ලංකාවේ පාරිසරික ගැටලු




ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි. එහෙයින් සංවර්ධනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු පෙනේ. නමුත් සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතුය. එනම් තිරසාර සංවර්ධනයක් කරා යොමු විය යුතුය. ලස්සන පරිසරයක් නොමැති සංවර්ධනයකින් කිසිඳු පලයක් නැත. මානව පරිනාමයේ මුල් අවධිය වන විට ජනගහන වේගය ඉතා සෙමින් සිදු වුවකි. නමුත් 18 වන ශතවර්ශය ආරම්භයත් සමඟ ජනගහන වර්ධනය වේගයෙන් සිදු විය. මේ තතත්වය 21 වන සියවසයෙන් බසු තවත් උග්‍ර අතට හැරුණි. මේ නිසා පරිසර හායනය අද වන විට ඉතා වේගයෙන් සිඳු වෙමින් පවතියි. ශ්‍රිඝ්‍ර ජනගහන වර්ධනයට ප්‍රථම පෘථිවිය මත වු සියලුම පරිසර පද්ධතින් ස්වයං යාමනයකට හාස්වයං කළමනාකරණයකට ලක් කරන ලදී. මෙයට හේතු වූයේ අතීත මිනිසාගේ අවශ්‍යතා ඉතා සුළු වීමත් ඔවුන්ගේ භාවිතය පරිසරයට නොදැනුන තරම් එකක් වීමයි. නමුත් පසු කාලීනව මේ තත්වය වේගයෙන් වෙනස් වී ඇත. සංවර්ධනය වෙමින් පවතින රටක ඉහත දැක් වූ ආකාරයට සම්පත්  අපතේ යාම ඉතා බහුල වශයෙන් සිදු වෙයි.

            මේ හෙයින් ලංකාවේ ස්වභාවික ව්‍යවසන අද වන විට ඉතා උග්‍ර ගැටලුවක් බවට පත්ව අවසානය. අතීතයේ මෙන් නොව වැසි සමයට වෙලාවක් කාලයක් නොමැත. නියඟයට කාලයක් නොමැත. වර්ෂාව කෙළවර වන්නේ දරුණු ඛේදවාචකයකනි. පසුගිය වසර ගණනාව පුරාම මේ තත්වය වඩා හොඳින් අපට මේ දෙය දිස් විය.   සියගණනක් ජීවිත බිලි ගනිමින් දරුනු නාය යෑම් ගං වතුර තත්වයන් බලපෑවේ ය. එසේම තවත් පෙදෙසකට  දරුණු නනියං තත්වයක් උදා වී ඇත. මෙය සුභ පළ දෙන ලකුණු නොවේ. කසළ ගැටලුව අද වන විට උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත. කසල කඳූ හේතුවෙන් ජීවිත රාශීයක් බිලි වූයේ නොබො දිනකදීය. කසළ බැහැර කිරීමට ක්‍රමවත් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම කළ හැකි දෙයකි. අද වනවිට සමස්ත සාගර කලාපයම ද දරුණූ  තර්ජනයකට ලක්ව ඇත. ලංකාවේ ආදායම වර්ධනය විමට විදේශිය සංචාරක ප්‍රවේශ අතිශයින් වැදගත් වෙයි. විදේශීය සංචාරක ආකර්ශණය නොමව හිමිකර ගන්නේ ලංකාවේ සුන්දර වෙරළ තීරය පදනම් කරගනිමිනි. නමුත් අද වන විට මේ සුන්දර වෙරළ තීරය දැඩි ලෙස ඛාදනයකට ලක්ව ඇත. එලෙසම වන වැස්ම ශ්‍රිඝ්‍රයෙන් අඩුව ගොස් ඇත. මෙය එතරම් සුභ දායක තත්වයක් නොවනු ඇත.

            අද වන විට ලංකාවේ සෞඛ්‍ය ගැටලු රාශියකි. විශේෂයෙන් ඩෙංගු රෝගය නිසා දිනකට රොගින් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙයි. කෙසේ නමුත් අද වන විට කිසිවෙකුටත් මෙම රොගී තත්වයට පිළියම් යෙදීමේ භාග්‍ය හිමිව නැත. ගං වතුර ආදී ආපදාවන් සමඟ ඇති වන්නා වූ විශාල සෞඛ්‍ය ගැටලු රාශියකි. එසේම පාචනය මැස්සන් බෝ වීම වැනි කරුණු අද වන විට විශාල සෞඛ්‍ය ගැටලු බවට පත්ව අවසානය.නමුත් මේ කරුනු පිළිබඳව පාලන රජයේ හෝ වග කිව යුත්තන්ගේ අවධානය යොමු වන්නේ ඉතා සීමිතව ය. මෙය විශාල ගැටලුවකි. මෙවන් ගැටලු කෙරේ රජයේ අවදානම යොමු විය යුතුමය. ලංකාවේ වර්තමාන පරිසර ගැටලු හා සෞඛ්‍ය අභායෝග යන මෙම නිබන්ධනයෙහි ලංකාවේ දැනට පවතිව පරිසර ගැටලු කිහිපයක් හා සෞඛ්‍ය ගැටලු කිහිපයක් සාකච්ඡාවට ලක් කර ඇත. පරිසරයෙන් තොර මිනිසකු නිර්මාණය නොවේ. එසේම පැවැත්මක්ද නැත. අද පවතින සෞඛ්‍ය ගැටලු කෙරේ මූලිකම සාධකය මිනිසාමය.  මේ අනුව ලංකාවේ පවතින පරිසර ගැටලු හා සෞඛ්‍ය ගැටලු හදුනා ගනිමින් ඒවාට විසදුම් සෙවීමට මේ නිබන්ධනය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.



වන  වැස්ම අඩු වීම

ලංකාවේ වර්තමාන ස්වභාවික වන වැස්ම 24% ක් පමන වන බව විශ්ලේෂණ දත්ත වාර්තා මගින් පැහැදිලි වෙයි. (පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය-2007) මෙය සැලකිය යුතු තත්වයකි. මීට වසර ගණනාවකට පෙර ලංකාවෙ ස්වභාවික වන ආවරණය අතර සසඳන කළ අතිශය සැලකිය යුතු හා භයානක තත්වයකි. 1881 ශ්‍රීලංකාවේ වනගහනය සමස්ත භුමි ප්‍රමාණයෙන් 84% ක් බව ඇස්තමේන්තු ගත කර ඇත. 1956 දී මුළු ලංකාවම ආවරණය කරමින් ගත් ඡායාරූපය තුළින් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 44%ක් වනාන්තර වලින් වැසී තිබූ බව අනාවරණය වෙයි. 1956 න් පසු තෙත් කලාපයේ වන ආවරණය ශ්‍රීග්‍රයෙන් පහළ අගයක් ගත් බව පෙනී යයි. එසේම 2002 වර්ෂය වන විට වන ආවරණයෙන් 23% ක් ප්‍රමාණයක් ඉතිරිව තිබෙන බව දැකිය හැකිය.                (සංඛ්‍යා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව)
        
2010 වන විට 24%ක් දක්වා මෙය වර්ධනය වුවද මෙය සැලකිය යුතු තත්වයක් නොවේ. මෙම තත්වය කෙරෙහි බලපා ඇති ප්‍රධානතම කරුණ වන්නේ ජනගහනය ඉහළ යාමයි. ජනගහනය හේතු කොට ගෙන ජනාවාස ඉදි කෙරෙනු දැකිය හැකිය. ජනාවාස ඉදිකිරිම පදනම් කරගනිමින් වනාන්තර ශ්‍රීඝ්‍රයෙන් ඉහළ යනු දැකිය හැකිය. එසේම මාර්ග ඉදිකිරීම් , දැව ආශ්‍රිත නිර්මාණ කෘෂිකාර්මික වර්ධනය හේතු කොට ගෙන මෙන්ම ඔවුන්ගේ ආයෝජන සඳහා වනාන්තර යොඳා ගැනීම් ආදිය මූලික කරගනිමින් වන වැස්ම අඩු වනු දැක ගත හැකිය. එසේම වාණිජමය භෝග වගා කිරීම වන වැස්ම අඩු වීම කෙරෙහි බලපානු ලබන මූලිකම සාධකයකි.විදේශිය ආක්‍රමණ සමඟ ඔවුන් ලංකාවට තේ, රබර්, පොල්, කුරුඳු වගාවන් හඳුන්වා දුන් අතර මෙය අද වන විට ලංකාවේ ස්වභාවික යන සම්පත කෙරෙහි දැඩි තර්ජනයක් එල්ල කර ඇත .
        
වන වැස්ම අඩු වීම පදනම් කරගනිමින් සාමාන්‍ය උෂ්ණත්වයෙහි වර්ධනය වීමක් හෝ අවම වීමක් දැකිය හැකිය. එයට වර්තමාන තත්වය නිදසුන් වෙයි. වර්තමානයේ මෙකල වර්ෂාව ලැබෙනවා යැයි මෙකල නියං සමය යැයි පැවසීම අසීරුය. දේශගුණික තත්වය විකෘති වී ඇත . ප්‍රභිසංස්ලේෂණ ක්‍රියාවලියේදී ඔක්සිජන් වායුව පිට කරන අතර කාබන්ඩයොක්සයිඞ් වායුව උරා ගනියි. නමුත් වන සංහාරය නිසා මෙකි ක්‍රියාදාමය ක්‍රමවවත්ව සිදු නොවනු ඇත . මෙය පසු කාලීනව මිනිසාගේ සෞඛ්‍ය තත්වය කෙරෙහි බලපානු ලබයි. ශ්වසන ගැටලු කෙරේ  මෙය දැඩිව බලපානු ලබන්නකි. රාත්‍රී කාලයේදී මිනිසා විසින් පිටකරන වායූන් උරා ගැනීමටත් නිසි වායු හුවමාරුව සිදු වීමත් නොවනු ඇත. ශ්‍රී ලංකා රජයේ අරමණ වන්නේ 2030 වන විට ශ්‍රී ලංකාවේ මුලු භූමි ප්‍රමාණයෙන් වන වැස්ම 32%  ක් බවට පත් කිරීමයි. නමුත් එය එතරම් පහසු ක්‍රියාවක් නොවනු ඇත. වනවැස්ම අඩු වීම ලංකාව තුළ පවතින්නා වූ දරුණු පාරිසරික අර්බුදයක් වන්නේ පසු කාලීනව අත්ව ඇති දරුණු නායයෑම් හා ගංවතුර තත්වයන් දෙස බලන විටය.
            
පසුගිය වසර වලදීත් මේ වසර තුළදීත් ඇතිවූ අධික ගං වතුර තත්වය කෙරෙහි බලපාන ලද්දේ විශේෂයෙන්ම මෙම වන විනාශයයි. අවිධිමත් ඉදි කිරීම්, කදු බෑවුම් ආශ්‍රිත නිවාස ඉඳි කිරීම් නාය යෑම් කෙරෙහි දැඩිව බලපානු ලබයි.පරිසර විද්‍යාතමනව බලන කළ මිනිසා හා වනාන්තර අතර පවතින්නේ අන්‍යෝන්‍ය සම්බන්ධයකි.  ප්‍රභාසංස්ලේෂන ක්‍රියාවලියේ දී ගස් වැල් නැතවම බැරි අංගයකි.ලොව බොහොමයක් නොදියුණු රටවල දැව ප්‍රධාන බලශක්තිය ලෙස යොදා ගනියි. ශ්‍රි ලංකාවේ මුලු දැව වලින් 87% ක් ගෘහ කටයුතු සඳහා යොදා ගනියි.කර්මාන්ත සඳහා යොඳා ගැනෙන්නේ 12.4% කි. මින් 33% ක් යොදා ගන්නේ තේ කර්මාන්තය සඳහාය. ගඩොල් උළු කර්මාන්තය සඳහා 13% ක්ද වශයෙන් එක් එක් කර්මාන්ත සඳහා දැව යොදා ගනියි. මීට අමතරව ගං වතුර පාලනයට නාය යෑම් අවධානම පහ කරීමට නියං පාලනයට වනාන්තර වලින් ලැබෙන්නේ විශාල පිටු වහලකි. එසේම වන සතුන්ගේ ආරක්ෂාවට වනාන්තර වලින් ලැබෙන්නේ මනා පිටුවහලකි. නමුත් ආර්ථිකය හඹා යන මිනිසුන් සිටින රටක වන සම්පතේ ආරක්ෂාව යහපත් වේ යැයි සිතිය නොහැකි තරම්ය. එකි නොසිතීමේ ප්‍රතිවිපාකය අද අප මනා ලෙස බුක්ති විඳින්නෙමු.

