පස්දුන් කෝරලය හැඩ කරන රෑණකන්ද( Runakanda)
ලංකාවේ අනෙක් රටවලින් සුවිශේෂ වන්නේ අංශ කිහිපයක් පදනම් කරගනිමිනි.එහි දී වැදගත් සුවිශේෂි කරුණක් වන්නේ ලංකාව තුළ පවතින අපරිමිත ස්වභාව සෞන්දර්යයේ අපූර්වත්වයයි' දෙස් විදෙස් සංචාරකයන්ගේ අපමණ ආකර්ෂණයට ලක් වු මෙම කුඩා රාජ්ය වඩ වඩා සුුන්දර වීම කෙරෙහි ලංකාව සතු ජෛව විවිධත්වය බලපා ඇත' ඒ අනුව ලංකාව යනු ජෛව විවිධත්වයෙන් අනූන කුඩා දූපතකි' වර්ග කිලොමීටර් 65610 ක් වැනි ඉතා කුඩා භූමියක සුවිශේෂි වනාන්තර හමුවෙයි. ඒ අතරින් පහතරට තෙත් කලාපීය වැසි වනාන්තර කෙරෙහි හිමි වන්නේ වැදගත් තැනකි' මන්ද යතොත් මෙම වනාන්තර තුළ පවතින්නේ ඉහළ මට්ටමේ ජෛව විවිධත්වයකි' ඒ අනුව පහතරට වැසි වනානතර ආශිි‍්‍රරතව ජෛව විවිධත්වයෙන් හෙබි වනාන්තර රාශියක හමු වෙයි' සිංහරාජ වනාන්තරය " දෙදියගල නාකියාදෙනිය යගිරල කලූගල රූමස්සල ආදි වනාන්තර ඒ අතරින් සුවිශේෂි ඉතා ඉහළ මට්ටමේ ජෛව විවිධත්වයක් පවතින වනාන්තර කිහිපයකි' ඒ අතරින් කලූතර දිස්ත්රික්කයේ අගලවත්ව බදුරලිය ප්රදේශයේ පවතින රූණකන්ද වන කොමළිය පස්දුන් කොරළයට එක් කරනුයේ අපමණ සුන්දරත්වයකි'
පස්දුන් කොරළයේ සුන්දරත්වය වඩ වඩා ඉහළ නංවන මෙම සුන්දර වන කොමළියක පිළිබඳ තතු මෙලෙස ඔබ හමුවේ දිග හරිමි. පිවිසුම් මාර්ගය මෙසේ ය මෙම වනයට පිවිසීමට පිවිසුම් මාර්ග ගණනාවක් ඇත' නමුත් ඉන් ප්රධාන හා වඩා පහසු මාර්ගය වන්නේ අත්වැල්තොට හා දික්හේන මාර්ගයයිි' කොළඹ සිට මතුගමට දිවෙන ප්රධාන මාර්ගයේ පැමිණ බදුරලිය පසුකර කිලොමීටර ක් පමණ ගිය විට අත්වැල්තොට හංදිය හමුවෙයි' එම හන්දියෙන් දකුණට හැරීී කිලොමීටර 16 ක් පමණ ගිය විට මාන්නවත්ත නමති සුන්දර ගම්මානය හමු වෙයි. හැඩිගල්ල දික්හේන ප්රදේශයේ සිට පැමිනෙන්නේ නම් මගුරු ගග තරණය කර කිලෝමීටර් 06ක් පමණ ගිය විට මාන්නවත්ත ගමට පිවිසිය හැකිය'
යමෙකු මෙම වනයට පිවිසෙන්නේ නම් ඔහුට සිංහරාජ වනයට පිවිසි හැගීම ඇති වෙයි. කලූතර දිස්ත්රික්කයේ පාලින්ද නුවර ප්රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මෙම වන පියස තවමත් යෝජිත රක්ෂිතයක් වීම කණගාටුවට කරුණකි' මෙම වන පියසේ නියමුවා උදය චානක මහතා මෙම වන පියස පිළිබඳ සුවිශේෂි කරුණක් අප හමුවේ තැබීය' ඔහු පිළිබව සදහන් කළහොත් රූණකන්ද යෝජිත රක්ෂතයක් බවට පත් කිරීමට මෙන් ම රූණකන්ද වන සංරක්ෂණ මධ්යස්ථානයේ ආරම්භක පුරෝගාමි සාමාජිකයාය'.එසේ ම ඔහු මෙම වන පියස සුරක්ෂාව වෙනුවෙන් කරනු ලබන සේවාව අමිල ය.
