නව මාධ්‍ය ප‍්‍රවණතා



පුවත්පත් වාරප‍්‍රකාශන සගරා විද්‍යුත් මාධ්‍ය ආයතන සගරා ඡdයාරූප ශිල්පය එකිනෙකට ස්වාධිනව කටයුතු කරන්නාවූ මාධ්‍යයන්ය. එසේ ම ගුවන්විදුලිය රූපවාහිනිය ද එදිනෙකට සාපේක්ෂ වුවද එහි ද එකිනෙකට අනන්‍ය වු ලක්ෂණ පවතියි. කෙසේ නමුත් වර්තමානය වනවිට මේ එකිනෙකට අනන්‍ය වූ නව ප‍්‍රවණතා දැකිය හැකි වෙයි. නව ප‍්‍රවණතා යන්නෙන් අදහස් කෙරෙන්නේ එක් එක් මාධ්‍යයන් අතීතයේ පැවති තත්වයන්ගන් මිදී නව ක‍්‍රමවේදයන්ට යොමු වීමයි.  විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය ඡායාරූප ශිලිපය මේ සෑම මාධ්‍යයකම ආකෘතිය අතර එකිනෙකට අන්තර් සම්බන්ධතාවයක් නොවෙයි.එසේ හැකියාව ඇති යම් පුද්ගලයෙකු සිටියත් ඔහුය හෝ ඇයට ඒ තත්වයට පිවිසීමට ඇති ඉඩ ආයතනික පසුබිම විසින් අසුරනු ලැබෙයි. මේ තත්වය හඳුන්වන්නේ සාම්ප‍්‍රදායික ජනමාධ්‍යවල ස්වභාවය ලෙසයි. මෙහි දී ජනමාධ්‍යවේදියා සෑම විටම තමාගේ සීමාවට කොටු වෙයි. ඒ කොටුවෙන් එලියට විත් සිතන  අවස්ථා වත්මන් සමාජ ව්‍යුහය අසුරා තිබෙි.

