනුව එැකැඩසිසදබ යන පදයෙ වචනාර්ථය දුරක සිට දැකීම යන අදහසයි. මෙම වචනයට සිංහලයෙන් තෙලදසුන යනුවෙන් සකසා ගෙන ඇති හෙළ වදනින් ඉහත ක අදහසට සම අරුතක් ගම්‍ය වේ. එහෙත් රූපවාහිනිය යන්නෙන් ප‍්‍රචලිත ව අද භාවිතා කෙරෙන සිංහල වචනෙන් දුරක සිට දැකීම යන අර්ථය ජනිත නොවේ. එයින් හැගවෙන්නේ රූපවාහිනය කරන නැතිනම් රූප ගෙන යන වැනි අදහසකි. 
  ඉතාමත් සරලව හැදින්වුවහොත්  රුපවාහිනය යනු එක් සථානයක නිපදවන පිංතූර සහ ශබ්ද තවත් ස්ථෘනයක්ට පිටත් කර යැවීමේ උපක‍්‍රමයකි. එය සිදු කරන ලබන්නේ විද්‍යුත් උපකරන බාවතා කරමින් ඉලෙට්‍රොනික ක‍්‍රියාවලියක් අනුගමනය කරමිනි. කෙසේ වෙතත් රූපවාහිනි හෝ රූපවාහිනිය යනු යෙදුම විවිධ සංදර්භයක් තුළ විවිධ අරුත් උපදවන වචනයක් බවට පත්ව ඇත. ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් විද්‍යුත් මාධ්‍යක් එමෙන් ම ජන සන්නිවේදන මාධ්‍යක් හදුන්වා දීමට රූපවාහිනි යන වචනය භාවිත කෙරේ. 
රූපවාහිනිය ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාර්ගයක් වන්නේ   එමගින් පිංතූර නරඹමින් ශබ්දය ශ‍්‍රවනය කල හැකි බැවිනි. පිංතූර හා ශබ්ද විද්‍යුත් සංඥා බවට පෙරලා එක් තැනක සිට තවත් තැනකට පිටත් කර යැවීමට හෙවත් සම්ප්‍රෙෂණය කිරීමට ඉලෙක්ට්‍රොනික තාක්ෂන  ක‍්‍රමවේදයක් අනුගමනය කරන බැවින් එය  විද්‍යූත් මාධ්‍යයක්ි. පිංතූර හා ශබ්ද උපයෝගි කරගෙන ජනතාවට තොරතුරු හා දැනුම ලබා දෙන සන්නිවේදන මාධ්‍යක් හෙවත් නාලිකාවක් ලෙස ක‍්‍රියාත්මක වන නිසා රූපවාහිනිය ජන සන්නිවේදන මාධ්‍යයකි. 





ලංකාවේ ජනමාධ්‍ය

ශ‍්‍රී ලංකාව තුළ මුලක්ම සිංහල කෘතියක් මුද‍්‍රණය කරණු ලැබුවේ 1737 ලංදේසි යුගයේදී ය. ඒ් ගබ්රියෙල් ස්කාඞ් මුද්‍රණ ශිල්පියා විසින් මුද්‍රණය කළ ලන්දේසි යාඥා පොතයි.ලංකාව තුළ විවිධ වර්ගයේ මාධ්‍යයන් භාවිත කරනු දැකිය හැකිය. විශේෂයෙන් රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් ස`ගරා හා වෙබ් අඩවි අද වන විට ලංකාව තුළ භාවිත කරන්නා වූ මාධ්‍යයන්ය. මේ මාධ්‍යයන් ප‍්‍රධාන වශයෙන්  සංහල ඉංග‍්‍රීසි සහ දමිළ වශයෙන් වෙයි. දැනට ලංකාව සතුව රූපවාහිනිවිකශන ආයතන 2කුත් හා පුවත්පත් මණ්ඩල කිහිපයකත් අයිතිය හිමිව ඇත. ලංකාවේ වර්තමානයේ පවතින මාධ්‍ය ආයතන පහතින් දැක්වෙයි. 
MEDIA
MEDIA ESTABLISHMENT
News Paper
Associated News Paper

