කෝලම් නාටක සම්ප‍්‍රදාය


ශ‍්‍රී ලාංකේය ප්‍රෞඩත්වය විදහා දක්වන කෝලම් නාටක සම්ප‍්‍රදාය

ආල වෙලා පියසේ  පටන් මම කෝල නැතුව සබයේ මේ දැන් //
බාල මෙමගෙ වැරදී නොගන් මෙම රාල හාමිලහට ආයුබෝවන්//


ශ්‍රී ලාංකිකයන් හැටියට අපට ප‍්‍රෟඪ ඉතිිහාසයක් පවතියි. ආගම,කලාව,සිරිත් විරිතa,මේ ආදී වූ නා නා විධ සංස්කෘතිකාංගයන්ගෙන් සුපෝෂිතය. ලොව කිසි රටකට දෙවනි නොවන සංස්කෘතියක් පැවතීම කෙරේ අභිමානය අප කා අතරත් පවතියි. නාට්‍ය ඉන් එක් සස්කෘතිකාංගයක්  පමණි‘. සංස්කෘතික කෝලම් සම්ප‍්‍රදාය දේශීයත්වය,දේශීය සංස්කෘතිය, ලොවට විදහා දක්වන අපූර්වතම කලාංගයකි.

මෑත කාලීනව කෝලම් සම්ප‍්‍රධාය ක‍්‍රමයෙන් අභාවයට යනු පෙනේ. නමුත් වර්තමාන ප‍්‍රාසාංගික වේදිකාවේ ඇතැම් චරිත රග දක්වනු දැකිය හැකි ය.නමුත් කෝලම් චරිත බොහොමයකි.එකී සෑම චරිතයක් ම කෝලම් නාටක ර`ග දැක්වීමේ දී ඓන්ද්‍රියබද්ධව රග දක්වයි.එ පරිද්දෙන් කෝලම් සම්ප‍්‍රධාය පුළුල් ප‍්‍රදේශයක පැතිර යන්්නා වූ දේශීය සංස්කෘතියක අනන්‍යතාවය විදහා දක්වන්නක් නිසා ඒ පිළිබඳව අවධානය  යොමු කිරීම මැනවි. ඕනෑ ම කලාවක් විදෙස් රටකින් ආභාසය ලැබුව ද එයට ම ආවේණික ස්වදේශිකත්වයක් එක් කර ගැනීම සිරිතයි.විද්වත් මතය අනුව කෝලම් නාටක ලාංකිකත්වයට ඔබින ලක්ෂණයන්ගෙන් ආඪ්‍ය වූ බව නම් සත්‍යයකි.‘කෝලම්’ යන වචනාර්ථය මෑත කාලීනව භාවිත කරනුයේ හාස්‍ය උපහාසය මවනු පිණිස ය. නමුදු ඇතැම් විද්වත් මතයන්ට අනුව කෝලම් යනු ”උසුළු විසුළු පාමින් හාස කරවන නළු නාටකයන්ගේ විපරිත රංග කාර්යන්හි එකතුවකි. ‘කෝලම්’ යන වචනය සිංහල පොත්පත්හී සොයා ගැනීම අසීරු කාර්යයකි. කෝලම් යන පදයට සමාන පදයක් ජාතක අටුවා ගැටපදයේ වූ සරභංග ජාතකයෙහි යෙදෙයි.එය ”කෝල්” යනුවෙන් හැඳින්වෙන අතර එය විරූපාකාරය යනුවෙන් අර්ථ දෙයි. එය හැරුණු විට පැරණි පුස්තකයන්හි දී මෙ බඳු පදයක් සොයා ගැනීම අපහසුය.කෙසේ වෙතත් කාලාන්තරයක් යන විට  ඕනෑම භාෂාවක පද අර්ථ වෙනස් වීම ලක්ෂණයයි. ඒ අනුව කෝල් යන වචනය ක‍්‍රමයෙන් විකාශය වී කෝලම් ලෙස අර්ථ විය.