නමුත් මුලින් සඳහන් කළ පරිදි විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව සීමා මායිම් හා බැදී සියුම් ලෙස එහි පාදම බිඳ දමමින් තිබේ. තොරතුරු බෙදා හැරීමේ ක‍්‍රියාවලිය අදවන විට තාක්ෂණය විසින් පියවර කිහිපයකින් ශීඝ‍්‍රකර තිබෙන අතර පෙර කී මාධ්‍ය ආකෘති අතර අන්තර් රඳා පැවැත්ම මෙන්ම අනතර් ශික්ෂණය ද සීඝ‍්‍ර ලෙස ප‍්‍රගුණ කර තිබේ. පරිගණක ඩිජිටල් කැමරා  ස්මාර්ට් දුරකථන අයිපෑඞ් බ්ාලාග් අඩවි මේ සියල්ල අද වන වට තොරතුරු තාක්ෂණ ක‍්‍රියාවලියේ මෙවලම් බවට පතව තිබේ. මේ ප‍්‍රවණතාවයන් අද වන විට මාධ්‍ය  අයතනය හා පේ‍්‍රක්ෂකයා අතර අන්තර් සබඳතාව තවදුරටත් තහවුරු කරනු ලබයි.සාම්ප‍්‍රදායික මාධ්‍ය තුළ දී කාලය හා අවකාශය භාවිතා කරන වෙිගයට වඩා කිහිප ගුණයක වේගයකින් වත්මන් මාධ්‍ය ජය ගෙන තිබෙි.
වර්තමානයේ අපට හමුවන ජනමාධ්‍ය වේදියා බහුකාර්ය නිපුණත්වයකින් යුතුය. සෑම රූපවාහිනි නාලිකාවක හෝ ගුවන් විදුලි මාධ්‍යක වෙිවා සෑම නාලිකාවකම සිටින මාධ්‍යවේදියා බහකාර්ය නිපුනිතවයකින් යුතු වෙයි.  ලිවීම කථනය මේ ආදිය පමණක් නොව සකල විධ කලාවන්ගේ නිපුණත්වයකින් යුතු වූනෙක් ලෙස ඔහුව දැක්විය හැකිය. මීට වැඩි වශයෙන් හේතු වී ඇත්තේ තාක්ෂණයේ දියුණුව යැයි පැවසවහොත් මා සමග ඔබ එක්ග වනු නියතය
.
අතීතයේ පටන්ම පැවති නාලිකාවන් සිය වැඩසටහන් ආකෘති , භාෂාව, වැඩසටහන් අන්තර්ගතය, තාක්ෂණය මේ සෑම අංගයක්ම අද වන විට වෙනස්ව ඇති  බව දක්වමි. මේවා නව ප‍්‍රවණතාවන්ය. සෑම මාධ්‍යයකටම මෙය පොදු වූ සාධකයකි. විශේ්ෂයෙන් මෙම නව ප‍්‍රවණතාවයන් උදෙසා තුඩු දී ඇත්තේ පෞද්ගලික නාලිකාවන් අතර පවින්නා වූ තරගකාරීත්වයයි. පෞද්ගලික නාලිකා බිහි වීමත් සමග රජයේ රූපවාහිනි නාලිකාවන්හි පැවති වැඩසටහන් ආකෘතියේ පටන් වෙස් කිරීමට පෙලඔී ඇත.  එ්කාකාරී බවට කිසිවෙක් රුචි නැත. සෑම විටම නව දෙයක් ඔවුනට අවශ්‍ය වෙයි. සැබවින්ම මිනිසා වෙනසට කැමති අයෙකි. වර්තමානයේ රූපවාහිනයේ මූලිකම අවධානය යොමු වී තිබෙන්නේ විනෝදාස්වාද සම්පාදනය තෙට වී ම කණගාටුදායකය.



භාෂාවේ වෙනස්වීම

භාෂාව අද වන විට එය කලාවක් බවට පත්ව අවසානය අතීතයේ මිනිසා භාෂාව භාවිතා කරන ලද්දේ සිය අදහස් හැගීම් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමයි. නමුත් වර්තමානය වන විට රූපවාහිනි මාධ්‍යයට භාෂාව යනු ප‍්‍රබල වාණිජයමය වාසිගෙන දෙන මාධ්‍යයකි.  ඕනෑම කෙනෙක් යම් පුද්ගලයෙක් පිළිබඳ සිය මතය පළමුව පල කරනු ලබන්නේ ඔහු භාවිතා කරන භාෂාවේ  විලාසයෙනි. ඇතැම්විට ඔහුගේ හොඳ හෝ නරක හඳුනාගන්නේ ඔහුගේ භාෂා විලාසයෙනි. රූපවාහිනි මාධ්‍යයද මෙය හරි හැටි අවබෝධ කරගෙන ඇත.

පුවත් ඇල්ම අද වන විට ජනතාව තුල පවතියි. වඩා යහපත් හා වඩා සාධාරණ පුවත් සඳහන් කරනු ලබන්නේ කුමන නාලිකාව තුලින් ද යන්න විමසා බලා රූපවාහිනි නාලිකා ප‍්‍රවෘති නැරඹීමට පේ‍්‍රක්‍ෂකයා වැඩි රුචියක් දක්වයි. කෙසේ කුමන අයුරිකින් සත්‍ය ප‍්‍රකාශ කලද පේ‍්‍රක්‍ෂකයාගේ ආකර්ශනය සෑම නාලිකාවකටම හිමි වන්නේ නැත . එහි දී පේ‍්‍රක්ෂකයා සුවිශේෂි ව බලනු ලබන කරුණක් වන්නේ භාෂාවයි. රූපවාහිනිය නරඹන පේ‍්‍රක්‍ෂක බහුතරය ගැමියන්ය. ගැමියන් යන්නේ අදහස් කලේ විශාල අධ්‍යාපන මට්මක් නොමැති පිරිසයි. මේ නිසා  ඕනෑම දෙයක් විමසා බැලීමෙන් තොරව යම් ආකර්ෂණයක් ලැබීම මත ඔවුන්  ඕනෑම දෙයක් ග‍්‍රහණය කරගනි. රූපවාහිනි නාලිකාව වලට දී ලැබී ඇති ඉඩ හසර එමමය.