රූණකන්ද වන පියස අතීතයේ දී සිංහරාජ රක්ෂිතයේ ම කොටසක් බව ඒ මහතා අප සම`ග පැවසීය. නමුත් සිදු වන්නා වු වනාන්තර හරණය හේතුවෙන් එකී තත්වය අවාසනාවන්ත ලෙස බලපෑම්කාරී තත්වයකට යොමු විය'
ඒ අනුව වර්ෂ 1970 දශකයෙන් පසුව සිංහරාජ වනාන්තරයෙන් රූණකන්ද වන පියස ක්රමයෙන් වෙන් වන්නට විය' විශේෂයෙන් මෙයට හේතු වී ඇත්තේ වනාන්තර හරණයත් විදේශිය ආර්ථික භෝග මෙරට ආක්රමණය කිරිමත්ය' වර්තමානය වන විට මෙම වන පියසෙහි සම්පුර්ණ විශාලත්වය හෙක්ටයාර 4500ක් පමණ වෙයි'
රූණකන්ද වනාන්තරය තුල කුඩා ගම්මාන 3ක් පවතියි. ඒ දෙනිහේන කලූන්දාව හා හිගරුවැල්කැටිය යි. මේ ගම්මානය ආශ්රිතව මෙම ගම්මාන තුළ ප්රධාන පරම්පරා රාශියක් පවතියි. ඒ අතරින් වෑ මුල්ලගේ පරම්පරාව, හපුආරච්චි පරම්පරාව, වික්රමාරච්චි පරම්පරාවත් වැදගත් කොට සැලකිය හැකි පරම්පරා කිහිපයක් වෙයි' අදටත් එම පරම්පරා එම ගම්මාන ආශ්රිතව ජිවත්ව සිටියි' මෙම ගම්මාන අතුරින් පැරණිතම ගම්මානය වන්නේ දෙනිහේනයි'. මෙම ගම්මානයට ප්රථමයෙන් ගැමියෙකු පැමිණ ඇත්තේ අගලවත්ත ඕමත්ත ප්රදේ්ශයෙනි' වර්ථමානයේ මෙම වන පියසෙහි දිවි ගෙවන ගැමියාේ ප්රධාන ජීවනෝපය වන්නේ වී වගාව රබර් වගාව හා තේ වගාවයි'
රූණකන්ද වන පියසට පා තැබූ ප්රථම චාරිකාව පිළිබඳ තතුු උදය චානක මහතා අප හමුවේ සිය අදහස් දැක්වීය. එය ඇත්තෙන්ම අපූර්ව අත්දැකීමකි' වන පියසෙහි සුන්දරත්වය මෙන් ම එම ගම්මානයේ දී ඔහුට හමු වූ අපුර්ව මිනිසෙකු පිළිබඳ මෙසේ අප සමග පැවසීය'
“රූණකන්ද වනාන්තරයේ සංචාරය කරන විට අප බොහෝ විට නවාතැන් සපයා ගනු ලබන්නේ රූණකන්දේ මහ වනය මැද ඇති තැන්නවත්ත නමැති ප්රදේශයේ රංජිත් මාමාගේ කටු මැටි ගැසූ නිවසෙහි ය' මෙම තැන්නවත්ත ප්රදේශයට රංජිත් මාමා ගේ නිවස හැරුණු විට ඇත්තේ තවත් එක් නිවසක් පමණි. තැන්නවත්ත යනු රූණකන්දේ ඇති අති සුන්දර ම ඉසව්වකි ' මහා වනයෙන් වට වූ වගුරු බිමක් සහ අවු 10 කින් පමණ වගා නොකළ කුඩා කුඹුරක් ද ඇති මෙම ඉසව්ව පක්ෂින් නිරීක්ෂණයට නම් තෝතැන්නකි'”
“රංජිත් මාමාගේ නිවසට මා පළමු වරට ගොඩ නැගුණු දිනය මගේ ජීවිතයේ කිසිදාක අමතක නොවේ' මන්දයත් වරක් අපි සත්දෙනෙක් දික්හේන ප්රදේශයේ සිට මගුරු ගඟ තරණය කොට මන්නවත්ත දෙසට එමින් සිටියෙමු' අප ඉදිරියෙන් වැටී තිබුණු අඩි පාර කිලෝමීටර 04ක දුර අප රැුගෙන ආවේ ය' මන්නවත්ත දක්වා දිවෙන අඩි පාර වැටී තිබුනේ රංජිත් මාමාගේ මිදුල මතිනි' අප එදා පළමු වරට රංජිත් මාමාගේ නිවසට ගොඩවදින විට අප ඉන් පෙර එකිනෙකා දැන හªනාගෙන තිබුණේ නැත' මොහොතකින් අප ඉදිරියේ තේ කෝප්ප 14ක් ද සමග රංජිත් මාමා පෙනී සිටියේ ය. අපගේ කණ්ඩායමට සත්දෙනෙකි' අප එකිනෙකාගේ මුහුණු දෙස බලා ගතිමු' තේ කෝප්ප 14ක් අපට මතු වූ ගැටළුව එය විය.හ' බැලූ බැල්මට තේ කෝප්ප 14ක් ලෙස පෙනුණ ද එහි වූයේ තේ කෝප්ප 07ක් පමනි. ඉතිරි කෝප්ප පිරී තිබුනේ කිතුල් පැණිවලිනි. එදා අපි ජීවිතයේ ප්රථම වරට රංජිත් මාමාගේ නිවසේදී කිතුල් පැනි සමග තේ බීවෙමු' එවැනි කිතුල් පැනි තරම් ම මිහිරි වූ සොදුරු අත්දැකීමකට ඊට පෙර මුහුන දී නොසිටි අප හැමදෙනා ම එයින් කුල්මත්ව සිටි බව කිසිදු පටලැවීමක් නොමැතිව නිහඬව ම තම තමන් අත වූ කෝප්ප දෙකට මාරුවෙන් මාරුවට තොල තබන අපේ අයගේ මුහුණුවලින්ම පෙනිණ. අපට පැය ගණනාවක් යන තුරු කිසිදු කුසගින්නක් නොදැනුණේ එම තේ කෝප්පයට පින්සිදුවන්නට ය. මෙසේ හදුනා ගත් රංජිත් මාමාගේ නිවසට මා ඉන් පසුව අවස්ථා ගනනාවකදී ම ගොස් දින ගනනාවක් ම එම නිවසේ රැුදෙමින් රංජිත් මාමා සමග හවස් කාලයේ කථාවට වැටී මාමාගේ වන ගත ජීවිතයේ තොරතුරු බොහොමයක් දැන ගන්නට හැකි විය.”
මේ ඔහුගේ ප්රථම අත්දැකීමයි. රංජිත් මහතා මේ වනය පිළිබඳ බොහෝ අදහස් පැවසීය. ඔහු ඒ පිළිබඳව මෙසේ සඳහන් කළේය. ඔහු මේ මූකලානට පැමිණ ඇත්තේ 1975 පමණය. ඒ වන විට සිංහරාජ වන රක්ෂිතය විනාශයට ආරම්භ කළ සමය බැව් ඔහු පවසා ඇත.