  මෙ කෙසේ වෙතත් කෝලම් නාමය මලයාලම් ඇතුළු දකුණු ඉන්දීය භාෂා කිහිපයක යෙදෙයි.තෙලිගු බසෙහි කෝලම් ලෙස නර්තනය අර්ත දෙයි. කණ්නඛ බසෙහි වේෂ නිරූපණය යන්න අරුත් දෙයි.තුළු බසෙහි යකුන් නැටීම ද ලාංකික දමිළ ජනතාව උත්සව අවස්ථාවන්හි දී  බිම සරසන රටාවන් කෝලම් නමින් හඳුන්වනු ලබයි. එසේ ම බටහිර  බෙංගාල ප‍්‍රාන්තයට අයත් එක්තරා ජන කොටසක් හඳුන්වනු ලබන්නේ කෝලම් නමිනි. කෙසේ වුවත් කෝලම් සම්ප‍්‍රදාය දේශීය සම්ප‍්‍රදායක් ලෙස විකාශනය වී තිබේ. කෝලම් සම්ප‍්‍රදායේ උපත පිළිබඳ කිසිඳු පුරාණ පුස්තකයක නිශ්චිත සඳහනක් නොමැත.

වදාළ බස් පිළිගෙන රජ එදිනේ
සදා කැපූ කෝලම් රුව එදිනේ
නදා සිතින් රග දැක් වූ සඳිනේ
එදා බිසව දොළ දුක සංසිඳුනේ

මේ අනුව කෝලම් උපත බිසවකගේ දොළ දුකක් සංසිඳුවීම මූලික කොට ගෙන උපත ලද බව ප‍්‍රකට වෙයි.  එකළ මහා සම්මතනම් රජෙක් විය. නා නා විධ රූ යොදා ගනිමින් විකට සිනා කෙළි ඇතුළත් රංගනයක් නැරඹීමේ දොළක් මහා සම්මත රජුගේ බිසවට හට ගැනුණි. රජු කොතෙක් වෑයම් කළ ද තම බිසවගේ ආශාව පූර්ණය කර දීමට රජුට  නොහැකි විිය. මේ නිසා රජු දඅඩි ලෙස ශෝකී බවෙන් සිටියේය. රජුගේ ශෝකී බව දුටු ශක‍්‍ර දේවේන්ද්‍ර තෙම මෙයට විසඳමක් සෙවීමට   විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා උපදෙස් ලබා දුන්නේය. හෙතෙම සඳුන් ලීයෙන් වෙස් මුහුණු තනවා ඒවා පැළඳ රගන ආකාරය සඳහන් පුස්තකයක් ද උයනෙහි ප‍්‍රදර්ශනය කොට තැබුවේ ය. එකී වෙස් මුහුණු දුටු රාජපුරුෂයෙක් මෙය  රජුට සැල කර සිටියේ ය.රජු මේ බව දැන බොහෝ ප‍්‍රීතියට පත් විිය.ඒ අනුව දක්ෂ නර්තන ශිල්පීන් ගෙන්වා මෙය රග දැක් වූ අතර රංගය අවසානයේ බිසවට සිනා පහළ වී දොළ දුක සංසිඳුනි. 

            මෙකී මූලික සංසිද්ධිය හැරුන විට වාහ නම් රජෙකු පිළිබඳ ඇතැම් කවි වල සඳහන් වෙයි.කෙසේ නමුත් මහා සම්මත රජු හෝ වාහ රජෙකු පිළිබඳ ඓතිහාසික පුස්තකයන් හි නිශ්චිත සඳහනක් නොමැත.තව ද ජෝන් කැලවේ විසින් චසකස්එ නම් රජෙකු පිළිබඳ සඳහන් කළ ද එය ද මිථ්‍යාවකි.  
                          
  එක් එක් සම්ප‍්‍රධායන් ප‍්‍රචලිත ප‍්‍රදේශ පවතියි.කෝලම් සම්ප‍්‍රධාය බෙහෙවින් ප‍්‍රචලිත වන්නේ පහතරට ප‍්‍රදේශ වලයි.පහතරට ප‍්‍රදේශ අතරින් මිරිස්ස,අම්බලංගොඩ ද ,රයිගම් කෝරලය හා අළුත්ගම,මතුගම ප‍්‍රදේශ ද ගම්පහ ප‍්‍රදේශ ද කෝලම් සම්ප‍්‍රදාය සඳහා ප‍්‍රචලිතය.ටී.ඩබ්.පෑලිස් ගුරුන්නාන්සේ, තොටගමුවේ බාප්පු ගුරුන්නාන්සේ, ටී.ඩබ්.ඔයිනිස් ගුරුන්නාන්සේ ආදීහු මෙම සම්ප‍්‍රදායේ ප‍්‍රමුඛයෝ වෙත්. ටී.ඩබ්.හරිශ්චන්ද්‍ර කේ.එච්.පේ‍්‍රමදාස,ටී.ඩබ්.සුමනසිරි,ඊ.කුලසේන,චන්ද්‍රසෝම බින්දුහේවා ආදීන් වර්තමානයේ කෝලම් සම්ප‍්‍රදාය ආරක්ෂා කරන්නෝ වෙත්.පස්දුන් කෝරලය කෝලම් සම්ප‍්‍රදායේ තෝතැත්න බඳු විය. නමුත් එම ප‍්‍රදේශයේ සිටින එකම කෝලම්කරුවා ඹ්.එන්.එස්.ප‍්‍රනාන්දු මහතාය.  මාතර මිරිස්ස, ගාල්ල අම්බලංගොඩ පිටිගල  ප‍්‍රදේශය, කළුතර ඔලබොඩුව,පැලවත්ත, මිරිස්වත්ත ,රයිගම ප‍්‍රදේශ දනට කෝලම් සම්ප‍්‍රදයෙ පවත්නා ප‍්‍රදේශ ලෙස දැක්විය හැකිය.

 මින් අනතුරුව කෝලම් සම්ප‍්‍රදායෙහි අන්තර්ගතය පිළිබඳ විමසමු . සබය, කරලිය , තානායම්පොළ ආදී වශයෙන් කෝලම් ර`ග ම`ඩල හ`දුන්වනු ලැබෙයි. බහුලව ම සබය යන්න යොදනු පෙනේ. ”සබේ සැමගෙන් අපට අවසර”, ”පොලිස් මැතිවරු ඒය සබයට”යනා දී යෙදුම් ඒ සඳහා නිඳසුන් වේ.

කෝලම් රංග භූමිය ඉදිකෙරෙන්නේ සමතලා භූමියක ය. බොහෝ විට පොල් රුප්පා වලින් වට වූ සෙවණ බිම්කඩක ය.නැටුම් ර`ග දැක්වීමට ප‍්‍රමාණවත් ඉඩකඩ ලැබෙන සේ භූමිය නිශ්චය කර ගනියි. කණු කිහිපයක් පොළොවේ සිටුවා ඒවා හසුවන සේ ලණු ඇද ගොක් කොළ ඉරා ඒ මත එල්ලා සීමාව වෙන්කර ගත් පසු ලණුවලින් පිටත මල් යහනක් හෝ දෙකක් ඉදි කිරීම සිරිතයි.ඒ තුළ මැටි පහන්,මල් තබා කලින් පිළියෙල කරගනියි. කෝලම් රග මඩලේ විශේෂිත ස්ථානයකි වෙස් අත්ත. කිසියම් චරිතයක් නිරූපණය කිරීමට පැමිණෙන නළුවා ප‍්‍රථමයෙන් වෙස් අත්තට මුවා වී සිටියි.නියමිත රංග කාලය පැමිණි කළ තාලයට සබයට පිවිසෙයි.වෙස් අත්ත ඉදිරිපිට සිටින පේ‍්‍රක්ෂයන්ට එහි පිටුපස නොපෙනෙන ලෙසට එය ආවරණය කරනු ලබයි. වෙස් අත්ත ඉදි කෙරෙන්නේ නළුවන් සබයට ඇතුළු වන ස්ථානයේ ය.එය ගරා මඩු හා ඇතැම් යක් තොවිල් වල දී ඉදිකෙරෙන අයිලයට සමානය. ”අයිලයක් කරවා වෙස් අත්ත මැද සිටුවා” මේ අනුව වෙස් අත්තට අයිලය යැයි ද පවසයි.

කෝලම් රංගය ආරම්භ වන්නේ අනෙකුත් යාතු කර්ම මෙන් කප් සිටු වීමෙනි.කපු මහතෙක් ගෙන්වා නැකැත් බලා කෝලම් නැටීමට දින සතියකට දෙකකට පෙර එම ස්ථානය පිරිසිඳු කර නියමිත දිනයේ කෝලම් නටන බවට කප් සිටුවති. නියමිත දිනයේ භූමිය වටා පහන්, පන්දම් දල්වා භූමිය ආලෝකමත් කරයි.අනතුරුව භේරී වාදනය සිදු කරන අතර එය ලලිතාන්විතය.භාවෝද්දීපනය කරවන සුළු ය.අනතුරුව විෂ්ණු, කතරගම,නාථ, පත්තිනි දෙවියන්ගෙන් ආශිර්වාද  පතා යහන් දැක්ම නටයි. අනතුරුව කාරියකරවන රාළ පියවි ස්වරූපයෙන් සභාවට අවතීර්ණ වෙයි.ත‍්‍රිවිධ නමස්කාරයෙන් අනතුරුව ඔහු කෝලම් උපත් කතාව කවියෙන් පවසයි.මෙම ප‍්‍රධාන කාර්යයෙන් අනතුරුව සබයට පැමිණෙන නළුවන් හඳුන්වා දීම, ඔවුන් සම`ග සංවාදයේ යෙදීම ආදිය සිදු කරයි.රෝස පැහැතිපුයර දමා හැඩ වී අනතුරුව සභාවට පැමිනෙන්නේ සභාපතියි.මොහු නවාංගයකි. එන් මෑත කාලිනව කෝලම් චරිත අතරට පැමිණි අයෙකි. මීළ`ගට සභාවට පැමිණෙන්නේ ආරච්චි කෝලමයි.කළු කෝට් බෑයකුත් කළු දිග කලිසමකුත් ඇඳ මීළගට පැමිණෙන්නේ පොලිස් කෝලමයි.මොවුන් සභාවට පැමිණ සභාවේ පෙරළි කරයි. මෙම කෝලමෙන් ජන කලාකරුවන්ගේ දියුණු පරිහාස ශක්තිය නිරූපනය වෙයි.ඉනික්බිති ව ආරච්චි කෝලම සභාවට පිවිසෙයි.ආරච්චි පැමිණෙන්නේ රාජ නියෝග කවරේදැයි පිරිසට දැනුම් දීමට ය.මොහුත් සම`ග ලියනඅප්පු ද සභාවට පිවිසෙයි.මෙම චරිත තුළින් නිරූපණය වන්නේ  රාජ අණ පැවත එන අන්දමයි.මොවුන්ගේ සිිද්ධි දාමය පේ‍්‍රක්ෂකයා තුළ හාස්‍ය උපදවයි.අනතුරුව සබයට පිවිසෙන්නේ හේවා කෝලමයි. මොවුන්ගේ සංවාදමය හා නාට්‍ය ස්වරූපයන්ගෙන් සමාජයේ දුබල තැන් හාස්‍යයට නතු කරයි.
බීමත් ලෙසින්නේ

දවුල උරලා ගන්නේ
නොහැර වෙව්ලගන්නේ
මෙවර අණබෙර ගුරා එන්නේ

කා අතරත් ජනප‍්‍රිය අණබෙර කෝලම නොහොත් පනික්කිලේ මීළගට සභාවට පිවිසෙයි. ඔහුගේ ස්වරූපය යට කී කවියෙන් හෙළි වෙයි. මොහු රාජ සේවයේ යෙදෙන්නෙකි. අම්බලංගොඩ ප‍්‍රදේශයේ පනික්කිලේ සම`ග සිය දරුවා දුක්කිනියා ද පැමිණෙයි. කාරියකරවන රාළත් සම`ග සංවාදයේ සිටින මොහු බල්ලෙක්  සපා කෑ බව පවසමින් බිම ඇද වැටෙයි.ඉන් අනතුරුව මොහුගේ බිරිඳ නොංචි කෝලම සභාවට පැමිණෙයි. මොවුන් දෙදෙනාගේ සංවාද ඉතා හාස්‍ය ජනකය. එසේ ම උපහාසාත්මකය. මින් පසුව ජස කෝලම හෙවත් පේඩි කෝලම පැමිණෙයි.එසේ ම ඔහුගේ බිරිඳ ලෙංචිනා සභාවට පැමිණෙයි.මොවුන් දෙදෙනාගේ හබයක් හටගන්නා අතර එය බෙහෙවින් උත්ප‍්‍රාසාත්මක ය. මෙ තුළින් සමාජයේ බොහෝ තැන් උපහාසයට ලක්කරයි.මුදලිගේ මැදිහත් වීමෙන් ගැටුම සමත වන අතර අනතුරුව රජු හා බිසව ඇතුළු මැති ඇමතිවරු පිවිසේ.ඉහත සඳහන් සියළු චරිත පැමිණෙන්නේ රජ පැමිණීමට පෙර ම  සෑදීමටයි.රජ පැමිණීමෙන් පසු නාග කන්‍යා,සුරඹා වල්ලි,නාග රාක්ෂ, ගුරුළු රාක්ෂ,මරු රාක්ෂ,සිංහ, වලස්, කොටි ආදී චරිතාංග ර`ග දක්වයි. තවදුරටත් අතුරු කතා ර`ග දක්වයි. මෙහි දී වඩා ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේ  මනමේ හා සඳකිඳුරු කෝලමයි. මනමේ නාටකය චුල්ල ධනුද්ධර ජාතකය ගුරු කොට ඇත.

”මේ මාතුගාමයෝ නම් පවිටු සත්ත්ව කෙනෙකි” යන සම්භාව්‍ය මතය කෝලම්කරු ද අග‍්‍රස්ථානයේ තබා මෙය රචනා කොට ඇත. පුුරුෂෝත්තමවාදී සමාජයක ලක්ෂණ හෙළි කෙරෙන අන්දමින් චන්න කින්නර ජාතකය අලලා සඳකිඳුරු කෝලම රචිතය. ජාතක කතාවෙහි හෝ කෝලම් නාටක ම`ගින් සමාජයට දෙන ආදර්ශයේ වෙනසක් ඇති බව නොපෙනේ. කෝලම් උපත ලද්දේ දොළ දුකක් මුල් කොට ගෙන ය. ඒ බැව් දැනවීමට පංචනාරී ඝටය හා ඝර්භ සංරක්ෂණ පූජාර්ථය සංකේතාත්මකව ඉටු කරයි. සියලූ චරිත ර`ග දැක්වීමෙන් අනතුරුව ගරා යකුන් නටා දෙවියන්ට පින් දී කෝලම් ර`ග දැක්වීම අවසන් කරයි.කෝලම් නාටකයක් පරිපූර්ණ ලෙස ර`ග දැක්වීමට මුළු දවසක් වැය වෙයි.
            
කෝලම් ර`ග දැක්වීමේ දී යොදා ගැනෙන කවි, සංවාද, බෙර පද ආදියෙන් එකී චරිතයට අදාළ ස්වීයත්වය නිරූපණය වෙයි.මේ බැව් එකී චරිත නිරූපණයේ දී පේ‍්‍රක්ෂකයා තුළ ඇතිවන භාවාත්මක හැසිරීම් මගින් වැටහෙයි. කෝලම් ර`ග දැක්වීමේ දී යොදා ගැනෙන වෙස් මුහුණු එයට ම ආවේණික වූවකි. වෙස් මුහුණ යොදා ගැනීම නිසා භාවාත්මක හැසිරීම් මනාව ධ්වනිත නොවුන ද ශිල්පියා සිය චරිතය මනාව නිරූපණයට සමත් වෙයි.අතීතයේ තිම්පොල් හෙවත් දින් ශාකය වෙස් මුහුණු කැපීමට යොදා ගෙන ඇත. කෙසේ වෙතත් මෙම වෙස් මුහුණු එකී චරිතයේ භාවාත්මක ගුණය මැනවින් ඉස්මතු කෙරෙන අන්දමින් වෙස් මුහුණු නිර්මිතය.මුහුණට ලබා දෙන විවිධ විකෘතින් හා මනා වර්ණ සංයෝගය නිසා රංගයේ සාර්ථක බව හා නෘත්‍යමය වටිනාකම ඉහළය.
            කෝලම් නාටකයේ අන්තර්ගත සංගීතය ඊට අදාළ නාද මාලාවකින් මෙන් ම යම් යම් සම්ප‍්‍රදායයන්ගෙන් ආභාසය ලබා ඇත. මෙහි ප‍්‍රධාන අවනද්ධ භාණ්ඩය රුහුණු බෙරයයි. ගාමිණී දෑල බණ්ඩාර සඳහන් කරන පරිදි අතීතයේ තම්මැට්ටම භාවිත කර ඇත. ...හොරණෑව සම`ගින-ගසත් දෙසන් බිහිරි කරමින කෝලම් නාටකයේ දී යොදා ගන්නා එකම සුසර භාණ්ඩය හොරණෑවයි.මෙහි ඇතුළත් සංගීත විධි වෙනත් කිසිඳු සම්ප‍්‍රදායක දී හමු නොවේ. ජස ලෙංචිනා, සුරඹා වල්ලි, කෝලම්හි ඇතුළත් ගායන විධි නිදසුන් වේ. එක් එක් චරිත හා බැඳි දෙබස් බෙරපද ආදිය කුට්ටමෙන් කුට්ටමට වෙනස් වුව ද ගායන නාද මාලා වෙනස් නොවේ. සමාජය දෙස උපහාසාත්මක දෘශ්ටිය හෙළු කෝලම්කරු සාම්ප‍්‍රදායික නාද මාලාවෙන් බැහැර වීම අරුමයක් නොවනු ඇත.
            අති මානුෂ හා සංකල්ප රූප යොදා ගැනීම කෝලම් නාටකවල කැපී පෙනෙන ලක්ෂණයකි. මෙම චරිත යොදා ගැනීමේ අපේක්ෂාව යාතු කර්ම පරමාර්ථ සාධනය කර ගැනීමයි. එක්තරා ලෙසට මෙය යාතු කර්මයක් ලෙස ද සැලකිය හැකි ය.කෙසේ වෙතත් කෝලම් නාටක ඇසුරෙන් අපගේ සිංහල සාහි්‍යයේ යම් ප‍්‍රවර්ධනයක් සිදු වූ බව පැහැදිලිය. මනමේ කෝ්ලමේ යම් යම් දේ උකහා ගනිමින් මනමේ නාට්‍ය නිර්මාණය වීම ත් 1957 දී ගුණසේන ගලප්පත්ති සූරීන් විසින් සඳකිඳුරු නාටකයත් නිර්මාණය විය. මෙහි මූලික ලෙස ම කෝලම් නාටකයන්ගෙන් ආභාසය ලබා ඇත. වෙල්ල වැහුම්, එලොව ගිහින් මෙලොව ආවා, බෙර හ`, බක්මහ අකුණු ආදී නාට්‍යයන්හි කෝලම් සම්ප‍්‍රදායේ ලක්ෂණ උකහා ගනිමින් රචනා වී ඇත.

වර්තමානය වන විට කෝලම් සම්ප‍්‍රදාය මුළුමනින් ම පාහේ අභාවයට යන සෙයක් පෙනෙන්නට ඇත.සමාජයේ දුර්වල ස්ථාන හඳුනා ගනිමින් ජනයා තුළ කැකෑරෙමින් තිබූ පීඩාකාරී සිතුවිලි පෙන්වා දෙමින් සමාජයට පණිවුඩයක් ලබා දීමට කෝලම්කරු උත්සහ දරා ඇත.වාණිජවාදය පෙරටු කරගත් සමාජයත් විනෝදාර්ථය මුල්කර ගනිමින් මෙරට ආක‍්‍රමණය කළ නූර්ති කලාවෙහි ආගමනයත් රූපවාහිනි ආගමනයත් ආදී කරුණු හේතු කොට ගෙන මෙම සම්ප‍්‍රදාය අභාවයට  ගිය සෙයක් පෙනේ.විශේෂයෙන් මෙම සම්ප‍්‍රදාය හරහා ලබා දෙන්නා වූ පණිවිඩයත් රසයත් හරිහැටි උකහා නොගැනීමත් විශේෂයෙන් ම ඇතැම් පැරණි කලාකරුවන්ගේ පවතින උද්දච්චකමත් මේ කෙරෙහි දැඩි සේ බලපා ඇත.වැටුණු සංස්කෘතියක් ගොඩ නැගීමේ මූලික බර එකී පාලන රජයට හිමිවෙයි. පාරම්පරික දේ සුරැුකිය යුතුම ය.අප සැම ද එකී වගකීම පැහැර හැරියහොත් මහ`ගු කලාවක් වන කෝලම් නාටක කලාව අප සංස්කෘතියෙන් තුරන් වී යාම වැලැක්වීමට කිසිවකුටත් හැකි නොවනු ඇත.

නොළග ළග වැසෙන දිය ගොඩ සව් සතුනි
සමග මෙ පින් අනුමෝදන් වෙනු     බැතිනි











           



Comments

Popular Posts