ප‍්‍රවෘත්ති අංශයෙන් ලංකාවේ අංක 1 නාලිකාව ටීවී දෙරණයි. මෙහි දී එක් එක් නාලිකාවන්ගේ වැඩ සටහන් දී භාෂාවේ සුවිශේෂිත්වය සාකච්ඡුා කල හැකි. සියත, හිරු ඔඪදෙරණෂඔභ. රූපවාහිනිය. ස්වර්ණවාහිනිය මේ නාලිකා අද වන විට පේ‍්‍රක්‍ෂක රුචිකත්වය මත ලංකාවේ බෙහෙවින් ජනප‍්‍රිය නාලිකාවක්ය. මේ අතර වැඩසටන් ජනප‍්‍රිය විම කෙරේ පවතින්නේ දැඩි තරඟකාරීත්වයි. මේ නාලිකාවන්්්්්හි ඔඩ දෙරණ ප‍්‍රවෘති විකාශය කෙරේ පළමුව විමසා බලමු.

විශේෂයෙන්ම ඉහතින් පැවසු පරිදි දෙරණ ආයතනය ලංකාවේ ප‍්‍රවෘත්ති විකාශයේ අංක 1 බවට පත්ව. ඇත. ඔවුන්ගේ පුවත් තේමා පාඨය ‘‘සත්‍ය ප‍්‍රථමයෙන්’’ යන්නයි. ඔවුන්ගේ විකාශය බොහෝ විට අපක්‍ෂපාතිය. සෑම පක්‍ෂයට ම සෑම අංශයකට සැලකිය යුතු ඉඩක් ස්ථානයක් ඔවුන් ප‍්‍රවෘත්ති විකාශය තුල වෙන් කරනු ලබයි. මෙහි දී එනම් ප‍්‍රවෘත්ති විකාශයේ දී ඔවුන් යොදා ගනු ලබන්නේ ඉතා සරල භාෂාවකි. නමුත් ඔවුන් භාෂාවක් භාවිතා කරන්නේ ද නැත. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගත හැකි සරල භාෂාවක් මොවුන් භාවිත කරනු ලබයි.

ඔවුන් පවසන පරිදි නිවේදකයාගේ විශ්වාසනීය බව සමඟ මෙතරම් පේ‍්‍රක්‍ෂක ආකර්ශණයක් ඔවුන්ට ලැබි ඇත.  ඕනෑම දෙයකට නිවේදකයාගේ පෞර්ෂත්වය බලපානු ඇත. කැමරා තිරය ඉදිරියට පැමිණෙන්නේ ද එවන් මහා පෞරුෂත්වයක් හිමි පුද්ගලයෙක් ඔඪදෙරණ විකාශනයේ චතුර, නිරෝෂන් ආදින්ගේ පවතින මහා පෞර්ෂත්වය මීට නිදසුන් ලෙසදැක්විය හැකිය. මොවුන් තම වාචික භාෂාවට වඩා ඊදාහ ඛ්බටම්ටැ (ශරීරි භාෂාව* ට තැන දී ඇති සෙයක් දැකගත හැකිය.ත මෙහෙදී විශේෂයෙන් පැවසිය යුතු දෙයකි. එනම් මෙම ප‍්‍රවෘත්ති විකාශයක් අතරතුරදී කිසිඳු මොහොතක මොවුන් ඉංග‍්‍රීසි බසක් සිංහලත් මිශ‍්‍ර කර භාෂාව විකෘති කරන්නේ නැත.