Leader Publication

UPali NewsPapes

Wijaya NewsPapers


Magazine and other Periodical
Rivira Media

Sumathi Newspapers

Uthayan Group


Radio
Asia Broadcasting Coparation

Colombo Communiction

Independent Television Network

MBC Network

TNL Radio Network

Voice Of Asia Network


Television
EAP Network

Independent Television Network

MTV Channel

Sri Lankan Rupavhini  Cooparation

Voice Of India Network

ලංකාවේ වාණිජමය අවශ්‍යතා පුළුල් වීමත් සම`ගඩිජිටල් තාක්ෂනය හඳුන්වා දී ඇත. නෙසේ නමුත් අද වන විට පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති රේඩියෝ නාලිකා විශාල ප‍්‍රමාණයක් හා 30කට අධික පෞද්ගලිකව ක‍්‍රියාත්මක වන රූපවාහිනි නාලිකා ප‍්‍රමාණයක් ඇත. බොහෝ දුරට මෙම පෞද්ගලික කාලින දේශපාලන පක්ෂ පාට මත පිහිටුවා ගෙන ඇති බව දැක්විය යුතුය. නිදසුන් ලෙස  යසරම එඩල ිසරි් එඩල ිසහ්එය් එඩල ආදිය දැක්විය හැකිය. බොහෝ ජනප‍්‍රිය නාලිකා අයත් වන්නේ මේ ගණයටයි. ලංකාවේ පුවත්පත් පිළිබඳ සාකච්චා කලහොත්  පුවත්පත් මාධ්‍යද අද වන විට ඉතාමත් දියුණු ක‍්‍රමයක්් බවට පත්ව ඇත. විශේෂයෙන් පුවත්පත අන්තර්ජාලය ඔස්සේ නැරඹීම අද වන විට ඉතාම ජනප‍්‍රියත්වයට පත්ව ඇත. එසේම නා නා විධ පුවත්පත් රාශියක් අද වෙළඳ පොළෙහි ඇත. ලංකාවේ ගුවන්විදුලි් ඉතිහාසය ලෝක ගුවන් විදුලි ඉතිහාසය තරම් ඉතා ඈත අතීතයකට දිව යන්නේ නැත. 

ලංකාවේ ගුවන්විදුලි විකාශයක් පළමු වරට සිදු වන්නේ 1923 පෙබරවාරි මස 22 දිනයි. මෙය සංගීත විකාශනයකි. නමුත් මෙය සාර්ථක විකාශයක් නොවීය. ලංකාවට ගුවන් විදුලිය හදුන්වා දීමේ ගෞරවය හිමිවන්්නේ එඞ්වඞ් හාපර් මහතාටය. ප‍්‍රථම ගුවන් විදුල් විකාශය සංගිත වැඩසටයනක් වුවද එය ලියා පදිංචි වුවක් නොවේ. නීත්‍යනුකුල විකාශයක් සිදු වූයේ 1924 ජූලි මසදීය. ලංකාවේ රූපවාහිනි අතීතයටත් එතරම් වයසක් නොවේ. එය දශක 3ක් තරම් කුඩා අතීතයකට දිව යන්නනකි. ලංකාවේ ප‍්‍රථම රූපවාහිනි විකාශය සිදු වූයේ 1979 වර්ෂයේදී වන අතර අද වන විට රූපවාහිනය යනු ඉතාමත් ජනප‍්‍රිය මාධ්‍යයකි. අනෙක් සියලූම මාධ්‍ය අභිභවමින් රූපවාහිනි මාධ්‍ය ජනතාවගේ ආකර්ෂණයට ගොදුරු වී ඇති බව නො රහසකි. ලංකා රූපවාහිනි විිකාශය සිදු වන්නේ ප‍්‍රධාන භාෂා ත‍්‍ර‍්‍ර‍්‍රිත්වයෙනි. ලංකාවේ පලමු රූපවාහාිනිය ලෙස ෂඔභ: ෂබාැචැබාැබඑ ඔැකැඩසිසදබ භැඑඅදරන* නාලිකාව දැක්විය හැකිය. මෙහි ගෞරවය හිමි වන්නේ් ශාන් වික‍්‍රමසිංහ හා අනිල් විජේවර්ධන වෙතයි. ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීමේ ප‍්‍රයත්නය වරිනවර අසාර්ථක විය. නමුත් කෙසේ හෝ අවසානයේ දී රූාහිනිය මෙරට සමාජය ආක‍්‍රමණය කලේ ය. ඒ අනුව 1979-04-15 වන දින මෙම නාලිකාවේ විකාශය සංගීතා සමාගම යටතේ සිදු විය. මේ අතරතුර අධ්‍යාපනය කේන්ද්‍ර කර ගනිමින් ජාතික රුපවාහිනයේ විකාශය ආරම්භ කෙරිනි. ඒ 1982වසරේ දීය. කෙසේ නමුත් ජේ.ආර්. ජයවර්ධන මෙරට ආණ්ඩු බලයට පැමිණීමත් සම`ග මෙරට විවෘත ආර්ථිකයක් හඳුන්වා දුනි. ඒ අනුව පෞද්ගලික රූපවාහිනි නාලිකා ආරම්භයට පදනම වැටුණි. 1992 වන විට පෞද්ගලික නාලිකා බිහි වීම ආරම්භ විය.

 ඒ අනුව අද වන විට පේ‍්‍රක්ෂක ආකර්ෂණය නොමඳව ලබා සිටින්නේ පෞද්ගලික රූපවාහිනි නාලිකාය. ප‍්‍රථම පෞද්ගලික නාලිකාව වන්නේ මහරාජා ආයතනය යටතේ ආරම්භ වු ඵඔඪ ිචදරඑි නාලිකාවයි. මෙහි විකාශය සිදු වූයේ ඉංග‍්‍රිසි බසිනි. මෙය ආරම්භ කලේ සිංගප්පූරුවේ සීමාසහිත දුරස්ථ සන්නිවේදන ආයතනයක් හා සම්බන්ධ වෙමිනි. 1995 ෑ්ඡු ආයතනය යටතේ ෑඔඪ නාලිකාව ඉංග‍්‍රිසි නාලිකාවක් ලෙස විකාශය ආරම්භ කෙරුණි. 1997-03-16 දින එ් අනුව ස්වර්ණාවාහිනි නාලිකාවද 1998 ජුනි මස 10වන දින සිරස නාලිකාවද ආරම්භ විය. 2000 වසරේ අගෝස්තු මස 20 වන දින ජාතික රූපවාහානි සංසංථාව යටතේ ඉංග‍්‍රීසි මාධ්‍ය නාලිකාවක් ලෙස ජය්බබැක ැහැ නාලිකාව ආරම්භ විය. 2009 වසරේදි ආසියානු හ`ඩ මාධ්‍ය ජාලයේ නාලිකාවක් ලෙස සියත නාලිකාව බිහි විය. ක‍්‍ර‍්‍රමයෙන් ෂඡුඔඪල ක්‍ක්‍ඔඪ ලෘෂ්ඛධඨ ඔඪ වැනි තාක්ෂණික දියුනුවක් සම`ග රූපවාහිනිය ඉතා ජනප‍්‍රීය කලාවක් බවට පත් ව ඇත. ලංකාවේ ප‍්‍රථම ක‍්‍රිඩා විකාශන නාලිකාව ලෙස 2011-03-07 වන දින ක්‍ීභ නාලිකාව බිහිවිය. 2012 මැයි 23 වන දින ඩිජිටල් ප‍්‍රාන්තික ජාල තාක්ෂණය මගින් ක‍්‍රියාත්මක වන ෘඪඊ-ඔ2 රූප හා ස්ටීරියෝ ශබ්ද තාක්ෂනයෙන් යුත් සිංහල සේවාවක් ලෙස  හිරු නාලිකාව ආරම්භ විය. 
 
පුවත්පත් වාර ප‍්‍රකාශන ස`ගරා විද්‍යුත් මාධ්‍ය ආයතන ඡුායාරූප ශිල්පය මේ සියල්ල එකිනෙකට ස්වාධිනව කටයුතු කරන බව  දැන් පැහැදිලිය. නමුත් ඒ තුළ ද්නට ලැබෙන එකි එක් ලක්ෂන තිබේ. එනම් මෙම ආකෘතීන් අතර අන්තර් ශික්ෂණයක් නොතිබීමයි. උදාහරණයක් ලෙස පුවත්පතක සේවය කරන්නෙකු ලිවිමට පුවත් සංස්කරණයට පිටු සැකසීමට ලිවීමට ප‍්‍රවෘත්ති ගවේශනයට යොමු වෙයි . එය සාමාන්‍ය නමුත් ඔහු කිසි විටක්ත් වීඩියො කැමරාවක් භාවිතයට ගෙන  හෝ එමගින් පටිගත කිරීමකට යොමු වන්නේ නැත. එමෙන්ම විද්‍යුත් ජනමාධ්‍ය වේදියෙකු කිසිවිටකත් පුවත්පතකට ලිපියක් ලිවීමටවත් නිශ්චල ඡුායාරූපයක් ගැනීමටවත් සිය ශික්ෂනය ප‍්‍රගුණ කරන්නේ නැත.  මේ අනුව පැහැදිලි වන්නේ මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, ඡුායාරූප මාධ්‍ය ආකෘතියක් එකිනෙකට අන්තර්   සම්බන්ධ නැත. එසේ හැකියාව ඇති පුද්ගලයකු සිටියත් ඔහුට හෝ ඇයට ඒ සඳහා යොමු වීම අදාළ ආයතනික හා සමාජ ව්‍යුදය විසින් වලක්වායි. මෙහි දී ජනමාධ්‍යවේදියා තමාගේ සීමාවට කොටු වෙයි. නමුත් අප සඳහන් කළ පරිදි විද්‍යාව හා තාක්ෂණයේ දියුුණුව සම`ග මේ සීමා මායිම් එකින් එක  ක‍්‍රමවත්ව බිඳ දමනු පෙනේ. තොරතුරු බෙදා හැරීමේ ක‍්‍රියාවලිය අද වන විට තාක්ෂණය විසින් පියවර ගණනාවකින් ඉදිරියට ගොස් තිබෙන අතර පෙර කී මාධ්‍ය ආකෘති අතරද අන්තර් රඳා පැවැත්මක් නිරූපනය කරයි. පරිගණක ඩිජිටල් කැමරා ස්මාර්ට් දුරකථන අයිපෑඞ් ඩෙබ් අඩවි බ්ලොග් අඩවි ආදිය තොරතුරු තාක්ෂන ක‍්‍රියාවලියේ ප‍්‍රධාන මෙවලම බවට පත්ව තිබේ. 

වෙබ් අඩවි හා බ්ලොල් අඩවි මිනිසාගේ තොරතුරු හුවමාරු කරන ප‍්‍රධාන අංගය බවට පත්ව අවසානය. විශේෂයෙන් මේ ඔස්සේ තොරතුරු හුවමාරුට කිසිඳු බාධාවක් නැත. සියලූම වෙබ් අඩවි ඔස්සේ එකිනෙකට සම්බන්ධ වී ඇත. මේ අනුව එකම අවස්ථාවක එකම සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය ආකෘතික්  හෝ ු ඊට වැඩි ගණනක් ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස බෝම්බ පිපිරීම් දක්වමු. පිපිරීම පිළිබඳ අදාළ ලිපියක් හෝ ඊට අදාළ ඡුායාරූප වාර්ථාවක් සේම වීඩියෝ දර්ශනයක් කිසියම් පුද්ගලයකුගේ ඇසට අසු වූ සාක්ෂියක් හෝ එම ස්ථානයට පිටින් සිටින අයෙකු එම පිපිරීම සම්බන්ධයෙන් දක්වන අදහසක් බ්ලොග් අඩවියට එක් කළ හැකි වෙයි. මෙහි දී ඇති තවත් විශේෂත්වයක් වන්නේ අදාළ ස්ථානයේ දීම ක්ෂණිකව තොරතුරු ලිපියක් හෝ ඡුායාරූපයක් හෝ වීඩියොවක් වෙබ් අඩවියට එක්  කළ හැකි වීමයි. මෙය ස්ථානීය වාර්ථාකරණය ලෙස  හැඳින්වෙයි. ජනමාධ්‍ය යනු කාලය හා අවකාශය අතර පවතින අනවරත අරගලයකි.  

ක්ෂණිව හා වේගවත්ව ජය ගැනීමට නූතන ජන මාධ්‍ය අද වන විට සමත්ව ව ඇති බව දැක්විය යුතුය. මේවා  නව ප‍්‍රවනතාය. මෙහිදී ජනමාධ්‍යෙවිදියාට සිය කාර්යාලයට යෑමට ගතවන කාලයත් අදාළ මාධ්‍ය ආකෘති සකස් කිරිමට ගතවක කාලයත් ඉතිරිවන අතර ඒ මොහොතේම අදාළ අදාළ තොරතුරු රට පුරා පමණක් නොව ලොකයටම  බෙදාහැරීමේ හැකියාවක් පවතියි. එපමණක් නොව පෙරළා තම අදහස ප‍්‍රතිචාරය දැක්වීමටද අවකාශය හිමිවනු ලැබේ. මේ ප‍්‍රවනතාව ජනතාව හා මාධ්‍ය ආයතන අතර පවතින දුරස්ථ බව ඉවත් කරයි. එය කවර ජනමාධ්‍යයකට වුවත් පොදු ක‍්‍රියාවලියකි. අද වන විට සියලූම මාධ්‍ය අතර පවතින්නා වූ  දුරස්ථභාවය අහිමිව ගොස් ඇත. සාම්ප‍්‍රදායික බවක් දැකිය නොහැක් තරම්ය. මෙය කිහිප ගුණයකින් කාළය හා අවකාශය ඉදිරියට යාමකි. ඒ අනුව වර්ථමානයේ අපට හමුවන ජනමාධ්‍යවේදියා සකළ කලාවනගේ ප‍්‍රවීනත්වයට පත් වූ අයෙකි. ඡුායාරූප ශිල්පය ලිවීම විඩියො සැකසීම මේ ආදී වූ සකළ විධ කලාවන්ගේ ප‍්‍රවීනත්වයට පත් වූවෙකි. අද වන විට සියලූම ජනමාධ්‍යවේදීන්ට පරිගණක තාක්ෂණයේ දැනුම අනිවාර්ය අංගයකි. වර්ථමාන ජනමාධ්‍යවේදියා සතු අභියෝගය වන්නේ මේ සකළ විධ කලාවන් ජය ගැනීමයි. සාම්ප‍්‍රදායික ජනමාධ්‍යවේදියා හා නූතන ජනමාධ්‍යවේදියා අතර වෙනස වන්නේ මෙයයි. අන්තර් ක්ෂේත‍්‍ර ශික්ෂාවෙන් තොරවූ ජනමාධ්‍යවේදියාට අද මාධ්‍ය තුළ රැුඳි සිටිම අතිශය දුෂකර කරුණක් වී ඇත. ලංකාවේ ජනමාධ්‍යකරුවන්ගෙන් බොහොමයක් මේ සකළ විධ කලාවන්ගේ නිපුනත්වයෙන් යුතුය.

එසේ ම අතීතයට වඩා  අද වන විට ජනමාද්‍ය සියලූම කේෂ්ත‍්‍ර අභිබවා ඇත. වැඩසටහන් ආකෘති වෙනස් වීම භාෂාවේ, වෙනස් වීම , තාක්ෂනය,(මැදිරි තාක්ෂනය,   වැඩසටහන් නිෂ්පාදනය,   විකාශනය* ග‍්‍රාහකත්වය,    වෙළඳ ප‍්‍රචාරණය මේ ආදී වු සියලූම අංශ අද වන විට නව ප‍්‍රවනතා දක්වනු ලබයි. 

Comments

Post a Comment

Popular Posts