වෙළඳ දැන්වීම්කරණය




 ජනමාධ්‍ය අතර රූපවාහිනිය හා පුවත්පත ජනතාව අතර ඉතාමත් ජනප‍්‍රිය මාධ්‍යන් ද්විත්වයකි. මෙම මාධ්‍යයන්ගේ ආර්ථිකය මූලික වශයෙන් ම රඳා පවතින්නේ වෙළඳ  දැන්වීම් මතයි. මෙම ලිපිය තුලින් සාකච්ඡුාවට ලක් කෙරෙන්නේ වෙළඳ දැන්වීම් පිලිබඳව හා එහි ස්වභාවයන් පිළිබඳවයි. ඒ සඳහා රූපවාහිනි වෙළඳ දැන්වීම් දෙකක් හා පුවත්පත් වෙළඳ දැන්වීමක් නිදසුන් කොට ගෙන ඇත.


වෙළඳ දැන්වීම් යනු සමාජයේ ප‍්‍රබල බලපෑමක් එල්ල කළ හැකි මාධ්‍යයකි. එහෙයින් භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේදී යොදා ගනු ලබන මෙම වෙළඳ දැන්වීම් පිළිබඳව සුලූකොට තැකිය යුතු නොවෙයි. දැන්වීම්කරණය පිළිබඳ අවධානය යොමු කරන ප‍්‍රධාන පාර්ශව 03 කි. පලමු පාරශවය සන්නවේදනයේ නිරත වූවන්ය. දෙවෙනි කාර්යය අලෙවිකරණ කාර්යයේ නිරත වූවන්ය. තුන්වන්නා වූන පාර්ශවය වන්නේ දැැන්වීම් නිර්මාණ කාර්යයයෙහි නිරත වන්නා වූ පිරිසයි.දැන්වීම් පිළිබඳව මූලික නිර්වචන කිහිපයක් තුළින් දැනවීම්කරණය් යනු කුමක් ද යන්න දක්වා තිබෙයි.
මූලික වශයෙන්ම දැන්වීම්කරණය අවශ්‍ය වන්නේ ප‍්‍රචාරණය උදෙසායි. විනාඩි 2 ක් හෝ 3 ක කාලයක් තුළ අදාළ වෙළඳ දැනිවීම තුළීන් දැන්වීම්කරුවාගේ අවශ්‍යතාවයන් සපුරාලීම වෙළඳ දැන්වීම තුළින් සිදු විය යුතු මූලික ම කරුණකි. එහෙයින් වෙළඳ දැන්වීම තුළ පැවතිය යුතු සෑම අංගයකම පාහේ යම් අර්ථයක් ගැබ්විය යුතුයි. යම් හෙයකින් අදාළ වෙළඳ දැන්වීම අසාර්ථක වුවහොත් දැන්වීම්කරු යොදන්නා වූ සමස්ථ වියදම නිශ්ප‍්‍රයෝජන  වෙයි. මේ හේතුවෙන් වෙළඳ දැන්වීම් නියොජිත ආයතනය වෙළඳ දැන්වීමක් ඉතා සාර්ථක අන්දමින් නිර්මාණය කළ යුතුය.
වෙළඳ දැන්වීමක අන්තර්ගතයෙහි එනම් පිටපතෙහි පටන් තාක්ෂණික අංශය දක්වා වඩාත් හරවත් අන්දමින් නිර්මාණය කිරීමෙන් එම වෙළඳ දැන්වීම පාරිබෝගිකයාගේ ආකර්ශණයට නිතැතින් ම ලක් වෙයි. පිටපත් රචනය, අදාළ කතාව හෝ සිද්ධිය, චරිත තෝරා ගැනීම, නිර්මාණයට අවශ්‍ය පරිසරය තෝරා ගැනීම  මෙන් ම තාක්ෂණික අංශය යටතේ ආලෝකකරණය,  කැමරා රූප රාමු රූප කොණ භාවිතය, වේෂ නිරූපණය, සංගීතය යොදා ගැනීම, භාෂාව මේ ආදී වූ සෑම සියලූ ලක්ෂණයක් කෙරහි ම අවධානය යොමු කිරීම තුළින් සාර්ථක වෙළඳ දැන්වීමක් නිර්මාණය වෙයි.  එලෙස ම පුවත්පත් තුළ ද වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීම තුළින් අදාළ පාරිබොගිකයගේ අපේක්ෂාවන් සපලතාවයට පත් වෙයි. පුවත්පත් වෙළඳ දැන්වීමක ද සැලකිය යුතු කරුණූ කිහිපයකි. ස්ථානගත කරන තැන, වර්ණ භාවිතය,  අක්ෂරවල ප‍්‍රමාණය , මේ ආදී වූ සියලූම කරණු පිළිබඳ පුවත්පත් දැන්වීමක් නිර්මාණය කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණකි.මේ ආකාරයට රූපවාහිනි හා පුවත්පත් දැන්වීමක් තුළින් පාරිබෝගිකයා ආකර්ශනයට ලක්වන අයුරු ද ඒ සඳහා වෙළඳ දැන්වීමක් යොදා ගෙන ඇති තාකෂණක හා සාහිත්‍යමය ලක්ෂණය පිළිබඳව මෙම ලිපිය තූල සාකච්ඡුාවට ලක්කර ඇත. ඒ රූපවාහිනි දැන්වීම් ද්විත්වයක් හා එක් මුද්‍රිත මාධ්‍ය දැන්වීමක් මගිනි.