දෙරණ රූපවාහිනි නාලිකාව මගින් විකාශය කරනු ලබන බොහෝ වැඩ සටහන් වල භාෂාව විකෘති කරනු ලබන බොහෝ වැඩසටහන් වල භාෂාව විකෘති කිරීමෙන් දක්නට නැත. ඔවුන් පවසන්නේ භාෂාව විකෘති කිරීම පේ‍්‍රක්‍ෂක ආකාර්ශනය ගිලිහී යාමට ප‍්‍ර‍්‍රධාන හේතුවක් විය හැකි බවය.ඔඩදෙරණ ආයතනයේ වැඩ සටහන් විකාශන පිළිවෙල උප ග‍්‍රන්ථයෙ සඳහන් කොට ඇත. මෙහි දී විකාශන කටයුතු ආරම්භ කරනුයේ උදෑසන 6.00 පටන්ය. අනතුරුව දෙරණ අරුණ යටතේ ප‍්‍රථමයෙන් පුවත්පත් විස්තර පල කිරීම සිදු කරයි. මෙහි දී ඔවුන්ගේ භාෂාව සුවිශේෂීය. එය නරඹන්නාට දැනෙන්නේ තමා සමඟ පෞද්ගලික සංවාදරයක යෙදෙන බවකි. ඒනිසා එය එතරම් පේ‍්‍රක්ෂකයාගේ ආකර්ෂනයට ලක් වී ඇත.

ප‍්‍රවෘත්ති විකාශයක කොළයක් දෙස බලාගෙන පවසන පරිදි මෙම පුවත් විස්තර සිදු නොකරයි. උදෑසන රූපවාහිනිය ඉදිරියට වී නිදහසේ වාඩි වී මෙය නැරඹීමට කිසිකෙනෙකුට හැකිවන්නේ කලාතුරකිනි. මේ නිසා ඔවුන් ඇසීම පමණක්  සිදු කරනු ලබයි. ඒ අනුව ශ‍්‍රවණය අපෙක්ෂා කරගිනිමින් මොවුන් ඒ ක‍්‍රියාවලිය සිදු කරනු ලබයි.

පුවත් විස්තරයෙන් පසු ලෝකය හා ලෝකයයෙන් කුඩා දරුවන්ගේ නොමඳ ආකර්ෂණයට ලක් වූ වැඩ සටහනකි. මෙහි දී යොදා ගැනෙන භාෂාව විලාසය ද සුවිශේෂිය. දරුවන් තුළ විශ්වාසනීයත්වයක් ආකර්ෂණයක් ඇති කරනු ලබයි.

රූපවාහිනී වැඩ සටහන් ඉලක්කගත ග‍්‍රාහක පිරිස පෙරදී සාකච්ඡුා කලෙමු. උදෑසන 8 න් පසු නිවසේ සිටින්නේ ගෘහණියයි. සවස් වන තුරු ගෘහණියෝ නිවසේ සිටින අතර මේ අනුව රූපවාහිනි වැඩ සටහන් විකාශය කරන්නේ ඔවුන් අපේක්ෂා කරන ගනිමිණි. මල්බර දෙරණ මෙහි දී ගෘහණියනේගේ ආකර්ණයට ලක් වූ වැඩ සටහනක. ඔවුන් දක්වන පරිදි මල්බර දෙරණ තුලින් අලෙවිි ප‍්‍රවර්ධන කටයුත්තක් සිදු නොවෙයි. ගෘහණිය අපේක්ෂා කර ගනිමින් ඔවුන් කලාකරුවෙක් හෝ වෛද්‍යවරයෙක්,නාට්‍ය ශිල්පියෙක් මේ ආදී වූ ජනප‍්‍රිය හෝ ප‍්‍රභූ පුද්ගලයෙක් සම`ග සාකච්ඡුා සිදු කරයි. මෙහිදී යොදාගනු ලබන්නේ සරල භාෂා ව්‍යූහයකි.