වෙරළබඩ පාරිසරික පද්ධතිය

කිලෝ මීටර් 2ක් පළල තීරයට හා ඊට යාබද ගොඩබිමේ මී.300 ක් පළල තීරයක් ඇතුළත් ප්‍රදේශය වෙරළ තීරයක් ලෙස අර්ථ දැක්වයි. එක්සත් ජාතීන්ගේ සාගර නීති ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාවෙ වටා ඇති සාගර නීති ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාව වටා පවතින මහ සයුරින් සැලකිය යුතු ප්‍රදේශයක් ලංකාවට හිමිවෙයි. වෙරළේ සිට නාවුක සැතපුම් 200 විහිදෙන අනන්‍ය වෙළඳ ආර්ථික කලාපයක උරුමය ලංකාව සතුය. එම සාගර ආර්ථික කලාපය ලංකාවේ ගොඩබිම් ප්‍රදේශය මෙන් අට ගුණයක් විශාලය. එම ප්‍රදේශය සතු ජලය අභය මුහුදු පතුළ යප කොටස් වල අයිතිය හිමි වන්නේ ලාංකිකයන්ටය. මෙම කලාපයේ විශාලත්වය 22600නප2 කි.මෙම කලාපයේ අයිතිය 1976 අංක 22 දරණ සමුද්‍රිය කලාප පනත යටතේ අනන්‍ය ආර්ථික කලාප දූෂණය වැලක්වීමේ පනත යටතේ ප්‍රකාශයට පත් කොට ඇත . දිවයිනේ මුළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් 85% ක් සාලුගර කලාප ආශ්‍රයෙන් ලබා ගනියි. වෙරළ තීරයට අයත් කොරල් පර විශේෂ 183 ක් අතුරින් 68 ක් ලංකාවට ආවේණික වන අතර කොරල්පර අතරින් හමුවන විසිතුරු මත්ස්‍යයින්ට විදේශීයව හිමිවන්නේ ඉහළ වටිනාකමකි. ලංකාවේ ජනගහනයෙන් 55% ක් වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ජනාවාස කොටගෙන ඇත . ලාංකික වෙරළ හා සාගර කලාප හේතු කොට ගෙන ලාංකිකයන්ට විශාල ආර්ථික වාසි රැසක් ලබා ගත හැකි වෙයි.
            
ජනගහනය හේතු කොට ගෙන මෙම වටිනා සාගර කලාපයට දරුණු තර්ජන රුසක් එල්ල වී ඇත.ඒ අනුව පරිසරය දූෂණය  ලක්වීමත් ඒ හේතුවෙන් නොයෙකුත් ගැටලු බැන නැගීමත් දුක්මුසු කරුණකි. ශ්‍රි ලංකාවෙ ජනගහනයෙන් 3/1 කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ වෙරලබඩ ප්‍රදේශ වලට ආසන්නවයි.එසේම 65% ගේ නිවාස පිහිටා ඇත්තේ වෙරළබඩ ප්‍රදේශයන්ට ආසන්නවයි. කර්මාන්ත ශාලා 67% ක් පමණ ද සංචාරක හෝටල් වලින් 80% ක් පමණ ද පිහිටා තිබෙන්නේ වෙරළබඩ ප්‍රදේශයන්ට ආසන්නවයි. කාලයත් සමඟ මේ තත්ත්වය වර්ධනය වනු පෙනෙයි. වෙරළතීරයට ආසන්න හෝටල් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයට ලක් වන්නේ සුන්දරතම වෙරළ තීරයක් ලාංකිකයන් සතුවන නිසාවෙනි. රටක් සංවර්ධනයවිය යුතුය.  එසේම සංවර්ධනයට සාපේක්ෂව ස්වභාවික සම්බත් කළමණාකරණය පැවතිය යුතුය.   ලංකාව තුළ මේ තත්වයේ දැඩි දුර්වලතාවයක් දැකිය හැකිය.   මේ හේතුවෙන් අද වන විට ලංකාව තුළ පවතින සමුදුරු කලාපය විශාල තර්ජනයකට ලක්ව ඇත . 
             
මුහුදු පරිසරය එහි ජීවත් වන සියලුම ජීවීන්ට  අහිතකර තත්වටන්ට පත්වීම හා පාරිසරික තත්වයන් අහිතකර ලෙස වෙනස්වන තත්වයන්ට පත්වීම සමුදුරු පරිසර දූෂණයයි.   සමුදුරු පරිසර දූෂණය අන්ත 2 කින් සිදූ වෙයි.  
            01.  ස්වභාවිකව සිදුවන සමුදුරු දූෂණය
            02. මිනිසාගේ ක්‍රියාකලාපය නිසා ඇතිවන සමුදුරු දූෂණය
ස්වභාවිකව සිදුවන සමුදුරු දූෂණය ලෙස  කුණාටූ හා නියං තත්වයන් සරළ ලෙස දැක්විය හැකිය.   මෙම ආපදා  තත්වයන් ඉතා දරුණු වුවද වෙරළ ස්ථාවරව පවත්වාගෙන යාමට ස්ථිර වෙරළකට හැකියාව ඇත . මුහුදු මට්ටම ඉහළ යාම අනුව ගොඩබිම උස් පහත් වීම සුළි සුළං ඇති වීම ගංවතුර හා අධික වර්ෂාපතනය ඇති වීම කොරල් බුදින ජීවීන් අධික වීම දීර්ඝ කාලීන දේශගුණික වෙනස් වීම ගං මෝය  සක්‍රිය වීම ආදිය ස්වභාවිකව ඇති වන්නා වූ සමුදුරු දූෂණයන් ලෙෂ අර්ථ දැක්විය හැකිය.
           
නමුත් සමුදුරු දූෂණයට බෙහෙවින් බලපා ඇත්තේ මාන ක්‍රියාකාරකම්ය.   මෙහිදී වැඩි වශයෙන්  අවධානය දිය යුත්තේ වෙරළෙන් අධික ලෙෂ වැළි ඉවත් කිරීම කෙරෙහිය.   බොහෝ විට මිදුළ හා ගෙවතු අලංකරනය සඳහා වැලි ලබාගන්නේ වෙරළබඩ ගංගා ආශ්‍රයෙනි. වෙරලේ ස්ථාවරත්වය රැක දෙන දේ විශාල වශයෙන් හිනාශයට ලක් වෙයි.   මෙය බලපානු ලබන්නේ වැලි ඉවත් කළ ස්ථානයට නොවේ.  උදාහරණයක් ලෙස පානදුර වෙරලේ වැළි ඉවත් කිරීීම ගමු. කළු ගඟ ආශ්‍රිත වැලි ප්‍රවාහය මුහුදේ රල මගින් පානදුර වෙරළ ප්‍රදේශයට ගෙන යයි.   එනිසා වැලි ඉවත් කළද පානදුර වෙරළට වැළි ලැබෙයි.  නමුත් මොරටුව වෙරළට වැළි ලැබෙන්නේ පානදුර වෙරළෙනි.   මේ අනුව මොරටුව ප්‍රදේශයට වැළා නොලැබී යාමෙන් වෙරල ඛාදනයක් සිදූවෙයි.  
           
තවදුරටත් හිරිගල්පර කැඩීම හා හිරිගල්පර කැබලි වෙරලෙන් ඉවත් කිරීම දැක්විය හැකිය.   හුණු නිෂ්පාදනයට අවශ්‍ය ජ්ජද3 ලබාගන්නේ හුණු ගල් කැඩීමෙනි.   මෙහිදී හිරිගල්පරය සාදන  කොරල් බුහුබාවා ද විනාශයට පත් වෙයි.ඩයනමයිඞ් යොදා මසුන් මැරීමේ දී තවත් මෙය උග්‍ර ලෙස සිදු වෙයි.  
            වෙරලාසන්න ප්‍රදේශවල මනි සැලසුමක් රහිත නිර්මාණ ඉදි කෙරෙනු දැකිය හැකිය.සමුද්‍ර පරිසරයට සිදුවන් හානිය සැලකිල්ලට නොගෙන විශාල වශයෙන් රාජ්‍ය හා රා්‍ය නොවන සමාගම් ඉදි කිරීම් කටයුතු සිදු කරයි.   මේවා මගින් දැඩි ආර්ථිනක වාසි ලැබෙන බව සත්‍යයකි.   නමුත් ඊට සාපේක්ෂව සිදුවන ස්වභාවික විපත් අති භයානකය.   මේ හා බැඳි එක් නිදසනක් දක්වමි.   ඒ සේතු  සමුද්‍රම් ඇළ ව්‍යාපෘතියයි.   මෙය හේතු කොට ගෙන විශාල වශයෙන් සමුද්‍ර ගැටලු රාශියක් පැන නැගේ.  මෙම යෝජනාව ආරම්භ කිරීමට යෝජනා කරන ලද්දේ ඉංග්‍රීසි පාලන සමයේදීය.  නමුත් එවකට පාලකයන් මෙයට දැඩි විරොදය එල්ල කලේය.  ඒ අනුව වසර 14 නට පසු එනම 2005 වසරේ මෙහි කටයුතු ආරම්භ කරන ලදී . මේ අනුව මෙමගින් කි.  මී.  260 ක් දිග ඇළ මාර්ගයක් ඉදිවනු ඇත . මෙහි පළල මීටර් 300 කි. ගැඹුර මී.12 කි. ආරම්භයේදී දකුණු ඉන්දියාවෙන් විශාල ජනතා විරෝධයක් හට ගැණුනි.මෙයට හේතු වූයේ ඉන්දියානු සාගර කලාපයට හට ගන්නා අධික පාරිසරික බලපෑමයි. නමුත් ඉන්දියානු සාගර කලාපයට වඩා ලාංකික සාගර කලාපය අතිශයින් තර්ජනයට ලක්ව තිබේ.
            
ලංකාවේ පුත්තලමේ සිට ආරම්භ වන පටු තීරයට වයඹ දෙසට පුළුල් වී යන්නේ දැඩි ස්තරයක් ලෙෂ නොව පටු ස්තරයක් වශයෙනි. එය අවසාධිත පාෂාණයන්ගෙන් සැදුම් ලත් පාෂාණ වර්ගයකි. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ හුණු ගල් වශයෙනි.  මෙය යාපනය අර්ධද්වීපයේ පැතිරී ඇත. ලංකාවේ බටහිර කොටසේ ඇති මෙහි ඝනත්වය මී.4000ක් පමණය. ආදම්ගේ පාළම නමින් හඳුන්වන දූපත් රාශියක ඇත්ත්‍ත් ද හුණුගල් පාෂාණයයි. මන්නාරම් මුහුfදු ඇති මුහුදු තෘණ සහිත පරිසරය ආදමිගේ පාලමට දකුණින් විහිදී ගොස් රාමේෂ්වරම් වෙත ලඟා වෙයි. ඇළ නිර්මාණය කරනුයේ හුණු ගල් පාෂාණය ඉවත් කිරිමෙනි. එහි දී යොදා ගැනෙන යන්ත්‍ර වලින් හුණ ගල් පාෂාණය අනිවාර්යෙන් දැදුරු වෙයි. එැස් වීමෙන් පාෂාණ කුහර විශාලවන අතර එමගින් ඛාදනය වේගවත් වෙයි. එමෙන් ම එය ද්‍රාවන වේගයද වර්ධනය වෙයි. මුහුදු රළ තරංග මගින් මේ තත්වය වේගවත් කරනු ඇත . නිරිත දිග ත්‍මා්සම්  සමයේ දී හා ඊසාන දිග මෝසම්  මේ තත්වය අතිශයින් තීරණාත්මක විය හැකිය. මන්නාරම් බොක්කට  දකුණු පසින් ඇති කොරල්පරය ජෛව විවිධත්වයෙන් අනූණ එකකි. එය කල්පිටිය අර්ධද්වීපයට බටහිරින් පිහිටා තිබේ. කොරල්පරයේ කොරල් විශේෂ 156ක් ද මත්ස්‍ය විශේෂ 283 ක්ද වාර්තා වී තිබේ. මන්නාරම් බොක්ක ජාත්‍යන්තරව පිළිගත හැකි සාගරික ජෛව ගොා්ල කලාපයක් (^Marine Biosphere Reserveලෙස නම් කර තිබේ. එය දැැනට දකුණු ආසියාවේ ඇති එකම ජෛව ගොල රක්ෂිතයයි. මෙම ජෛව ගෝල කලාපය කැස්බෑවන්ගේ තාවකාලක නවාතැන් පොළයි. ශ්‍රි ලංකාව්් ප්‍රථම කැස්බෑ අභය භූමි කලාපය ලෙස රැකව හා ගොඩවාය වනජීවී සංරකෂණ දෙපාර්ථමේන්තු විසින් හඳුන්වා දෙන ලදී . මේවා කැස්බෑවන්ගේ කැදලි බිම් ලෙෂ හඳුුනාගෙන තිබේ. කැස්බෑවන් බිත්තර දැමීම සඳහා මෙම කැදලි බිම් වල සිට පේඳුරුතුඩුවට උතුරින් පිහිටි ප්‍රදේශයට සංක්‍රමණය වෙයි. මේ අනු මෙම ඇළ ව්‍යාපෘතිය නිසා කැස්බෑවන්ගේ ජීවන රටාවට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබෙයි. වයඹ පළාතේ වෙරළ තීරයේ තැනින් තැන ඒක රාශි වීී ඇති වගුරුබිම් වල සංක්‍රමණික පක්ෂින් දැකගත හැකිය. ඇළ ව්‍යාපෘතිය හේතුවෙන් ඇතිවන ගමනාගමන නිසා ජලය දුෂණය වී දැඩි පරිසර විනාශයකට තුඩු දෙයි. වයඹ දිග කලාපයේ සාරවත්ම මත්ස්‍ය සම්පත පියහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේයි. ඩොල්ෆින්, කැස්බෑවන්, මුහුද ඌරන්, මුහුදු එළදෙන  , මුහුදු අශ්වයා, සහ තල්මසුන් මෙම ප්‍රදේශයේ නිතර ගැවෙසෙන්නා වූ ප්‍රදේශයක් ලෙස ද නිල් තල් මසුන් නිතර ගැවසෙන ප්‍රදේශ වශයෙන් ත්‍රීකුණාමලය කැනියම් කලාපය ඇක්විය හැකිය. සංචාරක කර්මාන්කයේ දී නිල් තල්මසුන් වැදගත් ස්ථානයක් ගනු ලබයි. මෙම ඇල ව්‍යාපෘතිය නිසා මෙම සතුන්ගේ ජීවිත වලට දැඩි තර්ජනයක් එල්ල වනු දැකිය හැකිය. 

            බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපය සුනාමි වලට ගොදුරු වන කලාපයකි. විශේෂයෙන් අන්දමන් සාගරය ඔස්සේ පිහිටා තිබෙන අභිසරණ කලාපය තුළ සිදූවන භූ චලන වලින් සුනාමි තත්වයන් උදාවමය  හැකිය. 2004 දෙසැම්බර් 26 සුමාත්‍රා දිවයින අසළ වූ අති දුබල භූමි කම්පාව වෙත සුනාමියේ බලපෑම තමිල්නාඩුවට හා ආන්ද්‍රා ප්‍රදේශ වලට මෙන්ම ලංකාවේ නැගෙනහිර මෙන්ම දකුණු වෙරළ තීරයට බලපෑවේය. නමුත් වයඹ කොටසේ එම රැළි ආදම්ගේ පාළම තෙක් ගමන් කළේය. මෙහි වූ හුණු ගල් තට්ටු නිසා සුනාමියේ බලපෑම ඉතා අවම විය. නමු් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් දැඩි විනාශයක් සිදු විය හැකිය. මෙම ඇළ මාර්ගය විවෘත කිරීමෙන් පසු බෙංගාල බොක්කේ  ජලය ඉතා පහසුවෙන් මන්නාරම් බොක්කට ඇතුළු වෙයි . එනිසා බෙංගාල බොක්කේ සුනාමි තත්වයක් ඇති වුවහොත් රළ පහර ඉතා පහසුවෙන් ඇතුළු විශාල ව්‍යවසනයක් කෙටි කාලයකදී සිදු වෙයි.

            මේ අනුව බලන කළ මෙම ව්‍යාපෘතිය තුළින් දරුණු  පරිසර ඛේදවාචකයක් සිදු වෙයි.මෙය එක් අන්තයක් පමණි. මෙවැනි ව්‍යාපෘති රාශියක් අද වන විට ඉදි වෙමින් පවතියි. මේ නිසා ඇතිවන සමුද්‍ර දූෂනයන් අපරිමිතය. සවදුරටත් දැක්වුවහොත් වෙරළබඩ ප්‍රදේශවාසීන් වෙරළ ප්‍රදේශය වැසිකිළි ලෙස භාවිත කරයි. එසේ ම ඛනිජ තෙල් අපද්‍රව්‍ය බහුල වශයෙන් මුහුදු ජලයට මුදා හැරෙයි. මෙයින් ජීවීන් විනාශ වන අතර විෂ ද්‍රව්‍ය ජලයට මුසු වීම සිදු වෙයි. තව දුරටත් විශාල වශයෙන් ඉස්සන් වගාව අසීමිත ලෙස සිදුවනු දැකිය හැකිය. මසුන් මැරීමේ කිසිඳු ප්‍රතිපත්තියක් නැත . මේ නිසා මත්ස්‍ය සම්පත දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇත.  විශේෂයෙන් ඉස්සන් වගාව කඩොලාන පරිසරය ආශ්‍රිතව වර්ධනය වී ඇති නිසා කඩොලාන සම්පත ශ්‍රිඝ්‍රයෙන් අඩු වනු දැකිය හැකිය. වෙරලාශ්‍රිත හෝටල් සහ කර්මාන්ත ශාලා වලින් පිටවන අපද්‍රව්‍ය බරිසරයට එක් වීම නිසා සාගරික පරිසර පද්ධතිය විශාල වශයෙන් හායනයට ලක් වෙමින් පවතියි. හැමිල්ටන් කලපුව ඇතුළු මීගමු කලපු ප්‍රදේශය දැඩි තර්ජනයකට ලක්ව ඇත. මේ ආකාරයෙන් සමුද්‍ර පරිසරය දැඩි තර්ජනයට ලක්ව ඇති නිසා 1981 වෙරළ සංරක්ෂණ පනත යටතේ වෙරළාශ්‍රිත ගැටළු හා සම්පත්  හායනය පිළිබඳ කරුණු සෙවීම හා ඒවාට පිළියම් යෙදීම ට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලය ලැබී තිබේ.මෙ පරිද්දෙන් සමස්ත සමද්‍ර කලාපයම දැඩි තර්ජනයකට ලක් වී ඇත.       










ගෘහස්ත හා කාර්මික අපද්‍රව්‍ය

ශ්‍රි ලංකාව තුළ කැලි කසල දැඩි අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත . ශ්‍රි ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බව සත්‍යය. සංවර්ධනය වෙමින් පවතින රටක් නම් සැම අංශයක් කෙරෙහිම අවධානය යොමු විය යුතුය. විශේෂයෙන් කැළි කසළ කෙරේ වැඩි අවධානය යොමු විය යුතුය. විශේෂයෙන් කසළ කළමණාකරණය කෙරෙහි අවධානය යොමු විය යුතුය. මනා කසළ කළමනාකරණයක් නොමැති වීම හේතුවෙන් දැඩි පාරිසරික අර්බුද  රාශියක් මෙන්ම මානවයාගේ මෙන්ම සතුන්ගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වෙයි. 2017-04-14 දින රටක් හඬවමින් සිදු වු මහා ඛේදවාචනය මතකද වසර ගණනාවක් පුරා කිසිවකුගේ අවධානයට ලක් නොවුන මීතොට මුල්ල කුණු කන්ද කඩා වැටුණේ රටක් හඬවමිනි. මීට හේතුව වන්නේ විශේෂයෙන්ම මනා කසළ කළමනාකරණයක් නොමැති වී තිබීමයි.
            කොළඔ දිස්ත්‍රක්කයේ කසළ වළින් මිලි.23 කට අධික කසළ ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට බැහැර කරයි. විශාල වශයෙන් සිදුවන මෙම ගැටළුව කෙරෙහි බලධාරීන් දැනුවත් කළ ද  එයට සාර්ථක විසදුුමක් ලැබණේ නැත. මෙහි ප්‍රථිඵලය වූයේ ජීවිත ගණනාවක් රටට අහිමි වීමයි. මෙමගින් පැහැදිළි වන ප්‍රධාන සාදකය වන්නේ ලංකාව තුළ කෙතරම් අපද්‍රව්‍ය පවතිනවාද යන්නත් ඒවා කෙතරම් හොඳින් කළමනාකරණය වනවාද යන්නයි.  හුදෙක් මෙය නගරයට පමණක් සීමා වූවක් නොවෙයි.  ග්‍රාමීය මට්ටමින් ද මෙය උවදුරක් පවට පත්ව ඇත .
            මහ නගර සභාවල වාර්ෂික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය 240-310නට, ක් වන අතර නගර සභා ප්‍රදේශවල එම ප්‍රමාණය 164-240 නට වන අතර ප්‍රාදේශිය සභාවල එම ප්‍රමාණය 73-164නට දක්වා වෙයි. (පරුසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය-2008) ගෘහස්ත ප්‍රදේශවලින් නිකුත් කෙරෙන අපද්‍රව්‍ය වනාන්තර ප්‍රදේශ වලට සිදු වන නිසා ක්ෂිරපායි සතුන්ගේ ජීවිත දැඩි අවධනයක පවතින බව දැක්විය හැකිය. ශ්‍රි ලංකාව තුළ අතිවිශාල සංවර්ධන ව්‍යාපෘති පවත්වාගෙන යාමට සෑම අංශයක්ම සිය අවධානය යොමු කර ඇත . නමුත් මේ තෙක්  බලයට පැමිණි කිසිඳු රජයක් මෙම කසළ ගැටළුව කෙරෙහි සිය අවධානය යොමු කළ නැත. දේශපාලන අරමුණ කෙසේ වුවද එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හරිත නගරයක් උදෙසා ගෙන ගිය සංකල්පය සාර්ථක ව්‍යාපෘතියක් බව දැක්විය යුතුය.
            කසළ මනාව එක් රුස් කිරීමේ හෝ බැහැර කිරීමේ මනා ප්‍රතිපත්තියක් කිසිඳු රාජ්‍ය ආයතනයකට නොමැති බව දැක්විය හැකිය. නිසි කසළ ප්‍රතිචක්තිකරණ වැඩ පිළිවෙලක් නොමැත් වීම ප්‍රබල ගැටලුවයි. මනා කසළ   කළමනාකරණයක් නොමැති වීම හා නිකරුණේ බොහෝ ද්‍රව්‍ය ඉවතලීම හේතු කොට ගෙන ශ්‍රී ලංකාව දැඩි සෞඛ්‍ය ගැටළු රුසක් කෙරෙහි අවධානය යොමු වී ඇත . විශේෂයෙන් කසළ ජලයට බැහැර කිරීමත් මෙම අපද්‍රව්‍ය තුළට (බෝතල් යෝගට් කොප්ප...) බැහැර කිරීමත් නිසා ඒවායෙහි ජලය එක් වීමෙන් ඩෙංගු වැනි මාරාන්තික රෝග බෝ වීමේ වැඩි අවකාශය ඇත . කසළ මාර්ගය දෙපස එක් රැස් කර තිබීමෙන් අධික දුර්ගන්ධයක් මෙන්ම සතුන්ගේ ජීවිත ද දැඩි තර්ජනයකට ලක්ව ඇත .
තවදුරටත් කසල එක්රුස් කර තැබීමෙන් එමගින් මීතේන් වැනි වායූන් පරිසරයට මුදා හැරෙන අතර මෙය ගෝලීය උෂ්ණත්වය කෙරෙහි බලපානු ලැබෙයි. එසේ ම බොහෝ කර්මාන්තශාලා වල අපද්‍රව්‍ය බැහැර කරන්නේ ගංඟ හෝ සාගර ආශ්‍රිත කලාපයටයි. මුහුදු ජීවීන් හා ඒ ආශ්‍රිත ස්වභාවික සම්පත් දැඩි තර්ජනයට ලක්ව ඇත. ද්‍රව්‍ය ප්‍රමාණාත්මකව භාවිතයට නොගැනීමත් අපගේ චින්තන ශක්තිය දුර්වල වීමත් මෙම ගැටලුව උත්සන්න වීම කෙරෙහි දැඩිව බලපා තිබෙයි. අද උදා වී ඇති තත්වය කෙරෙහි අප සැම අතම වරදක් ඇත.
            අලුත් අවුරුදු උදාවත් සමඟ විශාල ජීවිත ප්‍රමාණයකට ජීවිත අහිමි කරමින් කඩා වැටණ මීතොටමුල්ල ඛේදවාචකය අද වන විට  මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව ඇත සිඝ්‍ර ජනගහන වර්ධනයත් කර්මාන්ත අංශයේ වේගවත් දියුණුවත් යටිතල පහසුකම් වැඩි දියුණු වීම සහ මිනිසුන්ගේ පරිභෝජන රටාවේ සිදුවන කෘතිම වෙනස් වීම් හේතුවෙන් අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් කලමනාකරණය නොවීම මෙම ඛේදනිය තත්වය කෙරෙහි බලපා ඇත . මෙම ගැටලුව හුදෙක් පරිසර ගැටලුවක් පමනක් නොවේ. හුදෙක් සමාජ ආර්ථික දේශපාලන සෞඛ්‍ය කෙරෙහි ද දැඩිව බලපාන තත්වයකි.  කුණු සම්බන්ධයෙන් ලාංකික අප කටයුතු කරන්නේ මීට වසර 2500කට පෙර ක්‍රියා කළ ආකාරයටමය. එනම් ජනාවාසයෙන් එකතු වන කුණු ජනාවාසයෙන් එපිටට ගෙන ගොසි් දැමීමයි. අපට වඩා ජනගහනය අධික රටවල් මනා ලෙස කසළ කළමණාකරණය කරනු දැකිය හැකිය. මීතොටමුල්ල කසළ කන්දට ජනතා විරෝධය එල්ල වූයේ දීර්ඝ කාලයක සිටය. හුදු දේශපාලන වාසි අපේක්ෂා කරමින් සිටියා විනා මෙයට ස්ථිර විසඳුමක් ලබා දීමට කිසිඳු රජයක් කටයුතු කලේ නැත. මීතොටමුල්ලට කුණුගෙන ඒම ආරම්භ කලේ 2008 වර්ෂයේ පටන්ය. එක් තැනක එක් වූ කුණු වෙනත් තැනකට ගොඩ ගැසීම අතීතයේ පටන් කොළඹ නගර සභාව විසින් සිදු කළේය. අද වන විට සේදවත්තේ බ්ලූමැන්ඩල් කුණු කන්දද මීට වසර ගණනාවකට පෙර මෙ ලෙස  ගොඩ ගැසූ කුනුය. මීතොටමුල්ල කුණු කන්ද අවසන් වරට මී.200 කට වඩා ඉහළට ගොඩ ගැසී තිබුණි. අවුරුදු දිනයේ මිනිසුන්ගේ හිස මත කඩා වැටුණේ ඒ කුණු වලින් කොටසකි. මෙවන් හදිසි අනතුරක් සිදු නොවුනත් කුණු කන්දෙන් නිකුත් වන අපිරිසිදු වායූන් හා පොළව යට ජලය අපිරිසිඳු වීම නිසා මෙම පළාතෙ ජීවත් වන වැසියන්ගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වෙයි.
           
ශ්‍රි ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරයට අයත් බ්ලූමැන්ඩල් ප්‍රදේශය අපද්‍රව්‍ය රඳවන විශාල කුණු කසසක් බf ඉහතදී සඳහන් කලෙමු. මෙම ප්‍රදේශයේ කසල රැඳවීම ආරම්භකරන ලද්දේ 1995 සිටය. කොළඹ නගර සභාව පෞද්ගලික ආයතනයක් සමඟ ගිවිසුමක් ඇති කරගත් අතර මෙම ප්‍රදේශයේ වසර 25 ක් දක්වා කුණු දැමීම සිදුකළ හැකිය. මෙම කුණු කසදට දිනකට කසළ ටොන් 650-700 ක ප්‍රමාණයක් එකතු වෙයි. මෙම අපද්‍රව්‍ය ටොන් 1ක් සඳහා නගර සභාව පෞද්ගලික ආයතනයට රු.420 ක මුදලක් ගෙවයි. මෙහි කුණු දිනෙන් දින ඉහළ යනු පෙනෙයි. අවටින් ගෙනෙන කුණු කන්දක් ආකාරයට ගොඩ ගසා ඇත. මෙම කුණු කන්ද ද වරින් වර ගිනි ගත් බව අසන්නට ලැබුණි.
            වියලි ප්‍රදේශයේ කසළ තැන් තැන් වල ගොඩ ගසා තිබීම දැක ගත හැකිය. මෙය ක්ෂිරපායි සතුන්ගේ ජීවිත කෙරෙහි දැඩිව බලපානු ලබයි. බොහෝ විට සතුන් මෙම කසළ ආහාරයට ගනු ලබයි. විශේෂයෙන් අලි ඇතුන්, මුවන්,ගෝන්නු, විවිධ පක්ෂීන් ආදින් දැක්විය හැකිය. මෙය උග්‍ර පරිසර ගැටලුවකි.  
            විශේෂයෙන් ලංකාවේ කසළ බැහැර කරන ස්ථාන විශේෂයෙන්ම විවෘත බිම්ය. බොහෝ විට මෙම කසල බි්ම් ගංඟවකට හෝ කුඹුරකට විවෘත වෙයි. ලංකාවේ එකතුවන කසල වලින් 85% කට වැඩි ප්‍රමාණයක් මුදි හරින්නේ විවෘත ස්ථාන වලටයි. අප රටෙහි ඒක පුද්ගල කසල ජනනය ග්‍රෑ. 400-කි.ග්‍රෑ. 1දක්වා අගයක් ගනියි. ලංකාවේ වාර්ෂික කසළ ජනන ප්‍රතිශතය 1.2% කි. මේ අනුව අප සැවම කොයි ආකාරයකින් හෝ මේ කසල අර්බුදය කෙරේ මැදිහත් වෙයි. කසල  ජනනය වීමට සාපේක්ෂව කසළ කලමනාකරණයක් නොමැති වීම මේ තත්වය කෙරෙහි දැඩිව බලපා තිබේ.
            මේ ආකාරයට කසල අර්බුදය අද වන විට විශාල ගැටලුවක් බවට පත්ව අවසානය.


ජල දූෂණය

අද වන විට මුලු ලෝකයටම උද්ගත වී ඇති අරුණු පාරිසරික ගැටලුවකි. ලෝකයේ බොහෝ රටවල මිනිසුන් පිනීය ජලය හේතු කොට ගෙන මරණයට පත් වනු දැකිය හැකිය. ලෝකයේ මිලියන 2කට අධික පිරිසක් පානීය ජලය හේතු කොට ගෙන දැඩි අපහසුතාවයකට පත් ඇත. ජලය රටේ් ආර්ථීකය කෙරෙහි බලපානු ලබයි.සනීපාරක්ෂක කටයුතු අභ්‍යන්තර ධීවර කටයුතු , ජල විදුලිය නිෂ්පාදනය, කර්මාන්ත හා වාණිජ අවශ්‍යතා සඳහා විශේෂයෙන් ජලය අවශ්‍ය වෙයි.
            ලංකාව ජල සමිපතින් පොහොසත් ඝර්ම කලාපීය රටකි.   ශ්‍රි ලංකාවේ ගොඩබිමින් 15% ක ප්‍රමාණයක් ස්වශාවික ආකාරයෙන් හා මිනිසා විසින් තනන ලද තෙත් බිම් වලින් සමන්විතය. මිලියන 20කට අධික ජනතාව සිය ජල අවශ්‍යතා සපුරා ගන්නේ මෙම ජලමූලාශ්‍ර ආශ්‍රයෙනි. ලංකාවේ අරීය ලෙස විහිදුනු ගංගා 103 කින් සමන්විතය. මෙම ගංගා පද්ධතිය ගත් කළ  සම්පූර්ණ දළ ප්‍රමාණයේ දිග කි.මී.4560 පමණ වන වේ. ශ්‍රි ලංකාවේ තනන ලද වැව් 12 000 ක් පමණ වන අතර ප්‍රධාන වශයෙන් වියළි කලාපයේ පිහිටුවා ඇත. මීට අමතරව රන් දෙණිගල කොත්මලේ වික්ටෝරියා ආදී විශාල ජලාශයන්ද පිහිටා තිබේ. 
            ලංකාව ගත් කළ ලංකාවේ ජල දූෂණය විශේෂයෙන් සිදු වන්නේ ගෘහහස්ත හා අපද්‍රව්‍ය කාර්මික  අපද්‍රව්‍ය හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය ජලයට එක් කිරීම මගිනි. දත්ත වාර්ථා වලට අනුව නිවෙස් වලින් 25%ක් සිය වැසිකිළි අපද්‍රව්‍ය මෙන් ම නල මාර්ගයෙන් නිකුත් කරන සෑම අපද්‍රව්‍යයක්ම නිකුත් කෙරෙන්නේ ජලයටයි. මෙය විශාල පරිසර ගැටලුවකි. එසේම මිනිසාගේ හා සතුන්ගේ සෞඛ්‍ය කෙරෙහි දැඩිව බලපානු ලබයි. ලංකාවේ ජල දූෂණය ගත් කළ දූෂිතම ජලය පවතින්නේ බේරෙ වැව හා නුවර වැව ආශ්‍රිතවය. ලංකාවේ දූෂිතම ජලය පවතින්නේ කැලණි ගඟ ආශ්‍රිතවයි. මධ්‍යම පරිසර අධිකාරිය දක්වන ලෙස මෙම ප්‍රදේශය ආශ්‍රිත කර්මාන්ත ශාලා 23 ක් පවතින අතර  ඉන් 20 ක් අපද්‍රව්‍ය බැහැර කරනු ලබන්නේ කැළණි ගඟ වෙතටයි. එසේ ම ඉහතින් දැක් වූ ලෙස ප්‍රාදේශිය සභා හෝ නගර සභා වලින් එක් රැස් කරන කුණු දමන්නේ ගංඟා ආශ්‍රිත කලාපයටයි. බොහෝමයක් ඇඟලුම් කර්්මාන්ත ශාලා ඔවුන්ගේ ඩයි සෝදන ලද ජලය එක් කරනු ලබන්නේ ජලයටයි. පහතින් දැක්වෙන්නේ කැළණි ගඟ ආශ්‍රිත කර්මාන්ත ශෘලා එක් කරන ලබන අපද්‍රව්‍ය යයි.     

INDUSTRY
EFFLUENT TYPE


Pugoda Text Tile
Textile Type Effluent
Plywood
Glue Mixture
Mccallum Brewery
Brewery Waste (Cabohydrates)
Ceylon Cold Stores
Bottlewash Water, Oil, Grease, Detergent,
Pure Beverages Ltd
Bottlewash Water, Oil, Grease, Detergent,
Petroleum Refinery
Petroleum Effluent
Fertilizer Coparation
Fertilizer Effluent
Tyre Coparation
Waste Water
Ceylon Transport Board
Service Station Waste
Madampitiya Sewage Works
Domestic Sewage
Ambatale Water Treatment Plant
Organic Waste
Rubber Factories
Acetic /Formic Acids Ammonia Acid

(මධ්‍යම පරිසර අධිකාරිය)

මේ  ආකාරයට ඉතා විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් දිනපතා ජලයට මුදා හැරෙන අතර මෙය මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි දැඩිව බලපානු ලබයි. මෙම ගංඟා ආශ්‍රයෙන් ජලය බීමට නොගත්තද ද්‍රව්‍ය සේදීම ස්නානය වැනි කටයතු සඳහා මෙම ජලය යොදා ගනු ලබන බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සඳහන් කරයි. බීමට නොගත්ත ද මෙලෙස පරිභෝජනය කිරීම මගින් සෞඛ්‍ය ගැටලු රාශියක් ඇතිවිය හැකිය. මෙම දූෂිත ජලය ආශ්‍රිතව නිල් කොළ පැහැයට හුරු ඇල්ගී දැක ගත හැකි අතර මෙය මිනිසාගේ සෞඛ්‍ය තත්වය කෙරෙහි දැඩි සේ බලපානු ලැබේ.අක්මා රෝග චර්ම රෝගඇස් රෝග ගණනාවක් මිනිසාගේ සෞඛ්‍ය කරෙහි බලපානු ලබයි.
            අපගේ මුතුන් මිත්තන් මෙම ජල මූලාශ ඉතා විධිමත් ලෙෂ පරිහරණය කිරීම නිසා අවු2400කට පසුවද ඒවා අපට ප්‍රයොජනයක් ගත හැකි ආකාරයෙන් අදටත් ආරක්ෂාකාරීව පවතියි. ඔවුන් ජලය දේවත්වයෙන් සලකමින් ඒ සඳහා අවශ්‍ය ගරු බුහුමන් සිදු කළේය. ජලයට මළ මුත්‍රා දැමීම මානව ක්‍රියාවක් නොවන ලෙස ඔවුන් සැලකීය. නිසි පරිදි ජල කළමනාකරණය කිරීම සඳහාත් සංරක්ෂණය විවිධ ආයතනවලට පවරා තිබේ. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත මගින් දේශිය ජල තීරය දූෂණය සීමා කිරීම විධිමත් කිරීම හා පාලනය කිරිමේ බලය මධ්‍යම පාරිසරික අධිකාරිය පැවරී තිබේ. ජාතික පාරිසරික පනතේ  දැක්වෙන පරිදි දේශිය පාරිසරික පනතට අනුව යම් තැනැතතෙකුට අපද්‍රව්‍ය පරිසරයට ජලයට බැහැර කිරීමට  අවසරය ලැබෙන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් යටතේය.           
            විශේෂයෙන් වියළි කලාපයේ කෘෂි භෝග ව්‍යාප්තිය සඳහා ඉඩමම් හෙළි කිරීමත් සමඟ අනිවාර්යයෙන්ම ජලය ලබා දිය යුතු වෙයි. ජල විදුලිය සඳහා ජලාශ නිපද වීම අවැසිම කරුණකි.විශාල ජලාශ වැඩි ප්‍රමාණයක් විදුලි ජනනයටත යොදා ගැනේ. භූලත ජලයේ නයිටේ‍රට් දූෂණය නිසා රෝග ව්‍යාප්ත වීම ජල සම්පත ආශ්‍රීතව සොයා ගනනා ලද තවත් අහිතකර තත්වයක්ය. මේ හේතුන් නිසා ජලාශ ආශ්‍රිත ප්‍රදේශ වල ඉඩම් වල ආර්ථික වටිනාකම ද ගිලිහී ගොස් ඇත.  ලංකාව තුළ පානීය ජල අර්බුදයද අද වන විට දැකගත හැකි දරුණු සෞඛ්‍ය ගැටලුවකි.මෙතරම් ජලය ඇති රටක පානීය ජල අර්බුදයක් පැවතීම ලැජ්ජාවට පත් විය යුතු කරුණකි. විශේෂයෙන් ජලය අපවිත්‍ර වීම මේ තත්වයට තදින් ම බලපා ඇති තත්වයයි. ඉහත දැකි වූ ආකාරයට කැළණී ගඟ ආශ්‍රිතව මෙන් ම විශේෂයෙන් ප්‍රධාන ගංඟා ආශ්‍රිතව මෙම තත්වය දැක ගත හැකි වෙයි. කලුතර ගම්පහ කොළඹ යන නගර පිරිසිදු පානීය ජලය නොලැබෙන ප්‍රදේශ වශයෙන් සෞඛ්‍ය අංශ වාර්ථා කරයි. විශේෂයෙන් කලුතර ප්‍රදේශයේ ගංගාවට මුහුදු වතුර මිශ්‍ර වී තිබිම දැඩි ගැටලුකාරී තත්වයකි. මෙය අද වන  විට පාලනය කල නොහැකි තත්වයක් දක්වා වර්ධනය වි ඇත.මේ ආකාරයෙන් මිනිසාගේ බලපෑම මුල්  කර ගනිමන් ජල දූෂණ්ය සිදුවන බව දැක්විය හැකිය.   



නාය යෑම් හා ගං වතුර තර්ජනය

මෝසම් වැසි ආරම්භයත් සමඟ නාය යෑමේ අවධානමෙන් ජනතාව අති භීතියට පත් වෙයි. වෙනදා මෙන් කුඩා ළමුන්වත් වර්ෂාව ප්‍රිය කරන්නේ නැත. අද වන විට වර්ෂාව භයානක සංකල්පයක් බවට පත්ව අවසානය. විශාල ගං වතුර අවදානම් මෙන්ම නාය යෑමේ අවදානම්ද බහුල යුගයකි මේ අවධිය.
            මෑත කාලීනව සිදු වූ විශාල නාය යෑම් ඔබට මතක ඇති. මෑත කාලීනව වසර ගණනාවක පටන් සිය ගණනකට අධික ජීවිත බිලි ගනිමින් සිදූ වූ මහා ඛේදවාචකයන්ට හේතු වූයේ මිනිස් ක්‍රියාකාරකම්මය. 2015 අප්‍රේල් මස 20 දින හල්දුම්මුල්ල නාය යෑම ලංකාව තුළ සිදු වූ විශාල නාය යෑම් වලින් එකකි. අරණායක සාමස්සර කන්ද, පාහියන්ගල, අත්වැල්තොට, මාවතවත්ත, රත්නපුර මේ  ආදී වූ කඳුකර ප්‍රදේශ රාශියක් නාය යෑමට ලක් වීමට ප්‍රධානතම හේතු වූයේ කඳු ආශ්‍රිත පරිසරයේ සිදු කරන ලද අක්‍රමවත් නිවාස ඉදි කිරීම් බව පිළිගත යුතුමය.කෙසේ නමුත් මෙම ව්‍යවසන පාලනයේ දී කටයුතු කළ ආකාරය  ෂතුටු දායක නොවේ. මධ්‍යම කඳුකරය සබරගමුව ස්වභාවිකවම නාය යෑාමේ අවධානම ඇති ප්‍රදේශයි. මේ තත්වය වතු අර්ථිකය නැගී ඒමත් සමඟ වර්ධනය විය.  බි්‍රතාන්‍ය පාලකයන් විසින් කිසිඳු සැලැස්මකින් තොරව කාර්මික බෝග වගා කිරීම හේතුවෙන් ජනයාට ආපදා සහිත ඉඩම් වල සිය නිවාස ඉදිකර ගැනීමට සිඳු විය. මෙයට විශේෂයෙන් හේතු වූයේ 1949 දී ඉන්දියානු සම්භවය සහිත කම්කරුවන්ගේ ප්‍රජා අයිතිය අහොසි කිරීමයි. මේ හේතුව නිසා අයදත් බොහෝ දමිළ ජාතිකයන්  අවම පහසුකම් සහිත ආපදා ප්‍රදේශයන්හි ජීවත් වෙයි.
            පරිසර අමාත්‍යංශයේ හා භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නියමයන්ට අනුව ගංගාධාර ප්‍රදේශයන් වල අවිධිමත් ලෙස සිදුවන  පතල් කැනීම් හා නාගරීකරණය මෙන්ම කුඩා පරිමාණ වතු වගාවන් දැඩි නාය යෑම් කෙරෙහි බහුලව බලපා ඇත.  ගෝලිය දේශගුණික විපර්යාසද  නාය යෑම් අවධාවම කෙරෙහි දැඩිව බලපා ඇත. දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවන්ට අනුව දිවයින තුළ වියළි කාළගුණ තත්වය වැඩි වී ඇති අතර කෙටි හා ඉතා තද වැසි කඩා හැලීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරයි. මෙය කඳු බෑවුම් වල ස්ථාවරත්වය දුර්වල වීම කෙරෙහි බලපානු ලබන්නකි. භූ විද්‍යාත්මකව ඇතිවන වඩාත් ගැඹුරු නායයෑම් කල් තියා හඳුනාලත හැකි අතර මින්සුන්ගේ ජීවිත මෙන්ම දේපළද ආරක්ෂා කර ගත හැකි වෙයි. තාක්ෂණය දියුණු වීම නිසා ඉතා පහසුවෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමේ වැඩි අවකාශය හිමි වෙයි. නමුත් ලංකාව තුළ පවතින්නේ මෙහි අගතිගාමි තත්වයකි. ලංකාව තුළ දරුණු නාය යෑම් පවතිනස ස්ථෘන 3760 ක් හඳුනාගෙන  තිබේ. නමුත් ව්‍යවසනයකට පෙර පුරවැසියන් ආරක්ෂා කරන්නට හැකියාව ලැබීී නැති වීම කණගාටුදායකය.
            පසුගිය වසරේ කොළඹ ප්‍රදේශයේ දැඩි ගංවතුර තත්වයක් ඇති වූ අතර මේ වසරේදී දකුණු ප්‍රදේශයට දැඩි ගංවතුර තත්වයක් හට ගැනුණි. මේ හේතුවෙන් ජනතාවගේ ජීවිත දේපළ මෙන්ම ජන ජීවිතයද දැි ලෙස අඩිල විය. අදටත් මේ ප්‍රදේශයන්ට නිසි විසඳුමක් ලබා දීමට සාර්ථක උත්සහයක් දරා නැත. අදටත් මේ ප්‍රදේශ ආශි්‍රීතව විශාල සෞඛ්‍ය ගැටලු හා සමාජීය ගැටලු රාශියක් උද්ගත වී ඇත. ලබන වසරේදීත් මෙවන් වර්ෂාපතනයක් ඇති වෙයි. නමුත් ඒ වසරේදීත් පාලන අධිකාරිය කටයුතු කරන්නේ ද මෙ පරිද්දෙන්මය. පූර්ව ආපදා සන්නිවේදනය මනාව සිදු නොවනු ඇත. යළි යළිත් ජීවිත සිය ගණනකගේ ජීවිත අහිමි වනු ඇත. මෙවන් ගං වතුර තත්වයක් හා නාය යෑම් තත්වයක් උදා වීම කෙරෙහි මානව ක්‍රියාකාරකම් නියත වශයෙන්ම බලපානු ඇත.
            කලුතර ප්‍රදේශයේ පසු දින වලදී සිදු වූ නාය යෑම් තත්වයට මූලිකවම බලපාක ලද්දේ කුකුලේගග ව්‍යෘපෘතිය බව බොහෝ විදිවත්හු පවසති.   මෙහි ඉදිකිරීම් වලදී සිදු වූ අධික කම්පනකාරී තත්වයන් හේතුවෙන් පසුකාලීනව මෙය බලපා ඇත. දැනට ඉදි කිරීමට යොජිත හා ඉදිකෙරෙමින් පවතින බොහෝ ව්‍යාාපෘති පරිසරයට දැඩි ලෙස හානි ගෙන දෙන අතර මින් සාමාන්‍ය ජනතාවට සිදුවන හානිය ඉමහත්ය. ජනතාවට මින් ලැබෙන හානිය ජීවිත හානි දක්වා වර්ධනය වීමේ ඉඩකඩ වැඩිය. විශේෂයෙන් නායයෑම් තත්වයන් සඳහා බලපානු ලබන්නේ අධික කම්පනයන් නිසා ඇතිවන තත්වයන් හා  පස බුරුල් වීම මේ කෙරේ දැඩිවම බලපානු ලබයි.
             කෙසේ හෝ වර්තමානයේ සෑම වසරක් පාසාම දැඩි ගංවතුර තත්වයන්ට හා නායයෑම් උදා වීම සිරිතක් වශයෙන් සිදුවෙයි. කේසේ නමුත් ඇතිව තිබෙන පාරිසරික අවධානමෙන් මිදීමට හැකියාවක් නොමැති තරම්ය. එනිසා අප අවට පරිසරය පිළිබඳව මීට වැඩි අවධානයෙන් සිටිය යුතු අතර ආපදා තත්වයන් පිලිබඳ දැනුවත් වීම තුළින් පසුගිය වසර වලට වඩා ජීවිත හානි අවම කර ගැනීමේ අවකාශය හිමි වෙයි.


ආපදා සමඟ වසංගත රෝග ව්‍යාප්තිය

ගං වතුර ආපදා සමඟ වසංගත රෝග ව්‍යාප්තියේ වර්ධනය වීමක් දැක ගත හැකිය. බොහෝ ප්‍රදේශ වලට මෙය බලපා ඇති බවක් පෙනෙයි. මේ දිනවල බොහෝ රෝහල් තුළ වසංගත රෝගීන් රාශියක් දැකිය හැකි අතර මීට බලපා ඇති මූලිකම කරුණ වන්නේ අයහපත් කාලගූණ තත්වයයි.
            සෞඛ්‍ය වාර්තා වලට අනුව ගං වතුර සමයේ හට ගන්නා බොහෝ රෝගී තත්වයන් ගං වතුර සමයෙන් පසුවත් දැක ගත හැකිවෙයි. ඒ සමගම වසංගත රෝග බෝ වීමේ ප්‍රවනතාවය විශාලය. ගංවතුර යනු ජල මූලාශ්‍ර අපිරිසිදු කරන ආපදාවකි. බීමට ගන්නා ජලය මේ සෑම මූලාශ්‍රයක්ම අපිරිසිදු වෙයි. කැළිකසළ එකතු වීම නිසා ජලය අපවිත්‍ර වන අතර මේ හේතුවෙන් ආහාර හා ජලය හේතු කොට ගෙන පැතිර යන රෝග වල වැඩි නැඹුරුතාවයක් දැක ගත හැකිය.
            වසංගත රෝග අතර මූලික වන්නේ පාචනයයි. ඊ්ට අමතරව මී උණ ඩෙංගු වැනි රෝග ගංවතුර ආපදා පහව යාමත් සමඟ දැකිය හැකි රෝගිතත්වයන් වෙයි. මෙවැනි ආපදා සමයක ජනතාව සිටින සෑම ප්‍රදේශයකම පාහේ සෞඛ්‍ය කඳවුරු ක්‍රියාත්මක වනු දැකිය හැකිය. සෞඛ්‍ය නිලධාරීන් දක්වන පරිදි ඕනෑම කෙනෙකුට වෙනදැ නොමැති බඬේ අමාරුවක් වමනයක් සමේ වෙනසක් ඇති වූ වහාම හැකි ඉක්මනින් සායනයක් වෙත යා යුතු වෙයි. නැතිනම් රෝගී තත්වය උත්සන්න වී භයානක තත්වයක් උදාවිය හැකිය.
            වසංගත රෝග වලින් වැලකී සිටීමට ජනතාව සතුවද විශාල වගකීමක් ඇත. විශේෂයෙන් යහපත් සෞඛ්‍ය පුරුදු රටාවක් ඇති කර ගැනීම මෙවන් සමයක අනිවාර්ය වෙයි. ලංකාව තුළ දැක ගැනීමට අසීරු තත්වයකි මෙය. මේ නිසා රෝග බෝ වීමේ වැඩි ප්‍රවනතාවක්  වෙයි. විශේෂයෙන් බීමට ගන්නා ජලය උණු කර නිවා පානය කිරීමෙන් ඇතිවිය හැකි රෝග රැසක් වලක්වා ගත හැකි වෙයි. අමු පලතුරු ගැනීමේ දී නිවරදිව සෝදා පිරිසිදු කරගත් පමණක් ආහාරයට ගැනීම සුදුසුය. පිසීමෙන් තොරව අමු ආහාර ගැනීමේ දී රෝග ව්‍යාප්ත වීමේ වැඩි නැඹුරුතාවයක් පවතියි. එසේ ම සෑම කෑම වේලකටම පෙර සබන් යොදි අත් සේදීම අනිවාර්ය කරුණකි. එසේ ම මේ කාලය තුළ දී මැස්සන් බො වීමේ ඉහළ නැඹුරුතාවයක් පවතින අතර මැස්සා යනු රෝග වාහකයෙකි. පිසූ ආහාර වසා තැබීම අනිවාර්ය වන්නේ මේ හේතුව නිසාය. පාචනය වැනි රෝගී තත්වයන් පහසුවෙන්  ව්‍යාප්ත වීම කෙරෙහි ඉහත සෞඛ්‍ය පුරුදුු නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම දැඩිව බලපානු ලබයි.
            ගංවතුර සමයේ දී ඇතිවිය හැකි රෝග පිලිබඳ තවදුරටත් සඳහන් කළහොත්  ගං වතුර පෑගීම නිසා ද බොහෝ රෝග පැතිරීමේ අවකාශය වැඩි වෙයි. කුඩා දරුවන් ගං වතුරට බැස ක්‍රීඩා කිරීමේ ආශාවක් දක්වයි. නමුත් ගං වතුර පෑගීම මගින් මී උණ වැනි රෝගි තත්වයන්ට පහසුවෙන් ගොදුරු විය හැකිය. වර්තමානයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් විසින් මී උණ බෝ වීම වැලැක්වීමට ප්‍රතිජීවක fඖෂධ ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබයි.
            ගං වතුර බැස යාමෙන් පසුව ජල මුලාශ්‍ර ශුද්ධ පවිත්‍ර කිරිම  අනිවාර්ය වෙයි. ගංවතුර බැස යාමෙන් පසුව තමන් පරිභොජනය කරන ජල ලිං ක්ලොරින් දමා ශුද්ධ කරගැනීම අනිවාර්ය වෙයි. එසේ ම තමාගේ නිවස මනාව සුද්ධ පවිත්‍ර කිරීම යුතු වෙයි.
             ජල මුලාශ්‍ර අපවිත්‍ර වීමත් සමඟ ජනතාවට පානිය ජල ගැටලුව උග්‍රව දැනෙන්නකි. මේ නිසා  ආපදා සහන සේවකයන් බොතල් කළ පානිය ජලය ලබා දීමට පෙළඹෙයි. බොතල් නිසි ලෙස බැහැර කිරීම මේ අවධියේදී අතපසු වන ප්‍රධාන වරදකි. මේ නිසා බෝ වන රෝග ව්‍යාප්ත විමේ ප්‍රවනතාව ඉහළ යයි. විශේෂයෙන් ඩෙංගු වැනි රෝග වාහකයන්ට ප්‍රබල සම්පතකි. ඒ නිසා කැළි කසළ බැහැර කිරීමේ දී විශේෂයෙන් ආපදා පෙදෙස් වලට නිසි ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු වෙයි. විශේෂයෙන්ම තම නිවෙස් ශුද්ධ පවිත්‍ර කිරීමේ දී බොහෝ අයට වැහි පීළි ශුද්ධ කිරීම අතපසු වෙයි. මෙය ඩෙංගු වාහකයන්ට රුකුළකි.
            ආපදා සමයකදී මනා සෞඛ්‍ය පුරුදු හා තම වට පිටාව මනා ලෙස පවත්වාගෙන යාමෙන් විශාල රෝග බොහොමයක් පහසුවෙන් පාලනය කර ගත හැකි වෙයි.   





ඩෙංගු උවදුර

ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ නිවර්තන කලාපයනහි ඇති කරන්නා වූ රෝගි තත්වයකි. ඩෙංගු උණ බෝවන රෝගයකි. මාංශ පේශි වල හා හන්දිපත්වල හට ගන්නා ඉතා වේදනාකාරී තත්වයන් නිසා මෙයට ඇටකටු තලා පෙළා දමන උණ ලෙසද ප්‍රකට වෙයි. ලංකාව තූළ වර්තමානයේ පවතින දරුණුම සෞඛ්‍ය ගැටලුව මෙයයි. දත්ත විශ්ලේෂණ වලට අනුව මේ වසරේ දී  300 කට අධික පිරිසක් ඩෙංගු මාරයාට බිලි විය. බාල මහලු වැඩිහිටි බේදයකින් තොරව කාටත් පොදු ඉරණමක් බවට පත්ව ඇත. ඇත්තෙන්ම මෙම ඩෙංගු රෝගය අද වන විට පිළිලයකි. ඩෙංගු රෝගය පිළිබඳ යම් තාක් මෙහිදී දැනුවත් කිරීම උචින යැයි සිතමි.
             ඩෙංගු රෝග ලක්ෂන ලෙස ක්ෂණිකව හට ගන්නා උණ තද බල හිසේ කැක්කුම මාංශ පේශි වල හා හන්දිපත් රුදාව සහ සමෙහි ඇතිවන පැල්ලම් දැක්විය හැකිය. ඩෙංගු උණෙන් සමෙහි ඇතිවන සාමාන්‍ය පැල්ලම් එයටම ආැව්ණික දීප්තිමත් රතු පැහැයෙන් යුක්ත වන අතර සාමාන්‍යයෙන් මෙය පළමුව ඇතිවන්නේ පපුව හෝ කලව ප්‍රදේශයේ ය. ඇතිතරම් රෝගින්ගේ මෙම ලප මුළු ශරීරයම  වසා ගන්නා අතර තවද බඩෙහි ඇතිවන අම්ල ගතිය නිසා බඬේ කැක්කුම ඔක්කාරය හා මළ පහ බුරුලෙන් යාම ඇති විය හැකිය. ඩෙංගු රක්තපාත උණ ලක්ෂණ ලෙස දින 2ක් හෝ 3 ක් නොනවත්වා පවතින උණ, සම යට ඇති රතු පැල්ලම් විදුරු මස් වලින් ලේ ගැලීම නාසයෙන් ලේ ගැලීම කළු  හෝ දුඹුරු පැහැයට වමනය හෝ මළ පහ වීම (ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ලේ ගැලීම නිසා)  මුත්‍ර සමඟ ලේ පිටවීම අක්මාව ඉදිමීමෙන් ඇතිවන අධික බඬේ වේදනාව ආදිය ඩෙංගු රක්තපාත උණෙහි රෝග ලක්ෂණයි.
            ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගයකි. ඊඩිප් ඊජිප්ටයිස් හා  ඊඩිස් ඇල්බොජික්ටස්  ය. මොවුන් වැඩිපුර දෂ්ට කරන ුලබන්නේ දහවල් කාලයේ දීය. ඩෙංගු රක්තපාත උණ නිසා අසාධ්‍ය තත්වයට පත් වනුයේ මීට පෙර රෝගයට ගොදුරු වූ අයයි.   ශරීරයේ ප්‍රතිදේහ මගින් සිද කරනුයේ ආරක්ෂාකාරී පිළිවෙතකි. නමුත් ඩෙංගු වෛරසය නිසා ඇතිවනුයේ ඊට හාත්පසින් ම විරුද්ධ ක්‍රියාවලියකි. ඩෙංගු වෛරසය ශරීරගත වූ කළ ඊට එරෙහිව ක්‍රියා කරනු වෙනුවට එම ආගන්තුක වෛරසයට ශරීරය තුළ වර්ධනය වීමට රුකුල් වීමයි. මෙම වෛරසය සඳහා කිසිඳු ප්‍රතිශක්තිකරණ වෛරසයක් මේ තාක් සොයා ගෙන නැත. එම නිසා මදුරුවන් බො වන ස්ථාන විනාශ කිරීම මගින් මෙම වෛරසය යම් තාක් දුරට පාලනය කළ හැකිය. මෙම රෝගයට ප්‍රතිකාර ලෙස සිදු කරන්නේ උණ වැළදී දින 2 කින් පමණ රුධිර සාම්පලයක් පරික්ෂා කර රෝගය නිෂ්චිතවම හඳුනා ගැනීමයි. මෙහිදී රෝගියාට ආහාර ලබා නොදෙන අතර වතුර හා පලතුරු යුෂ ලබා දීම සිදු කරයි. එසේම ආසියාව පුරා 100කට අධික  රටවල් සංඛ්‍යාවකට මේ ඔස්සේ බලපෑම් එල්ල කොට ඇත. 1960 න් පසු ඩෙංගු රෝගයේ වැඩි වර්ධනයක් ඇති බව සංඛ්‍යා ලේඛණ පැහැදිලි කරයි. ඩෙංගු රෝගය සඳහා විසඳුම් තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේය.
 මෙම වෛරසය ශරීර ගත වූ  බොහෝ දෙනෙකු (80% කට පමණ ) අයත් වන්නේ මෙහි රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ගණයටයි. මෙය බොහෝ විට සාමාන්‍ය වෛරසයක  රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.  මෙම රෝග ලක්ෂණ බාහිරට පෙන්නුම් කිරීමට දින 3- 14 දක්වා කාලයක් ගත වෙයි. මුලදී අන් වෛරස් උණෙන් මෙය වෙන් කර හඳුනා ගැනීම දුෂ්කර කාර්යකි. සාමාන්‍යයෙන් ඩෙංගු රොගියකුගේ 400 ක්‍ පමණ පැවතිය හැකිය. ක්‍රමයෙන් මෙම උණ වැඩි අඩු වෙමින් පවතියි. ඩෙංගු රක්තපාතය යනු මාරාන්තික තත්වයකි. රෝග ලක්ෂන රෝගියාගෙන් රෝගියාට වෙනස් විය හැකිය. දළ වශයෙන් ගත් කල ඩෙංගු රෝගීන් 80% කට පමණ අසාධ්‍ය නොවී සුව වෙයි.
             ඩෙංගු මදුරුවාගේ ස්වරූපය සඳහන් කල කල මෙම මදුරුවා සුදු පාට ලප සහිත මදුරු විශේෂයකි. මෙම මදුරුවන් පියඹන්නේ මී.1000 කට වඩා පහලිනි. ගැහැණු මදුරුවකුන් මෙම වෛරසය ශරීර ගත වන අතර පසුව පුද්ගලයාගෙන් පුද්ලගයාට මෙම වෛරසය පැතිරී යා හැකිය. මේ මදුරුවාගේ පාද ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැක. පාදවල සුදු කලු ලෙස  තීරු දැකිය හැකිනම් ඒ ඩෙංගු මදුරුවාය.ඩෙංගු මදුරුවා පහසුවෙන් හදුනාගත හැක්කේ පාද වලිනි. සුහුඹුල් මදුරුවෙකු දිනකට  100 ක් 200 ක් අතර ප්‍රමාණයක් පිරිසිදු ජලය මත බිත්තර දමයි.  බිත්තර දැමූ ස්ථානයේන් එය ඉවත් නොකලේ නම් මාස 6-7 ක පමණ කාලයක් ඒවා  නොනැසී පැවතිය හැකිය. ඩෙංගු මදුරුවා විශේෂයේන් උදැෑසන 8-10 ත් අතර ද සවස 3-6 අතර ද කාලයේ දෂ්ට කරනු ලබයි. ළදරුවන් හා කුඩා ළමුන් ඩෙංගු රෝගය හේතුවෙන් බහුලව පිඩා විදිනු අතර අනෙකුත් රෝග සමග සැසදීමේදි ඩෙංගු රෝගය නිසා වැඩිපුර පීඩා විදිනු ලබන්නේ හොදින් පෝෂ්‍යදායීව වැඩුනු දරුවන්යග තනි දර්ශක වර්ගයකට ඩෙංගු රෝගය සම්පූර්නයෙන්ම ඇති කල හැකි අතර එක් දර්ශකයකින් ආසාදනය වු පුද්ගලයෙකුට එම දර්ශක වර්ගයට ජීවිතාන්තය දක්වා ප්‍රතිශක්තිකරනය ලැබුනද අනෙත් දර්ශක වර්ග 3 සදහා ප්‍රතිශක්තිකරන ශක්තිය ඇති වන්නේ කෙටි කලකට පමණිග ඩෙංගු රක්තපාත උණ නිසා අසාධ්‍ය තත්ත්වයට පත්වනුයේ ප‍්‍රථම වතාවට රෝගයට ගොදුරු වූ අය නොව මීට පෙර රෝගයට ගොදුරුවී සුව වී යළිත් රෝගයට ගොදුරු වූ අයයිගමිට පෙර ෘෑභඪ-1 දර්ශකයෙන් අසාදනය වූ රෝගියෙකුට දෙවන වරට ෘෑභඪ-2 හෝ ෘෑභඪ-3 ආසාදනය වුවහොත් එවර රෝගය අසාධ්‍යය තත්වයකට පත් විය හැකග තවද දියවැඩියාව හා ඇඳුම රෝගයෙන් පෙලෙන කෙනෙකුට ඩෙංගු වැලදුන විට රෝගය මාරන්තික තත්වයට පත් විය හැකග
              ආපදා සමය පැමිණීමත් සමග ඩෙංගු පාලනය කළ නොහැකි තරම් වර්ධනය වී ඇති බව පෙනී යයි. මෙයට විශේෂයෙන්ම හේතු වී ඇත්තේ තැන තැන  කසල එක් රුස් වීමයි. ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ වැසි ජලය එකතු වන ස්ථානයි. වතුර ටැංකි, හිස් ටින්, පරණ ටයර් , බොතල් නිවාස තුළ වතුර රුඳෙන මල් පෝච්චි ආදිය වතුර රුඳෙන ස්ථානයි. විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණ වන්නේ මදුරු බිත්තර වියළි ස්වභාවායේ වුවද නොනැසී පැවතිය හැකි බවයි. එම නිසා වතුර නැසූ පමණින් ඩෙංගු වාහකයා විනාශ නොවේ. මේ හේතුව නිසා ඩෙංගු වාහකයන් බෝ වන ස්ථාන පිළිබඳව වඩා සැලකිලිලෙන් සිටීම කළ යුතුමය.  දත්ත වාර්තාවලට අනුව අද වන විට ලංකාවේ ඩෙංගු රෝගීන් ලක්ෂය දක්වා වර්ධනය වී ඇත. දෛනික මරණ සංඛ්‍යාවද වර්ධනය වී ඇත.   මෙය ඉතාමත් අසතුටුදායක තත්වයකි.
            සෞඛ්‍ය වාර්තා දක්වන පරිදි ඩෙංගු මරණවලට විශේෂයෙන් හේතු වන්නේ නිසි වේලාවට ඖෂධ නොගැනීමයි. විශේෂයෙන් පිරිමි පාර්ෂවය රෝගය සඳහා ඖෂධ ලබා ගන්නේ රෝගය වැළදී උත්සන්න වූ විටය. මේ තත්වයෙන් අප ඉවත් නොවුනහොත් තවදුරටත් මරණ සංඛ්‍යාවේ අඩුවක් නොවනු ඇති. නිසි වේලාවට ඖෂධ රැගෙන ඩෙංගු උවදුරෙන් මිදීමේ වගකීම අප සතුමය. ඩෙංගු වලක්වා ගැනීමද වැළකි සිටීමද අප සතුය.  පසුගිය සතිය වන විට ඩෙංගු රෝගින් ලක්ෂයකට අධික බව රෝහල් වාර්ථා සඳහන් කරයි. මෙය අතිශයින් ම කණගාටුදායක තත්වයකි. දිනකට ඩෙංගු රෝගින් 5කට අධික ප්‍රමාණයක් මිය යයි. විශේෂයෙන් තරුණ ජීවිත ප්‍රමුඛස්ථානයක් ගනියි. නිසි වෛද්‍ය උපකාර නිසි වේලාවට නොගැනී ම මෙහි දී වඩාත්ම බලපා ඇති හේතුව බව ඔවුන් සඳහන් කරයි. කෙසේ වෙතත් ඩෙංගු රොගය වලක්වා ගැනීමේ සම්පූර්ණ වගකීම හිමිව තිබෙන්නේ අපටය. මන්ද කිසිදු පාලන අධිකාරියකට මෙයට සාර්ථක විසදුමක් ලබා දීමේ නොහෙැකියාව හා ක්‍රියා පිලිවෙතෙහි මන්ද ගාමිතවය හේතුවෙනි. මෙයට විසදුමක් සෙවීමට නොහැකි වුවහොත් එය රටේම අභාග්‍ය වනව් සේම මරණයට පත් වන රෝගින් ගණන ද මීට ඩඩා ඉහළ අගයක් ගනු  ඇත. වර්ථමානයේ පවතින ප්‍රබලම සෞඛ්‍ය ගැටලුව වන්නේ මෙම ඩෙංගු උවදුරයි.






කුණු කන්දක් ආශ්‍රිතව පවතින සෞඛ්‍ය ගැටලු

ලංකාවේ කුණු ප්‍රශ්නය මෑතකදී පටන් කාගේත් වැඩි අවධානය යොමු වී ඇති බව පෙනේ. ඔනෑම දෙයක් බලධාරීන්ට දැනෙන්නට නම් විශාල විනාශයක් සිදුවිය යුතුමය. මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම සිදු නොවුනා නම් කසල ගැටලුව අදටත් කාගේවත් අවධානයට යොමු නොවන බව වගකීමෙන් යුතුව පවසමි. කසල කන්දක් ආශ්‍රිතව ජීවත් වන්නන්ට ඇති සෟඛ්‍ය ගැටලු රාශියකි. නමුත් එය වැඩි අවධානයට යොමු නොවීම කනගාටුදායක තත්වයකි. බ්ලුමැන්ඩල් කුණු කන්ද ලංකාවේ උසම කුණු කන්දයි. එසේම වැඩිම කසල ප්‍රමාණයක් මුදාහරින කුණු කන්දයි.
            බ්ලූමන්ඩල් කුණු කන්ද නිදසුන් කොට ගත හොත් මහවත්ත රේල් පාර දෙපස පිහිටි අවම හා අඩු පහසුකම් සහිත නිවාස 17 කි. ඔවුනට මේ කුණු කන්ද විශාල කසල ගැටලුවක් බවට පත්ව අවසානය. කුණු කන්ද ආශ්‍රයෙන් මැසි මදුරුවන් බෝ වීමේ ප්‍රවනතාවය අති විශාලය. වායු දූෂණය ජල දූෂණය පාංශු දූෂණය මේ ආශ්‍රිතව දැක ගත හැකි අවාසනාවන්ත තත්වයකි. කෙටියෙන්ම කිවතොත් මෙම වැසියා ජීවත් වන්නේ දූෂිත බවින් පිරුණු වාසය කිරීමට පවා නුසුදුසු  භූමි ප්‍රදේශයකය. මෙය බ්ලූමැන්ඩල් ප්‍රදේශයට පමණක් සීමා වූවක් නොවේ. කුණු ගොඩ ගසන ලද සෑම ප්‍රදේශයකම වාතාවරණය මෙයයි.
            වැසි දින වලදී කුණු කන්ද ආශ්‍රයෙන් නැගෙන්නේ අධික අප්‍රසන්න බවකි. වැසි දින වල මේ ප්‍රදේශයෙන් කළු පැහැති දියරයක් ගලා යන නිසා ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිරී යයි. මේ හේතුව නිසා පසට හා ජලයට සිදුවන හානිය අති විශාලය.  මේ නිසා ඔවුන්ට දැඩි පානීය ජල අර්බුදයක් ඇති වී ඇත. මේ හේතුව නිසා බෝ වන රෝග වැළදීමේ සම්භාවිතාවය ඉහළය. ලිං ජලය  එවුනට කිසි සේත්ම භාවිත කළ නොහැකිය. එසේ ම මෙම ප්‍රදේශයේ ජීවත් වන්නන්ට නළ ළිං ජලය මිස අන් කිසිඳු සනීපාරක්ෂක පහසුකමක් ලබාදී නොමැති බව වගකීමෙන් යුතුව පැවසිය යුතුය. එලෙස ම කුණු කන්ද ආශ්‍රිතව ජීවත් වීමේ දී විවිධ වායූන් පරිසරයට මුදා හැරේ. මේ වායූන් මිනිසාගේ සෞඛ්‍ය තත්වය කෙරේ අධික බලපෑමක් එල්ල කරනු ලබයි.
            කුණු කඳු වරින් වර ගිනි ගනු පෙනේ. නිදසුන් ලෙස 2009.03.09 දින බ්ලූමැන්ඩල් කුණු කන්දෙහි පිපිරීම දැක්විය හැකිය. මෙම පිපිරීම හේතු කොට ගෙන අවට පරිසරය දැඩි දූෂණයට ලක් විය. කන්ද ආශ්‍රිත වූ නිවාස 4 කට අලාභ හානි සිදු විය. මෙය යම් තරමක් දුරට පාලනය කල හැකි වු නිසා එතරම් විනාශයක් සිදු වූයේ නැත.නමුත් කන්ද පිහිටා තිබෙන්නේ වරායට ආසන්නවය. එසේම මේ අවට අවම පහසුකම් සහිත ජනතාව ජීවත් වෙයි. මෙම පිපිරීම වඩා දරුණු ලෙස සිදු වූයේ නම් වැසියන් දැඩි සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දෙන බැව් දැක්විය යුතුය. මීතොටමුල්ලේ කසළ ගැටලුව කෙරේ ඉහතදී සාකච්ඡා කලෙමු. මේ අවට පරිසරයේ ද සෞඛ්‍ය අභියොග රාශියකි. කන්ද කඩා වැටීමෙන් පසු විශාල දුරක් යන තෙක් ජීවත් වීම අසීරු කටයුත්තකි. නමුත් මීට නිසි විසඳුමක් ලබා නොදීම රජයේ දැඩි දුර්වලතාවයකි.
 දැනටමත් මේ ප්‍රදේශ ආශ්‍රිතව මැස්සන් බෝ වීම වැලැක්විය නොහැකි තත්වයකි. මැස්සන් විෂබීජ කාරකයෙකි. එසේම මෙම ප්‍රදේශ වල පණුවන් විශාල ප්‍රමානයකි. මේ හේතුන් නිසා ආහාර අපිරිසිදු තත්වයක පවතියි. ආහාර අපිරිසිදු වීම දැඩි සෞඛ්‍ය ගැටලුවකි. එසේ ම පිරිසිදු වාතාශ්‍රයක් ලැබීමේ සම්භාවිතාවය අවමය. මනා කාණු පද්ධතියක් නැත. මේ නිසා වැසිකිළි අපද්‍රව්‍ය ගලා යාමේ දැඩි ගැටලුකාරී තත්වයක් පැන නැගේ. වැසි සමයේ වැසිකිළි වලවල් පිටාර යයි. මේ නිසා මෙහි වැසියන් ජීවත් වන්නේ දැඩි අසීරු පරිසරයකය. ඩෙංගු රෝගය බෝ වීමේ ප්‍රවනතාව ඉහළය. එසේම චර්ම රෝග ශ්වසන රෝග පාචනය වැනි රෝගි තත්වයන් බෝ වීමේ ප්‍රවණතාව ඉහළය. මෙය මොවුන්ගේ වරදක් නොවේ. සමස්ක ප්‍රජාවකගේ ම වැරදි වලට දඬුවම් ලබන්නේ මේ අහිංසක ප්‍රජාවයි. මේ ආකාරයට කසල කන්දක් ආශ්‍රිතව ජීවත් වන්නන්ට දැඩි සෞඛ්‍ය ගැටලු රාශියක් පැන නැගී ඇත. මෙය වර්තමානයේ ලංකාව තුළ පවතින වැඩි පිරිසකගේ අවධානයට ලක් වුන ද නිසි විසදුම් ලබා දීමට නොහැකි වූ ඉතාමත් ශෝචනීය සෞඛ්‍ය ගැටලුවකි.



ශ්‍රි ලංකාවේ පවත්නා අනෙකුත් සමාජ හා ආර්ථික ගැටලවලට සාපේක්ෂව ඉදිරුයට යන නිහඩ නමුත් වර්ධනය වන ගැටලවක්  ලෙස ඝනඅපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ගැටලුව පෙන්වා දිය හැකිය. ශීඝ ජනගහන වර්ධනය කර්මාන්ත අංශයේ වේගවත් දියුණුව යටිතල පහසුකම් වර්ධනය වීම සහ මිනිසුන්ගේ අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් කළමනාකරණය නොවීම මෙම ඛෙදනිය තත්වයට ප්‍රධාන හේතුව ලෙස දැකිය හැකිය. මෙහි දී වඩාත් සැලකිය යුතු කරුණක් වන්නේ මෙය හුදකලා ගැටලුවක් නොව සමාජ ආර්ථික පාරිසරික සෞඛ්‍ය ආදී ලෙස  ගැටලු හා අභියොග රැසකට මුල්වන ගැටලුවක වීමයි. ආසියාවේ බොහෝ දියුණු   රටවල් විසින් සිදු කරන්නේ මෙම ඉවත ලන අපද්‍රව්‍ය සනීපාරක්ෂක ක්‍රමවේදයනට යටත්ව බැහැර කිරීමයි. මෙහිදී සිදු වන්නේ යම් පිටියකට කුණු විවෘතව ගොඩ ගසනවා වෙනුවට ඒ වෙනුවෙන් ම සැකසු ස්ථානයක විද්‍යාත්මක ක්‍රමයකට හසුරුවාලීමයි. මේ තුළින් විෂ වායු හා අපිරිසිදු ජලය පරිසරයට එකවීම් වලක්වා ගතහැකිය. දකුණු ්  කොරියාව මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාතමක වන රටකි.  නමුත් එය අපේ රටට සෑහීමකට පත්විය හැකි විසදුමක් නොවේ. එම ක්‍රියාවලිය සිදුකරන අතරතුර ම කෙසේ හෝ මෙම ප්‍රශ්නයට කඩිනමින් දිගු කාලීන විසදුමක් සොයා ගත යුතුමය.මීතොට මුල්ලේ සිදු වූ ඛේදය තවත් දිනක තවත් තැනක සිදු වීම දැකීමට තරම් අප දෙනෙත් පව්කාර විය යුතු නැත. සිදුවිය යුත්තේ මෙහි වගකීම තිබූ රජයට හෝ පවතින රජයට පවරමින් ඒ මේ අත බෝල පාස් කිරීම නොව එක් සත්ව එක් සිත්ව ඇති සියලුම ක්‍රමෝපායන් බාවිතා කරනුයේ සියලු පාර්ශවයන්හි නැගී සිටීමයි. කිසි කලකත් රජයට මේ සඳහා තනිව විසදුම් සෙවිය නොහැක. ඒ සඳහා ප්‍රජා සහභාගිත්වය නිතැතින්ම අවශ්‍ය වන්නේය. නමුත් මේ කෙරෙහි රජය සතු වගකීම සුලුපටු නොවන බවද අපි දනිමු. පවත්නා තත්වය සමනය කිරීම පැලැස්තර විසදුම් නොව දිගු කාලීන විසදුම් සෙවිය යුතුය. අවසාන වශයෙන් මින් ඉදිිරියට ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතු වලදී කුණු කසල ප්‍රශ්නය කළමනාකරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමුවිය යුතු  අතර ජාතික මට්ටමින් ඒ සඳහා කළමණාකාර සැලසුම් සකස් කිරීම ද ප්‍රමුඛ විම යුතුය. ඒ සඳහා නිරවුල් ආයෝජන ප්‍රතිපත්ති රාමුවක් සහ නියාමනයක් කිරීම තත්කාලීන රජයේ වගකීමකි. එසේම එකී විධි විධාන වලට අයත් නීතීන් ද සැමට එක සේ ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වන්නේය. මේ කුමක් කළත් සමාජය සිය කාර්ය භාර්යය නිසි ආකාරව ඉටු නොකරන තාක් මෙය පහසු නොවනු ඇත.
තවදුරටත් සඳහන් කළහොත් ලංකාවේ පවතින පාරිසරික ගැටලු රාශියකට මුල් වී ඇත්තේ මානව ක්‍රියාකාරම්ය. සමුදුරු දූෂණය දැනට දැඩා ලෙස නොදැනුනත් අනාගතයේ මෙය උග්‍ර ගැටලුවක් බවට පත් වෙයි. විශේෂයෙන් ඉදිකිරීම් මෙම තත්වයට මූලිකම හේතුවක් වී ඇත. ඉදිකිරීම් සංවර්ධිත රටක සිදු කළ යුතුමය. එනමුත් එයට මනා සැලසුමක් පැවතිය යුතුය. පරිසරයට සිදුවන හානිය  ඉතා අවම වන අන්දමින් සිදු කළ යුතුය. කෙසේ නමුත් වර්තමානයේ පාලන අධිකාරියේ ගැටලුව වන්නේ සැලසුමක හෝ  දුරදක්නා කුවණක් නොතිබීමයි. සිදු කරන සෑම ක්‍රියාවක්ම අටුව කඩා පුටුව සෑදීමක් වැනිය. පසුකාලීනව සිදුවන විපත් අවම කිරීමට මෙම පාලන අධිකාරියට කිසි සේත් ම නොහැකි වනු ඇත. දහස් ගණනක් ජීවිත විනාශය අවම කිරීමට කිසිවකුට නොහැකිවනු ඇත.  කුණු කන්දක් නිසා මිනිසුන් මැරෙන එකම රට ලංකාවයි.කෙදිනක හෝ නුදුරේදී ම  තවත් එවන් විපර්යාසයක් වනු නොඅනු මානය.
සුනිමි ව්‍යවසනය ඔබට හොදින් මතකයේ ඇතැයි සිතමි. උතුරු ප්‍රදේශයට එය එතරම් බල නොපෑවේ එහි පැවතියා වූ හිරිගල් පර්වත හේතුවෙනි. නමුත් සේතු සමුද්‍රම් ඇළ ව්‍යාපෘතිය හේතුවෙන් හෙහ හිරිගල් ප්‍රදේශය කැඩී යන අතර ඉතා පහසුවෙන් සුනාමි තත්වයන් උතුරුකරයට සුනාමි රළ පහසුවෙන් ඇතුලුවනු ඇත. දකුණු ප්‍රදේශයට බලපෑ ප්‍රමාණයට වඩා විශාල බලපෑමක් මේ තත්වය උඩඇති වනු ඇත. අද වන විට මත්ස්‍ය සම්පත ශීඝ්‍රයෙන් විනාශයට ලක් වෙමින් පවතියි. මෙයට මූලිකවම හේතු වී ඇතතේ නියමිත සීමාවලින් තොරව මත්ස්‍ය කර්මාන්තය් නියලීමයි. විශේෂයෙන් මෙහිදී ඩයනමයිට් යොදා මත්ස්‍යයින් මැරීම මේ කෙරෙහි බලපානු ලබන ප්‍රධානතම කරුණකි. අතීත ධීවරයා මනා සීමාවකින් යුතුව ධීවර කර්මාන්තයේ නියැලුනි. ඒ හේතුවෙන් මත්ස්‍ය සම්පතේ අඩුවක් සිදු වූයේ නැත.
මෙහි දී දඩයම පිළිබඳවද යමක් සඳහන් කල යුතුය. වර්තමානයේ දඩයම සම්බන්ධව ඇත්තේ  ඉතාම කනගාටුදායක තත්වයකි. අතීතයේ තරම් වයසට ගිය පිරිමි සතුන් දඩයම් කරනු මිස ගැහඅනු සතුන් දඩයම් කලේ නැත. වර්ගයා බෝ කරනු ලබන්නේ ගැහැනු සතුන් වීම මෙයට හේතුයි. එසේ ම ගැබිනි සතුන් කිසි විටකත් ඝාතනය කලේ නැත. මේ නිසා පරිසරයේ සමතුළිත තාවය මනාව පැවතුනි. සතුන්ගේ හිඟයක් සිදුවූයේ ද නැත. නමුත් කිසිදු සීමාවකින් තොරව වර්තමානයේ දඩයම් සිදු වීම හේතුවෙන් බොහෝ සතුන්ගේ ජීවිත පවතින්නේ දැඩි අවධානම් තත්වයකයි. ඇතැම් සතුන් රතු දත්ත පොතට පවා ඇතුලත් වි තිබේ. අලි මිනිස්  ගැටුම ප්‍රබලව දැකිය හැකි ගැටලුවකි. අහිංසක සතුන්ට දොස් පැවරිය යුතු නොවේ. සතුන්ගේ වාස භූමි අයිති කරගෙන ඇත්තේ මිනිසුනුයි. සතුන් ගම්වැදී  මිනිස් ජීවිත මෙනම දේපළ හානි කිරීම පිළිබඳව කිසිවකුට දොස් නැගිය නොහැකිය.ජනගහනය  වැඩි වූවාට සතුන් පලි නැත. සතුන්ද  මෙලොව ජීවත් විය යුතුමය. ඔවුනට ද මෙම භූමිය පිළිබඳව දැඩි ඇල්මක් ඇත. අයිතියක් ඇත.  මේ බැඞ් අප වටහා ගත්තේ නම් මෙවන් විපත් සිදු නොවනු ඇත. අදටත් අප ප්‍රමාද නැත. සතුන්ගේ අයිතීන් සුරුකීමට දෙපාර්තමේන්තු ප්‍රමාණවත් නොවේ. සෑම දෙයකටම මෙන්ම වැදගත් වන්නේ මනසයි. සැම දෙනාම එක  හා සමව සිතුවහොත් විපත් අවම කර ගැනීමේ අවස්ථා බොහෝය.
ඩෙංගු උවදුර වර්තමානයේ ලංකාවේ පවතින ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවයි. අද වන විට ඩෙංගු රොගීන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් වන අතර දෛනික මරණ සංඛ්‍යාවද ඉහල යමින් පවතියි.බාල මහලු බේදයක් නැත. මෙහිදී සෞඛ්‍ය අංශ වැඩි අවධානය ලක් කර යුතු තත්වයක් පිළිබඳාව දක්වනු කැමැත්තෙමි. පසුගිය සමයේ ඩෙංගු රෝගීන් ප්‍රමාණය සැලකිය යුතු අන්දමිත් ඉහළ ගියේය. මෙහි දී ඇති වූ ගංවතුර තත්වය වැඩි වශයෙන් බලපාන්නට ඇත. එනමුත් කාගේත් අවධානය යොමු නොවූ දෙයක් ඩෙංගු රෝගය මෙතරම් ව්‍යාප්ත වීම කෙරේ බලපාන්නට ඇති බව සිතේ. කෙසේ නමුත් අද වන විට මෙය ජාතික ප්‍රශ්නයකි. නමුත් අවධානය මන්දගාමීය. ප්‍රතිපත්ති සැකසීම මන්දගාමීය. තවදුරටත් දිනෙන් දින අහිමි  වන  මෙවන් ජීවිත බේරා ගැනීමට අප මන්දගාමීව ක්‍රියා කළ යුතු නොවේ. සරසවි සිසුන් වශයෙන් අපට ද මේ කෙරෙහි ඇත්තේ  සුවිසල් වගකීමක් නොවේ.  උද්ඝෝෂන පමණක් ප්‍රමාණවත් නොවන බව මගේ මතයයි. අප ජනාතාව පිළිබඳව සිතන බව ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුය. නැතිනම් ජනතාවගේ මුදල් වලින් ඉගෙන ගන්නා අපට මෙය ශාපයක් වනු ඇත.
අතීතයේ මිනිසා රුක්ෂ දේවතාවන් නැමදුහ. ඔවුන්ගේ පිහිට ආරක්ෂාව අයැද සිටියෝය. එලෙසම දෙවියෝද ජනතාවට පිහිට ආරක්ෂාව නොමසරුව ලබා දුන්නේය. ක්‍රමක් ක්‍රමයෙන් මිනිසාගේ හදවත දූෂණය වන්නට පටන් ගත් දා පටන්ම රුක්ෂ දේවතාවන් මෙලොව හැර යන්නට ඇත.  නමුත් දෙවියන් යළි මෙලොවට පැමිණ ඇත. ඒ ගං වතුර නියං නායයෑම් ස්වරූපයෙන්ය.  දෙවියාගේ කෝපය සංසිදු වීමට නම් අප පරිසරයට ආදරය කළ යුතුය. පරිසරය රැක ලත යුතුය. නැතිනම් කෝප වූ දෙවියා අපට කල් ගෙවීමට සුන්දර පරිසරයක් හෝ මිනිසුන් ශේෂ නොකරනු ඇත. ඒ දින තවත් කල් දැමීමට නම් අප වගකීමෙන් යුතුව ක්‍රියාකල යුතු වෙමු. අප රට සුරැකීම අප සතුම වගකමකි.

 නාය යෑම් ගං වතුර අදවන විට කාගේත් කතා බහට ලක් වන මාතෘකාවකි. ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමත් කසළ  ප්‍රතිචක්තීකරණය සිදු නොවීමත් නිසා කුණු ගැටලුව අද වන විට උග්‍ර සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව අවසානය. එසේ ම එය ප්‍රබල පරිසර ගැටලුවකි. වන විනාශය, සමුදුරු දූෂණය ,ගං වතුර තත්වයන් මෙන්ම නාය යෑම් අද වන විට ලංකාවේ පවතින ප්‍රබල පාරිසරික අර්බුදයන් ලෙස මේ අනුව පෙනී යයි.
පරිසර දූෂණයන් හා සෞඛ්‍ය ගැටලු බොහෝ විට ඇති වන ක්‍රම 2කි. ඒ ස්වභාවිකව හා මිනිසාගේ අනුදැනුම මතයි. අද වන විට මේ තත්වයන් වැඩි පුරම සිදු කරනf්න් මිනිසාගේ අනු දැනුම මතය.  මිනිසාගේ අක්‍රමවත් ක්‍රියා පිළිවෙළ මේ කෙරෙහි දැඩිව බලපානු ලැබ ඇති බව පැහැදිලි වෙයි.මිනිසාගේ අනුවන  ක්‍රියාකාරකම් හේතුවෙන් අද බොහෝ ස්වභාවික සම්පත් හායනයට ලක්ව ඇත. වර්තමානයේ ගහක් කොලක් දකින්නට නම් ගැමි පරිසරයකට ම යා යුතු නොවේ ද. සිසිලි සුලං පොදක සුවය විඳ ගැනීමට නගරයේ ඉඩ නොමැත. අවාසනාවකට ග්‍රාමීය පරිසරයත් ක්‍රමක්‍රමයේන් නාගරීකරණය වෙමින් පවතියි. නුදුරේදීම ගසක් කොලක් යනුවෙන් දෙයක් බලා ගැනීමට අපට රක්ෂිතයක් ලෙස නම් කර ඇති පෙදෙසකට යාමට සිදු වනු නොඅනුමානය. මේ ගමන් කරන ක්‍රමවේදය අනුව එම තත්වය වැඩා ඈතක නොවේ.
අපට දෙන දේ හැටියට ලැබෙනවා යන මතය ග්‍රාමිය වදනක් වුව ද අතීත වදනක් වුව ද අද එය හොදින් ක්‍රියාත්මක වනු දැකිය හැකිය. අද සමාජයේ දැකිය හැකි බොහෝ සෞඛ්‍ය ගැටලු මිනිසා විසින් ම නිර්මාණය කෙරුණ රෝගී තත්වයන් ය. අප පරිසරයට ආදරය කරන්නේ ද? එය ගැටලුවකි. අප පරිසරයට ආදරය නොකරන්නා සේම පරිසරය ද අපට පෙරළා ආදරය ආරක්ෂාව ලබා දෙන්නේ නැත. එහෙයින් මෙතරම් සෞඛ්‍ය ගැටලු රාශියක් උත්ගත වී ඇතැයි මට සිතේ. මෙය හුදෙක් මගේ මතයයි. ඩෙංගු රෝගීන් වර්තමානයේ ලක්ෂයකට අධිකය. මෙය අතිශයින් ම කණගාටුවට පත්විය යුතු කරුණක් නොවේ. ලැජ්ජාවට පත් විය යුතු කරුණකි. කුණු කන්දක් කඩා වැටීමෙන් ජනතාව මිය ගිය රටක් ඔබ අසා තිබේ ද? ඔව් ඒ ලංකාවයි. නිසි කසල කලමණාකරනයකට මං පහදා ගැනීමට කිසිවකුටත් නොහැකි වී ඇත. විශ්ස විද්‍යාල සිසුන් ලෙස අප ජනතාවගේ දැවෙන ප්‍රශ්න හමුවේ නැගි සිටින බව පවසයි. ඔව් නැගී සිටියි. ඒ ජනතාව පීඩාවට පත් කරමින් උද්ඝොෂණවල නිරත වීමටය. අප උගත් යැයි සිතනවානම් සිදු විය යුත්තේ උද්ඝෝෂණය කිරීම නොව ජනතාවගේ මෙම ප්‍රශ්න වලට ක්‍රියාකාරී විසදුමක් ලබා දීමයි. රටේ සැමට ආදර්ශයක් වීමයි.  උගත් බුද්ධිමතුන් කොතෙක් සිටියත් පලක් නොවනු ඇත. මන්ද මෙවන් ජීවිත ප්‍රමාණයක් දේපළ ප්‍රමාණයක් දිනෙන් දින විනාශ වන  තුරුම පාලන අධිකාරියේ නිද්‍රාශිලි ස්වභාවයෙන් සිටීමයි. මාධ්‍ය මගින් මේ කෙරෙහි අවධානය යොමු කරනු දැක ගත  හැකිය. මෙහිලා වර්ථමානයේ වැදගත් කාර්යයක් ඉටු කරනු ලබන්නේ මාධ්‍යයයි. 
කෙසේ නමුත් ිකිසිවෙකුට පවසා පලක් නැත. වර්ථමානයේ ලංකාවේ පවතින පරිසර ගැටලු හා සෞඛ්‍ය පිළිබඳ සංක්ෂිප්ත ව සඳහන් වී ඇත. සමස්තයක් වශයෙන් ගත් කළ මෙම අවාසනාවන්ත තත්වය කෙරෙහි බලපා ඇත්තේ මානව ක්‍රියාකාරකම්මය. මෙකි තත්වය පාලනය නොවුනහොත් නුදුරේදී ම ස්වභාවික විපත් රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. එලෙසම ජීවිත රැසක් ලංකා මාතාවට අහිමි ව යනු ඇත. කනගාටුවට කරුණ වන්නේ මෙයයි. ස්වභාවික විපත් හා සෞඛ්‍ය ගැටලු නිසා ඇතිවන විපත් අපම  නිර්මාණය කරගත් ඒවා වීමයි. එ නිසා අප අද පටන් ක්‍රීයාත්මක විය යුතුය නැතිනම් අපට හෙටක් ඉතිරි නොවනු ඇත.









ආශ්‍රිත ග්‍රන්ථ

          ගෝලීය පාරිසරික වෙනස්වීම් සහ මානව ලෙඩරෝග – ඉන්ද්‍රානි මල්ලිකා ශකුර්, ආරිය ප්‍රකාශකයෝ, 2005 ජූලි
          නිල් වන පෙත  - මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය
          ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා මෑත කාලීන පාරිසරික අර්බුද   -් කරුණාරත්න,විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය ,2009
          සුවය සැනසුම ඔබේ දැතින්- වෛද්‍ය සංජීව ප්‍රහර්ශන රන්වැල්ල, සංවර්ධන අධ්‍යාපන ප්‍රකාශන,2000 ජනවාරි




Comments

Post a Comment

Popular Posts