”වෙළඳ දැන්වීම යනු මට හමු වූ සියලූ සාහිත්‍යයන් අතර අමාරුම වඩාත් පුදුම එලවන සාහිත්‍යාංගයකි.එහි ප‍්‍රවීණයකු වීම සියල්ලනට ම වඩා අපහසුය. අති සාර්ථක සොනාටවන් දහයක් ලිවීම තුළින් ඔබට අවම විවේචන කිහිපයකින් ඒ කාර්යය නිම කළ හැකිය. එහෙත් වඩා  අපහසු දෙය වන්නේ විවේචනයේ නොයෙදෙන්නා වූ දහස් ගණනක් පාරිබෝගිකයන් උදෙසා සාර්ථක වූ එක් වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමයි. ”
ඕඞ්ස් හක්ල්ස් 1894-1903

”ප‍්‍රචාරණය යනු භාණ්ඩ හෝ සේවා හෝ පිළිබඳව වඩාත් පොළඹවන සුලූ අලෙවි පනිවිඩය හැකි අඩුම පිරිවැය යටතේ තෝරාගත් පිරිසක් වෙත ඉදිරිපත් කිරීමයි. ”
මහා බි‍්‍රතාන්‍ය  වෘත්තිය ප‍්‍රචාරකයන්ගේ සංගමය

”දැන්වීම්කරුවා නීතිය වෛද්‍ය විද්‍යාව හා සමානව දැන්වීම් පිළිබඳව කල්පනා කරන අතරම තාර්කික කේතයකට අනුව එම කේතයන් ආරක්ෂා කරමින් සෑහෙන තරම් විෂයානුබද්ධව දැනුම හා පුහුණුව පදනම් කරගෙන කටයුතු කරයි.”
එස් වොට්සන් ඩුන් හා ආර්නොල්ඞ් එම් බාබන්

”විකුණුම් ලබා ගැනීමේ ද ප‍්‍රසිද්ධිය ලබා ගැනීමේද එක් මාර්ගයක් වෙළඳ දැන්වීම්”
oxford dictionary
”නිර්මාණාත්මක දැන්වීම් පුද්ගලයාගේ ඉල්ලූම වැඩි කොට නව භාණ්ඩ පිළිබඳ දැනුම පුද්ගලයාට ලබා දෙයි.”

”දැන්වීම් වලට ශක්තිමත්ව පැවතිය හැක්කේ සමෘද්ධිමත් සමාජයක පමණි. සැපයීම් ශක්‍යතාව ඉල්ලලූම ඉක්මවා ගිය විට සංතෘප්තිය ඇති වෙයි. එවිට දැන්වීම් මගින් ඉතා අවශ්‍ය කාර්යය භාර්යයක් ඉටු කරයි.”

ඬේවිඞ් පෝටර්

මේ ආකාරයට දැන්වීම්කරණය යනු යමෙක් යම් කාර්යයක් සඳහා පොළඹවාලීම සඳහා කරනු ලබන සන්නිවේදන බලපෑම ඔහුට ප‍්‍රතික්ෂේප කළ නොහැකි වන ආකාරයෙන් සැලසුම් සහගතව ඉදිරිපත් කිරීමකි. ඒ අනුව කිසියම් පිරිසක් විසින් විශාල කණ්ඩායමක්  වෙත තම අවශ්‍යතාව මෙහෙයවනු පිණිස වන සන්නිවේදන ක‍්‍රියාවලියකි.