මින් අනතුරුව විකාශය වන සෑම වැඩ සටහනක්ම එනම් ඉදරිපත් කිරීම තුලින් සිදු කරන සෑම දෙයක්ම ඔවුන්ගේ භාෂාවේ සුවිශෙෂත්වයක් පෙන්නුම් කරනු ලබයි. රියැලිටි වැඩසටහන් නිවේදකත්වයන් එලෙසමය. ගැඹුරු භාෂාව යොදාගන්නේ ද නැත. යොදා ගන්නේ සරල භාෂාවකි.

මෙය අනෙක් නාලිකා වලටත් පොදු කරුණකි. අද බොහේ දෙනාගේ ජනප‍්‍රියත්වයට හේතුවී ඇති නිලිකාවකි. හිරු ඔඩ ආයතනය මෙහි වැඩ සටහන් පෙළ ගැසීමද උපග‍්‍රන්ථයේ සඳහන් ව ඇත. සෑම රූපවාහිනි නාලිකාවක්ම වැඩ සටහන් විකාශය සිදු කරන්නේ එකම ග‍්‍රාහක පිරිසක් අපෙක්ෂා කර ගනිමිිනි.

හිරු නාලිකාවේ පුවත්පත් විස්තරය ආකර්ෂණීය බොහෝ විට රංගන ද සිල්වාගේ නිවේදකත්වය පේ‍්‍රක්‍ෂකයන් වාසි කර ගනි. ඔහුගේ පෞරුෂත්වය මෙන්ම body language ද මේ කෙරෙහි බෙහෙවින් යොමු වෙයි. ඔහු යමක් පවසන විට රඟපායි. මෙය පේ‍්‍රක්‍ෂක ආකර්ශනය යොමුවීම කෙරේ බලපානු ලබයි. මේක පුදුම ලෝකයක් අතරතුරු රූප වින්දනීය උදෑසන මේවායෙහි භාෂාව ද සරලය. නමුත් දෙරණ නාලිකාවේ සහ හිරු නාලිකාවේ යම් භාෂාත්මක වෙනසක පවත්නා බව මෙහිදි සඳහන් කල යුතුමය. වින්දනීය උදෑසනක් වැනි නාලිකා ඉදිරිපත් කිරීමේ දී යම් ආකාරයක  ලිිඛිත භාෂාවක් භාවිත කරයි. නමුත් එම පේ‍්‍රක්‍ෂක ආකර්ශණය කඩා බිඳ දැමීමට තරම් ප‍්‍රබල වන්නක් නොවේ. coffe chat මේ ආදි වූ සාකච්ඡුාමය වැඩ සටහන් වල භාෂාවද සුවිශේෂය.

නමුත් itn රූපවාහිනිය වැනි නාලිකා අදටත් යම් තරමක සාම්ප‍්‍රදායික භාෂාවක් භාවිත කරනු ලබයි. මොවුන් සඳහන් කරන පරිදි යම්තාක් දුරට අද වන විට මොවුන්ගේ භාෂා විලාසය නවිකරණය වී ඇත. කෙසේ නමුත් මෙම නාලිකා ඇරඹිමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ සාම්ප‍්‍රදායිකත්වය හුරුකෙරෙන අයුරින් වැඩ සටහන් විකාශය කිරීමයි. විශේෂයෙන් රූපවාහිනිය වැදගත් වේ.

මෙම නාලිකා කෙරෙහි ප්‍රෙක්ෂක අවධානයක් නොමැති තරම් යැයි මම පැවසුවහොත් ඔබ නිවැරදි වේවි. ග‍්‍රාහක සමික්‍ෂණ වාර්තා වලට අනුව ප‍්‍රