යතුර පාපිස්ස යට -රසවින්දනය



කවිත්වය දායාදයකි. මෙලොව මිනිසත්කම ලැබීම දුෂ්කරය. එලෙසම විද්‍යා ඥානය ලැබීම ඊටත් වඩා දුෂ්කරය. එලෙස ලැබූවකුට කවීත්වය හිමිවන්නේ ඉතාමත් කලාතුරකිනි.  ඕනෑම අයෙකුට ගකවියක් රසවිඳිය හැකිය. එය විචාරය කළ හැකිය. නමුත් එසේ විචාරය කිරීම වෙනුවෙන් කවියක් ලිවීම ලෙහෙසියෙන් කිසිවකුට කල නොහැකි දෙයකි. කවීත්වය දායාදයක් කීවේ එහෙයිනි. අතීතයේ එස් මහින්ද හිමි, චන්ද්‍රරත්න මානවසිංහයන්, කුමාරතුංග මුණිදාසයන්, මහගමසේකරයන් මා වඩා ප‍්‍රිය කර කවියෝ වෙත්. මෑත කාලීනව එනම් කෙටියෙන්ම කිවතොත් අපේ පරපුරේ වත්මන් තරුණ පරපුර නියෝජනය කරන්නා වූ කවියෝ අල්පය. මුහුණු පොතේ විවිධ කවිකාරයො වෙයි. ඒත් සැබෑ අර්ථවත් කවියක් ඉන් ලියවනවා ද යන්න ගැටලූවකි. මෙනයින් බලන කල අපේ දරු පරපුර සුවිසල් ඛේදජනක ඉරණමක් වෙත ඇදී යන අයුරු පෙනෙයි
"සෑම අඳුරු වළාවක් තුළම රිදී රේඛාවක් ඇත" යන්න වටහා දෙමින් වත්මන් තරුණ කවි රසවිඳින්නන්ට එක් කවිියෙක් බිහි වී ඇත.එදා මහගගමසේකර, චන්ද්‍රරත්න මානවසිංහ, පී.බී. අල්විස් පෙරේරා ආදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කවින් වූ ඔවුන්ගේ පරපුරට නෑකම් කියන එක් අපූරු කවියෙක් අපේ පරම්පරාවට බිහි වී ඇත. ඔහු විශේෂ වන්නේ සමාජයේ බොහෝ පුද්ගලයන් විසින් ගැරහුමට ලක් කරන පොලිස් නිලධරයෙකු වීමයි. ඒ ඉලක්ෂ ජයවර්ධන නම් අපේ කාලයේ කවියායි.  පොලිස් නිලධාරියෙකුගෙන් සුන්දර කවියෙක් අපේක්ෂා කල නොහැකි වුවත් මොහුගේ කඩා වැටෙන තරුවක් පද්‍ය සංග‍්‍රහය එකී අපේක්ෂාව භංග කරයි.
    ඔහු විසින් ලියන ලද පද්‍ය පන්තියක් ම මනසේ තදින් කා වැදුණි. ඒ යතුර පාපිස්ස යට නම් වූ පද්‍ය පන්තියයි.අද සමාජය බොහෝ කුරිරුය. මනුෂ්‍යත්වය යනු කුමක්ද කියාවත් දන්නේ නැත. ලංකාව බෞද්ධ රාජ්‍යයකි. එසේ නම් බෞද්ධ වත් පිළිවෙත් අනුව එහි මිනිසුන් ඉතා සාමකාමී විය යුතුය. සිය පවුල් තුළ සතුටින් සිටිනවා විය යුතුය. නමුත් යථාර්තය මීට වඩා දුක් සහගතය. ලංකාවේ උසාවියේ බහුතර සංඛ්‍යාවක් දික්කසාදයි. ගැහැණුන් මිනිසුන් කෙසේ කුමන අයුරින් ආදරය නම් වූ ඒ පවිත‍්‍ර බන්ධනයෙහි යෙදුණද විවාහයේදී බොහෝ දෙනෙක් එය අපායක් කරගනියි.
උදේ ගෙදරින් යද්දි නළල වෙත හාදුව
අමතකව ගියත් මම ඇහුවෙ නෑ හේතුව
ලේඩිස් පර්ෆියුම් මුසු කමිස සේදුව
දවස්වල උනත් නැහැ මැරුණෙ පෙම මේරුව”

බොහෝ පෙම්වතුන් විරසකව ගිය පසු සිය පෙම්වතියගේ නුගුණ කියනු ඇත. නමුත් ඇතැම් කාන්තාවෝ බොහෝ හැගීම්බර වෙත්. බොහෝ අවංක වෙත්. තම ස්වාමියා වෙනුවෙන් අසීමිත පතිභක්තියකින් යුතු වෙත්. එවන් බිරිඳක ලද සැමියෙකු හට ඔහුගේ වූ අණුවන නිසාවෙන් එකී පේ‍්‍රමය මග හැරෙන්නට පුලූවන. ඒ ඔහුගේ අභාග්‍යයකි. මේ පද්‍ය තුළින් පිළිඹිබු වන්නේද එවැනි පේ‍්‍රමයකි. බොහෝ අයට තම පේ‍්‍රම අවධිය මිහිරිය. සුන්දරය. එය කිසිදා අමතක කළ නොහැක. කවියා පවසන අන්දමට මෙහි වූ බිරිඳගේ සැමියාට තම බිරිඳව අමතකව ගොස් සෙයකි. ස්ත‍්‍රියට අන් කවරකුටත් වඩා පෙර නිමිති දැනෙයි. වෙනස්වීම් හොඳින් වැටහෙයි.මෙයින් ගම්‍ය වන්නේ කවියා ස්ත‍්‍රියගේ සිතිවිලි හොඳින් වටහා ගෙන ඇති සෙයකි. ඒ බැව් පද්‍ය පන්තියේ පුල් පැදි දෙක තුළින් ගම්‍ය වෙයි.
         උදේ ගෙදරින් යද්දි නළල වෙත හාදුව
අමතකව ගියත් මම ඇහුවෙ නෑ හේතුව”
යට දැක්වූ පරිද්දෙන් කාන්තාවගේ පේ‍්‍රමය ප‍්‍රබලය. ඇයට වරක් හෝ සත්‍ය පේ‍්‍රමයක තතු වැටවුණහොත් 
ඔහුගේ මුලූ ලොකයම ඇය සතුය. ඇයට අන් කිසිවකුත් අවශ්‍ය නැත. ගැහැණියකගේ සිත එතරම්ම ප‍්‍රබලය. කවියා එය දක්වන්නේ 
          ”ලේඩිස් පර්ෆියුම් මුසු කමිස සේදුව
   දවස්වල උනත් නැහැ මැරුණෙ පෙම මේරුව”
ලෙස දක්වමිනි. තම සැමියා අන් කාන්තාවක් වෙත යන බව කවියා අගවන්නේ ”ලේඩිස් පර්ෆියුම් මුසු කමිස සේදුව” යන ව්‍යංගාර්ථවත් යෙදුම දක්වමිනි. එහෙත් ඇය තම සැමියා කෙරේ තිබූ පේ‍්‍රමය බිඳකට හෝ අඩුකර නැත. කවියා අනතුරුව බිරිඳගේ හා සැමියාගේ සබඳතාවය මගහැරුණ බව දක්වයි. 

”උයන මොහොතෙත් ඇවිත් කර වටේ අත දෑම
මොනව ඉව්වත් ඉතිං අද රසයිනේ කෑම
දුවව නිදි කරන්නෙ නැද්ද රහසින් කීම
මගහැරුණ දෙයකි තව මහ රැුයෙදිත් නෑම”

අඹු සැමි සබඳතාවය ව්‍යංගයෙන් ජනිත කිරීමට තරම් කවියා සංවර වී ඇති අයුරු ප‍්‍රශංසනීය ය. ඒ සියල්ල අමතක ව ගොසිනි. එදා යශෝදරා කීවේ 
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැුස් මාලා අඩු වේවා 
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා”
ලෙසයි. ඇ සිදුහතුන්ට අපමණ පේ‍්‍රම කළාය. කවියා මෙහි දක්වන්නේත් එදා යශෝධරාවගෙන් පැවත එන බිරිඳක් ගැනය. ඇය තම සැමියාගේ වරද හමුවේ කිසිවක් නොපවසයි ඇය තම සැමියාට අතිශයින් ආදරය කරයි. තම ස්වාමියා කෙරෙහි වූ අසීමිත පති භක්තිය ඔහුට අගනේ නොවේ. කවියා සිය පද්‍ය පන්තියේ අවසාන පද්‍යයෙන් ඇගේ පේ‍්‍රමයේ උත්තරීතර බව පසක් කරයි. 
”දෙයක් තව මෙමට නැහැ හිමිට ගෙනැවිත දෙන්න
පේ්‍්‍රමයක් තිබෙන තැන ගිහින් නැවතී ඉන්න”

තම සැමියාගේ අනියම් සබඳතාවයක් දැන එවැනි ප‍්‍රකාශයක් කිරීමට තරම් වත්මන් බිරිඳ පොහොසත් නැත. නමුත් එවැනි බිරින්දෑවරුන් අතර අහඹු ලෙස යශෝධරාවක් සිටින්නට හැකිය. එදා සිදුහතුන් වෙනුවෙන් කළ පැතුම නොවේ මෙකල යශොධරාවගේ පැතුම වන්නේ. මෙහි පළවෙනි පද්‍ය පාදය උත්ප‍්‍රාසවත්ය. ”දෙයක් තව මෙමට නැහැ හිමිට ගෙනැවිත් දෙන්න,” යන්නෙහි ඈ සතු සියලූම දේ තම ස්වාමියා වෙනුවෙන් පූජා කර අවසන්ය. සැබෑ පේ‍්‍රමවන්තියකට දෙවැනි පෙමක් නැත. එය විවාහයෙන් කෙළවර වුණි නම් ඇයට ඊටත් වඩා සතුටක් නැත. තම ස්වාමියා වෙනුවෙන් ඈ දරුවෙක් මෙලොවට බිහි කරයි. ඒ ඇගේ ලෝකයයි. ඊටත් වඩා දෙයක් ඇයට දීමට නැත. මෙහි දෙවන පද්‍ය පාදයේ පේ්‍්‍රමයක් තිබෙන තැන ගිහින් නැවතී ඉන්න ලෙස දකවා ඇත. මෙලෙස සඳහන් කළ හැක්කේ පවිත‍්‍ර සැබෑ ආලයක් ස්වාමියා වෙනුවෙන් හිමි යුවතියකට පමණි. ඇ තම ස්වාමියාගේ යහපතම පතයි. 
පද්‍ය පන්තියේ විශිෂ්ඨතම පද්‍ය පාදය මෙයයි.

 ”දුක් වෙන්න එපා මට හැකියි දුව රැක ගන්න
යතුර පාපිස්ස යට මග වැරදුනොත් එන්න” 

ඔවුන්ගේ ආදරයේ සංකේතය සිය දියණියයි.  මෙම  දුක් වෙන්න එපා මට හැකියි දුව රැුක ගන්න යන පද්‍ය පාදයෙන් ඇගේ මව්පිය සෙනෙහස ධ්වනිත කරයි. පියෙකුට තම දියණිය කුමරියකි. ඇතැම් තැන්හි සම බිරිඳට වඩා තම දියණියට ආදරය කරන පියවරු ඇත. මෙහි බිරිඳ තමාට සිය සැමියගේ ආදරය සෙනෙහස අහිමි වී ඇති බව දනියි. එහෙයින් ස්වාමියාට ඇයව දමා යාමට දුකක් ළතැවුලක් නැතා බව ඇය දනියි. එය කවියාගේ විශිෂ්ට පරිකල්පන ශක්තිය පිළිඹිබු කරන්නකි. පද්‍ය පංතියේ සංකේතාත්මක යෙදුම යතුර පාපිස්ස යට මග වැරදුනොත් එන්න මෙයයි. ඔහු කෙරේ වූ ආදරය සෙනෙහස බිඳකදු අඩු නැතිව සදාකල්ම පවතින බව මෙයින් ගම්‍ය වෙයි. මෙවන් වදනක් පැවසීමට සාමාන්‍ය කාන්තාවකට නොහැකි බව හොඳින් දනිමි. කවියා දක්වන බිරිඳට ඇත්තේ උතුම් හදවතකි. ඈ තම ස්වාමියාව නැවත බාර ගැනීම ප‍්‍රතික්ෂේප නොකරයි. 
මෙම පද්‍ය පන්තිය විටක යශෝධරා සිහිපත් කරයි. විටෙක කන්නගිය සිහිපත් කරයි. මාධවිය වෙත ගිය කෝවලන් පති භක්තියෙන් යුතුව නැවත කන්නගිය තමා වෙත ලං කර ගත්තාය. ඔහුට අපමණ ආලය කළේය. මෙම පද්‍යයේද බිරිඳ සිය සැමියාට වරදින තුරු බලා සිටින්නක් නොවේ. මග වැරදුනොත් යන්නෙන් ධ්වනිත වෙයි. 
මෙම පද්‍ය පන්තිය අතිශයින් ම සාර්ථක පද්‍ය පන්තියකි. උත්ප‍්‍රාසවත් යෙදුම් , ව්‍යංගාර්ථවත් යෙදුම් මෙහි සපලතාව වෙනුවෙන් හේතු වී ඇත. වත්මන් කන්නගිය, වත්මන් යශෝධරාවක් මනසට නැගෙන්නට තරම් සාර්ථක පද්‍ය පන්තියක් රචනා කළ කවියාගේ දක්ෂතාවය ප‍්‍රසංසනීයය. කාන්තාවගේ චිත්ත අභ්‍යන්තරයේ තම ස්වාමියා කෙරෙහි නාගෙන අසීමිත පෙම කවියට නගන ලද අපූර්ව කාව්‍ය පංතියක් ලෙස යතුර පාපිස්ස යට පද්‍ය පන්තිය දැක්විය හැකිය







Comments

Popular Posts