උදය චානක මහතා පැවසූ පරිදි රූණකන්ද වන පියස පිළිබඳව කරුණු රාශියක් රංජිත් මහතාගෙන් දැන ගැනීමට හැකිව ඇත. ඒ අනුව ඔහුගේ ප්රථම සංචාරය තුළින් ඉතා විශාල කරුණු රාශියක් දැන ගැනීමට හැකියාව ලැබී ඇත. රූණකන්ද පිළිබඳ රංජිත් මාමා උදය චානක මහතා සමග පැවසූ තම අදහස් මා සමග පැවසීය. ඇත්තේන් ම එය ඉතා අපූරිව කථාවකි. එය රංජිත් මාමාගේ කටහඩින්ම දැක්වූයේ නම් ඔබගේ විශවාසය ඒ කෙරෙහි වඩාත් යොමු වේ යැයි මම සිතමි. මේ ඔහුගේ කටහඩයි.
“මේ මූකලානෙත් තිබුණ ගස් ආණ්ඩුවෙන් කැපුව. මම මෙහෙට ආවේ ඒ වැඩවලට. ඒ කාලෙ මේකෙ නොහිටිය සතෙක් නැහැ. අද මේ ගොඩක් තැන්වල තියෙන්න කැලේ කැපුවට පස්සෙ ඇති වුණූ කැලෑව. මෙකෙ තිබුණෙ තුන් හතර දෙනෙක්ට එකතුවෙලා බදන්න බැරි තරම් මිල්ල ගස්. මං හිතන්නෙ ඒ ගස් අවුරුදු 300ක් විතර පරණ ඇති. මේකෙයි සිංහරාජ මහ මූකලානෙයි ඒ හැටි වෙනසක් තිබුණෙ නැහැ. මේක ඒ තරම්ම ඝන කැළෑවක් මහත්තයො ඒ කාලෙ මෙහෙ වැඩ කරන ගමන් මං පැලක් අටව ගත්තග මගෙ පැල ඉස්සරහින් තමයි කොටන් අදින පාර වැටිල තිබුණෙ. හවස් යාමෙට මගෙ පැල ඉස්සරහින් කොට පටවගෙන ලොරි 50ක් විතර යනව. ඒ කාලෙ ගස් කපපු විදිහට මම හිතුව මේක ගම්මානයක් වෙයි කියල. ඉතින් මම හිමීට මගේ මේ පැල හොදට කටු මැටි ගහල උළු එහෙම තියල හදා ගත්ත. ඒ අතර ගෙට පහල මඩ වගුරෙ පොඩි කුඹුරු කෑල්ලකුත් හදා ගත්ත. ඒ වෙනකොටත් මම හිරයක් අරගෙන මට ළමයි තුන් දෙනෙක් හිටිය. මන්නවත්ත ඉස්කෝලෙට තමයි ළමයි ගියෙ. මෙතන ඉදල වි 20න් කැලේ මැදින් ම තමයි ළමයි ඉස්කෝලෙ ගියෙ.”