වෙළඳ දැන්වීම් ඉතිහාසය හා දැන්වීම් නියොජිත ආයතනයක් යනු ්‍්‍

ප‍්‍රාග් ඓතිහාසික මානවයා අඳින ලද ලෙන් සිතුවම් ඔවුන්ගේ යම්කිසි අදහසක් සම්පේ‍්‍රෂණය කිරීම අරමුණු කරගනිමින් සිදුකරන ලද සන්නිවේදන මාධ්‍යයකි. මේ අනුව වෙළඳ දැන්වීම් කලාවේ ඉතිහාසය ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා අතීතයකට දිව යන බව පෙනෙයි. නමුත් ප‍්‍රාග් ඓතිහාසික යුගයේදී සිදු වූ දැන්වීම්කරණය හුදු අලෙවිකරණ සීමාවකට යටත් නොවූකි. කොලින්ස් විශ්ව කොෂයේ සඳහන් පරිදි මීට වසර තුන්දහසකට පෙර ඊජිප්තුවේ ෆෙස් නමැති ප‍්‍රදේශයේ දැන්වීමක් සහිත පැපිරස් පත‍්‍රයක් හමුව තිබේ. එහි සඳහන් වන්නේ අගනා වහලෙකු සොයා දෙන්නෙකුට ත්‍යාගයක් පිරිනමන බවයි.  නිව් ස්ටෑන්ඞ් විශව කෝශයේ සඳහන් පරිදි මෙතෙක් වාර්තා වන්නා වූ පැරණිම ලේඛනගත දැන්වීම ඊජිප්තුවෙන් සොයාගෙන තිබේ. ඒ ලෝහ පලකයක් සඳහන් ෂෙම් නම් වහලෙකු තම කාර්යය සාර්ථකව හමාර කළ පසු රන් කාසියක් ලබා දෙන බව  දැන්වීම තුළ සඳහන්ය.
බුද්ධකාලීන සමාජයේ පවා දැනුම් දීමේ පරමාර්ථයෙන් ප‍්‍රචාරණ කාර්යයන් සිදුකර ඇති නමුදු ඒ වානිජ පරමාර්ථයෙන් නොවේ. රෝමයේ වෙළඳ ප‍්‍රජාව සිය අලෙවිය සඳහා ගැනුම්කරුවන් දැනුවත් කිරීම සඳහා ප‍්‍රචාරණයේ යෙදුන බව පොම්පෙයි නගරයෙන් හමු වූ පුරාවිද්‍යාත්මක  සාධක සාක්ෂ දරයි. ජොහැන්ස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගැනීමත් සමග ප‍්‍රචාරණය නව මගකට යොමු විය. ඒ අනුව මෙය සොයා ගැනීමෙන් අනතුරුව වසර 40 කට පසුව එංගලන්තයේ පළමු මුද්‍රත වෙළඳ දැන්වීමක් නිර්මාණය කෙරුණි. එය පූජ්‍ය පක්ෂය සඳහා වෙළඳ දැන්වීමක් ඇතුළත් අත් පත‍්‍රකාවකි. එලෙසම එය දේවස්ථාන වල දොරටවල ඇලවීම සඳහා භාවිත කරන ලද්දකි.මෙය ඉංග‍්‍රීසි බසින් මුද්‍රිත ප‍්‍රථම බාහිර ප‍්‍රචාරණ දැන්වීම බවටද පත් විය.
මුද්‍රිත කලාවේ වර්ධනත් සග පුවත්පතෙහි දැන්වීම් ප‍්‍රමාණය සාපේක්ෂව ඉහළ අගයක් ගැනුණි. දිනපතා පුවත්පතක් මෙරට ප‍්‍රථමයෙන් නිකුත් වූයේ 1702 දීය. එය ඬේලි කැරන්ට් නම් විය. මෙය දැන්වීම් ප‍්‍රධාන ආදායම් මාර්ගය කරගනිමින් විශාල කාලයක් පවත්වාගෙන ගියේය.වෙළඳ දැනවීම් කලාවේ පියා ලෙෂ හැඳින්වෙන්නේ බෙන්ජමින් ෆ‍්‍රෑන්කලින් ය. ඔහු වඩාත් නිර්මාණාත්මක ගුණයෙන් යුක්තව වෙළඳ දැනවීම් පල කර තිබේ. පළමු ලොක යුද්ධයෙන් අනතුරුව වෙළඳ දැනවීම් ක්ෂෙත‍්‍රයේ වෙනසක් සිදු විය. යුද්ධ කාලයේදී අසුරන ලද කෑම සිගරට් ආදිය අලෙවි කිරීම සමබන්ධයෙන් දැන්වීම් යොදා ගෙන තිබේ. විශේෂයෙන් 1950 න් පසුව දැන්වීම් වල ඡුායාරූප භාවිතය බහඅලව දැක ගත හැකිවිය.
රූපවාහිනිය පැමිණීමත් සමග වෙළඳ දැන්වීම් නවම පන්නරයක් ලැබින. වර්තමානයේ රූපවාහිනිය තුළ පමණක් නොව සාමාන්‍යයෙන් දැකිය හැකි වෙළඳ දැන්වීම් ක‍්‍රමක් වනනේ ගරිල්ලා ප‍්‍රවර්ධනයයි .මෙහිද සිදු වන්නේ පාරිබොගිකයා අපේක්ෂා නොකරන අවස්ථාවක වෙළඳ දැන්වීම් ප‍්‍රචාරණය සිදු වීමයි. මෙය ඉතා හසුවෙන් සිදු කළ හැකි ක‍්‍රමයකි. පාරිබෝගිකයා වෙත බලයෙන් බලපෑමක් සිදු කිරීම මෙම වෙළඳ දැන්වීම් වල ස්වභාවයය

”දැන්වීම් නියොජිත ආයතනයක් යනු ප‍්‍රචාරණ සැලසුම්, ප‍්‍රචාරණ දැන්වීම් හා අනෙකුත් ප‍්‍රවර්ධන ක‍්‍රමොපායන් සකස් කිරීම හා වර්ධනය කිරීම පිළිබඳ විශේෂඥ දැනුමකින් යුක්ත වූ නිර්මාණකරුවන් හා ව්‍යපාරික පුද්ගලයන්නේ සැදුම්ලත් ස්වාධින වූ ව්‍යාපාරික සංවිධානයකි. ”
විජේසිංහ

වෙළඳ ප‍්‍රචාරණයේ දී මුලිකව ම දැනගතයුතු කරුනක් වන්නේ එය මූලික දැන්වවීම්කරු හා මාධ්‍ය අතර සෘජු සම්බන්ධතාවයක් නොපවතින බවයි. මාධ්‍ය හා දැන්වීම්කරු අතර සබඳතාවය ‍ෙගාඩනංවන්නේ දැන්වීම් නියොජිත ආයතනයයි..

වෙළඳ දැන්වීම් ආයතනයක් යනු භාණ්ඩ හා සේවා අලෙවි කරන්නවුන් වෙනුවෙන් පාරිබොගිකයා සෙවීම සඳහා වෙළඳ දැන්වීම් නිර්මාණය කොට මාධ්‍යගත කරන්නා  වූ නිර්මාණාත්මක ව්‍යාපාරික ආයතනයකි.”
ඇමෙරිකානු වෙළඳ දැන්වීම් ආයතන සංගමය

 වෙළඳ දැන්විම්කරණය  යනු  ප‍්‍රධාන වශයෙන් ම ව්‍යාපාරික කටයුත්තකි.  මේ සඳහා පුද්ගලියන් කටයුතු කැනු ලබන්නේ කාලය ශ‍්‍රමය ධනය පදනම්වයි. සමූහය තුල පවත්නා සාමූහිකත්වය මත එකි කාර්යයයේ ස්වභාවය තීරණය වෙයි.
අනෙකුත් වෙළඳ දැන්වීම් අතරින් රූපවාහිනි වෙළඳ දැන්වීම් ඉදිරිනේ සිටියි. මේ  අනුව විශේෂයෙන් රූඵවාහිනි වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේ දී අදාළ ග‍්‍රාහකයන් පිළිබඳව ඔවුන්ගේ මානසික මට්ටම් පිළිබඳ සැලකිල්ලක් දක්වනු පෙනෙයි.බොහෝ දැන්වීම් තුළ දක්නට ලැබෙන්නේ භාවතිෂය වූ වෙළඳ දැන්වීම්ය. මෙයට හේතුව වන්නේ මිනිසාගේ සිතුවිලියි. එය මනෝවිද්‍යාත්මක සාධකයකි. ඒ අනුව මෙම වෙළඳ දැන්වීම් බහුතරයක් මෙම සාධකය පදනම් කරගෙන ඇති සෙයක් පෙනෙයි. එලෙෂ ම වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේදී අදාල පාරිබෝගික පන්තියට ආවේණිකව වෙළඳ දැන්වීම් නිර්මාණය කරනු පෙනෙයි. වෙළඳ දැන්වීමෙහි නිර්මාණාත්මක බව පදනම් කොට ගෙන එම වෙළඳ දැන්වීමට අදාළ වෙළඳ සන්නාමය පාරිබෝගික මනසේ තැන්පත් වෙයි. මේ අනුව පැහැදිලි වෙන්නේ වෙලඳ දැන්වීම් හුදු මනෝවිද්‍යාත්මක සාදක මත පදනම්ව ක‍්‍රියාකරන බවයි.

what is advertising


Comments

Post a Comment

Popular Posts