“ඔය අතරෙ හදිසියෙම කැලේ කපන එක තහනම් කෙරුව. වැඩට ආපු මිනිස්සුත් යන්න ගියා. ආපහු මෙහෙට කවදාවත් ලොරි ආවෙත් නැහැ. ඒ වෙන කොට මේ අවට පවුල් 06 ක් විතර පදිංචි වෙලා හිටිය. කැලෑ මහත්වරු අපිව මෙහෙන් එළවන්න කොච්චර දත කෑවත් අපි ගියෙ නැහැ ඒ වෙන කොට මම ළමයි 08 දෙනෙක්ගෙ අප්පුච්චෙක්. අන්තිමේ කොහොම හරි මම වලි කාල බල පත්රයක් හදා ගත්ත අක්කර 03 කට. කෑලෑව කපන එක නැවැත්තුවට පස්සෙ අපි ජීවත් වුණෙ කිතුල් ගහේ පිහිටෙනුය. කූඩ වියලයි. ඒත් ටික කාලෙකින් කූඩ වියන එකත් නතර වුණා වේවැල් හිග වුණ නිසා. අනික කැලෑ මහත්තුරු ඒව කපන්න තහනම් කරා. අන්තිමට කිතුල් ගහ තමයි අපිට පිහිටට හිටියෙ. මලක් හදන්න ගත්තාම ඉතින් වෙන වැඩ මුකුත් බැහැ ඒකට උදේ හවස කැපවෙන්න ඕන. වැස්සත් පෑවුවත් වෙලාවට මල කපන්න නම් ඕන. නැත්නම් මල දිග හැරෙනව. වැස්ස කාලෙට තමයි බය මට කිහිප දවසක් ම හෙණ වැදුණ කිතුල උඩදි. දෙයියන්ට පිං සිද්ද වෙන්න යන්තම් ජීවිතේ බේරුණා'”
“මේ කැලේ ඉන්න කොට හරි හරි වැඩ වෙනව. දවසක් පාන්දර ජාමෙ ඉස්සරහ කුඹුරට පොඞ්ඩක් එහායින් වල් ඌරෙක් බෙරිහන් දෙන්න ගත්ත. මට ඇහුණෙ නිකම් මගෙ කන ළග බෙරිහන් දෙනව වගේ. මම විගහට ලොකු පුතාවත් ඇහැරව ගෙන කුඹුර පැත්තට චෝට් එක ගැහුවා ම කුඹුර අයිනෙ කොටි තඩියෙක් ඌරෙක් ගෙ බෙල්ලෙන් ම අල්ල ගෙනග මම විගහට පොල්ලකුත් කඩා ගෙන ටිකක් ලං වෙන්න හදන කොට ම මේක කැලෑව දෙබෑ කරගෙන දිව්වෙ. ඒ වෙන කොටත් ඌරට නම් වෙන්න ඕන දේ වෙලාග අපි දෙන්න එක්ක කඩා ගත්ත පොල්ල ම ඌරගෙ කකුල් අස්සෙන් දලා ගැට ගහ ගත්තග මටයි පුතාටයි උස්සන් එන්න බැරි තරම් මූ බරයිග ඒකා එ් තරම් ම ලොකුයි .
ඒ වගේ ම දවසක් දික්හේනෙන් ආපු කටිටියක් ඉත්තෑවො දඩයම් කරන්න ඇවිත් ගල් ගුහාවකට රිංගල ඒක්කෙනෙක්ව කොටිය කාල තිබුණ යන්තම් ජීවිතෙ බේර ගෙන තිබුණෙ. දැන්නම් මේකෙ ඉස්සර තරම් කොටි නැහැ. මේ ළගදිණම් කෑ ගහනව ඇහුණ. ඉස්සර තිබුණු මූකලාන තිබුණනම් මේකෙ ඇවිදිනත් බය හිතෙනව. ඒත් දැන්නම් හොදට කැලේ වැවිල. ඒත් මහ ගස් නම් අඩුයි.”
“තව දෙයක් තමයි ඉස්සර මම හැම තිස්සෙම මාලූ අල්ලන්න යනව. ඒ කාලෙ අහුවෙනව වගේ දැන් කොහෙද මාලූ අහුවෙන්නෙ. හොරපොලයො ( ලෙහෙල්ලා * හිටිය මගේ කකුලට වඩා ලොකුඋන්. වැස්ස දවස්වලට නම් මාලූ බානව. පායන කාලෙට නම් දැල් දානව. කෙමින අටවනව. අද ඉන්න උන් කෙමිනක් වත් වියා ගන්න දන්නව ද ? දැන්නම් මගේ ළමයි කවුරුවත් මෙහේ නැහැ ඔක්කොම මෙහෙන් යන්න ගියාග. එක පුතෙක් නම් හිටපු ගමන් එනව ඇවිත් මාත් එක්ක කිතුල් මදිනව. මට නම් මේක දලා යන්න හිතෙන්නේ නැහැ. මන්නවත්තෙ ඉස්කෝලෙත් වැහුණ. ලොරි ආපු පාරවලූත් කැලේට ම ගියා. ඒත් අපි මේකට බොහොම කැමතියි. මම කවදාවත් සෙරප්පු දාල නැහැ දැන් අවු 20 කින් විතර කිසි ම ඉංශී්රසි බෙහෙතක් බිව්වෙ නැහැ. අඩු ම ගානෙ පැනඩොල් පෙත්තක්වත්”
ළමයින් මෙහෙන් ගියාට පස්සෙ මම කුඹුර කරන එකත් අත හැරිය ගේ වටේ තේ පොඞ්ඩක් වවා ගත්තග මන්නවත්තට දළු ටික ගන්න ලොරිය එනවනෙල අපි උදේ නැගිට්ට ගමන් අතට ගන්නෙ මල් පිහියයි මුට්ටියයි. එක ගහක දෙකක විතර රා දානව. අනෙක් ඒවායේ තෙල් දිය තමා. මුලින් ම රා ටිකක් බීල ඉන්නව. ගහ උඩදිම. ඒක අපේ උදේ කෑම වගේ තමයි. ඇගට හොද පණක් ලැබෙනව නෙ. මල් ටික කපල ඇවිත් තෙල් දිය ටික ලිපෙත් තියල තමයි උදේට කන්නෙ.
අපි ඉතින් තුන් වේලටම බත් තමා කන්නෙ. තාම මගේ මේ ඇගේ දුවන්නෙ කෑලේ කෑමවල හයියහත්තිය තමයි මහත්තයො.මහත්තයලට නම් මේක කියන්න ම වෙනව. මේ පිට ඉන්න අයයිල කැලෑ මහත්වරුයි හිතාගෙන ඉන්නෙ මේ කැලේ සත්තු ටික මරන්නෙ. ගස් ටිකට වැඬේ දෙන්නෙ අපි කියල. ඇත්තටම මහත්තයො අපි ගහක් කැපුවොත් කපන්නෙ කිතුලක් හැර ගහන්න තමයි. නැතුව මේකෙ මහ ගස් අපි නම් කපන්නෙ නැහැ. එහෙන් මෙහන් එන පිට එකාල තමයි මේ ගස් සේරටම වැඬේ දෙන්නෙ. මේව ගොඩක් කරන්නෙ මේ බලපුළුවන්කාරයො. ඕකුන් ම තමා මේකෙ ඉන්න ඌරො ටිකටයි ගෝන්නු ටිකටයි වැඬේ දෙන්නෙ. තව උන් ටිකක් ඉන්නව පොඞ්ඩක් පායපු ගමන් ගඟට ඩයිනමයිට් දානවග තව මොනවදෝ බෙහෙත් ජාතියකුත් දානව. අපේ කාලෙ ඉදල මේකෙ ඉන්න උන් ගෙන් නම් මේ වගේ මහ විනාශයක් මේ කැලේට වුණේ නැහැ. අපිත් ඉස්සර සත්තු මැරුවල ගස් කැපුව. ඒත් ඒ කවදාවත් එහෙම කරේ විකුණන්න නෙමෙයි. අපි ජීවත් වෙන්නෙ මේ මූකලාන නිසා. ඒ නිසා මම ඉන්නකම් මේකට ජරා වැඩ වලට එන උන්ට මගෙන් නම් කිසි සමාවක් නැහැ. කරුමෙ කියන්නෙ මහත්තයො මේව දැක දැකත් මේ පොලීසියයි කැලෑ මහත්වරුයි නිහඩව ඉන්න එකනෙ ඉවසන් ඉන්න බැරි.”
මේ උදය චානක මහතා මා සම`ග පැවසු විස්තරයයි. කෙසේ වෙතත් රංජිත් මහතාගෙන් රූණකන්ද වන පියස පිළිබඳ විශාල තොරතුරු ප්රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.ඇතැම් කරුණු සත්යතාවයෙන් දුරස් වුවද ඒ පිළිබඳ එතරම් තැකිය යුතු නොවේ යැයි මට සිතෙයි. මෙම වන පියස පිළිබඳව මා කරනනට යෙදුන අධ්යනයෙ දී උදය චානක මහතාගෙන මා හට ලැබුනු උපකාරය ඉතා ඉහළය. ඒ පිළිබඳ මා එහුට ඉතා ස්තුතිවන්ත විය යුතු වෙයි‘
රංජිත් මාමගේ කථාව සම්පුර්ණයෙන් ම මෙහි නැතත් ඔහුගෙන් කියවුණු බොහෝ වැදගත් කරුණු මෙහි මා සදහන් කරනු ලැබුවේ එම කරුණු ඉතා වැදගත් බැවිනි. ඒ කාලෙ කැලේ කැපීම සඳහා පැමිණි ලොරි ගමන් ගත් මාර්ග අදටත් මේ වනයේ දැක ගත හැකි යැයි චානක මහතා මා සමග පැවසීය'
මෙම වන ජල විද්යාත්මක ලක්ෂණ මෙන් ම ජීව විද්යාත්මක ලක්ෂන ද බොහෙමයකි. විශේෂයෙන් ඒක දේශික ශාක සතුන් බොහෝමක් මෙම වන පියසෙහි හැක ගත හැක.රූණකන්ද වන පියසෙහි දැක ගතත හැකි ශාක විශේෂ බොහොමයකි. විශේෂයෙන් ම මෙහි යට කී පරිදුදෙන් ඒක දේශික ශාක බොහොමයකි.
මෙවන් සුන්දර පරිසරයකින් හෙබි සුව්දර වන පියසක් මා ජීවත්වන පස්දුන් කෝරළයේ තිබීමත් ඇත්තෙන්ම මා හට අභිමානයක් ගෙන දෙන කරුණකි. සුන්දර ගම්මාන තුනකින් සුරැකෙන මෙම රූණකන්ද වන කොමළිය කෙරෙහි ප්රදේශයේ සියලූ දෙනාම ඉතාමත් ආදරයෙන් පසු වෙයි. මන්නවත්ත ඇල්ල රූසිගල මේ ආදී කුඩා දියපහරවන්වලින් රූනකන්දට එක් කරනුයේ අපූර්ව චමත්කාරයකි. එසේ ම අතිශය දුර්ලභ ශාක සත්ව මෙන්ම පක්ෂි විශේෂ ද මෙම වන පියසෙහි වෙයි. සිංහරාජ වන අඩවියත් සම`ග එක්ව විසු මෙම වන කොමළිය ක්රමක් ක්රමයෙන් ඒ කෙරෙන් වෙන් වී ඈත් වී ඇත. නමුදු එකී ඈත් වීම එතරම් සුබ දායක යැයි මටනම් නොසිතෙයි.
රූණකන්ද යොජිත රක්ෂිතය හරහා ගලා බසින ම`ගුරු ගෙ`ගහි ජල මට්ටම ඉතා විශාල වශයෙන් පහළ ගොස් ඇති බැව් දැකගන්නට ලැබින. විශේෂයෙන් පෙර වර්ෂයන්ට වඩා මෙය ඉතා පැහැදිලි වර්ධනයක් බව දැන ගැනීමට හැකි විය. මෙ කෙරෙහි වඩාත්ම බලපා ඇති ප්රධානතම කරුණ වන්නේ වනාන්තරහරණයයි. නුදුරේදීම අපට පානීය ජල අර්බුදය කෙරෙහි වඩා අවධානය යොමුව යුතුවන කාලය පැමිනේවි යැයි මට සිතෙයි.
විශේෂයෙන් මෙම වන පියසට එල්ල වී ඇති ප්රධානතම ගැටලූව වන්නේ මෙහි සීමා මායිම් අදවන විටත් ලකුණු කර නොතිබිමයි. මේ හේතුවෙන් විශාල වශයෙන් මිනිසුන් නිවාස තැනීම හා වගා කටයුතු සඳහා බිම් එළිපෙහෙලි කිර තිබීම දැක ගත හැකි වූ තත්වයකි. උදය චානක මහතා පවසා සිටියේ අගලවත්ත ප්රදේශයෙන් සිදු වන දැව ජාවාරම් හා සතුන් දඩයම් විශාල වශයෙන් සිදු වන්නේ මෙම වනාන්තරයෙන් බවයි. විශේෂයෙන් ම`ගුරු ග`ග ආශි්රතව දැඩි ලෙස වැලි ගොඩදැමීම සිදු වන බවත් ඒ හේතුවෙන් ගං`ගාව ආශ්රිතව දෙපස ඉවුරු ඛාදනයට ලක්ව ඇති බවත් පෙනෙන්නට තිබුනි. මෙහිදී උදය චානක මහතා රූණකන්ද ආශි්රතව පවතින දැඩි තර්ජනයක් පිළිබඳව පැවසීය. පසුගිය සමයේ මෙම සුන්දර ජල පද්ධතිය විනාශ කරමින් එක්තරා පෞද්ගලික ආයතනයක් විදුලි බලාගාරයක් තැනීමට උත්සහ දරා ඇත. එම ක්රියා දාමය පරිසර මිතුරෝ සංවිධානය හා අගලවත්ත අඩවි වන කාර්යාලය එක්ව වලක්වා ගැනීමට හැකිව තිබේ. අලූයට පවතින ගිනි පුපුරු සේ කවදා කෙදිනක යලිත් ගිනි පුපුරු දැල්වෙදැයි නොදනිමි. නමුති ඒ පිළිබඳව වඩාත් අවධානයෙන් යුතු වීම සැමගේ වගකීමකි.
රූණකන්ද වන පියස කෙතරම් ජෛව විවිධත්වයකකින් හෙබි වන පියසක් වුව ද එය යොජිත රක්ෂිතයක් වීම කණගාටුදායකය. ඒ හේතුවෙන් මෙහි කිසිඳු සංචාරක පහසුකමක් වර්ධනය වී නොමැත. නමුත් මෙම වනපියස නැරඹීමට අයෙකු වේ නම් අගලවත්ත අඩවි වන කාර්යාලයෙන් අවසර ලබාගෙන මෙම සුන්දර වන පියසෙහි අත්දැකීම විදිය හැකිය. විශේෂයෙන් ම මෙම රූණකන්ද වන පියස කේන්ද්රකරගනිමින් එහි ආසන්නයේ ජෛව විවිධත්ව මිතුරන්ගේ රූණකන්ද සංචාරක මධ්යස්ථානයේ නවාතැන් ගනිමින් වන පියසනැරඹීමේ අවකාශය හිමිව ඇත.
කෙසේ නමුත් මෙම වන පියස නැරඹීමට පැමිණෙන්නේ නම් ඔබ වඩාත් සැලකිල්ලෙන් යුතුව හා එහි පරිසරයට කිසිදු හානියක් නොවන අන්දමින් කටයුතු කිරීම යුතු වෙයි. රූණකන්දට පිවිසෙන ඔබ බා සටහන් හැර වෙන කිසිවක් එහි නොතබා යන්න. සේ යා රූ පමණක් රැුගෙන යන්න.
Good job👍👍👍
ReplyDeleteGood job👍👍👍
ReplyDeleteSupper...👌👌👌
ReplyDelete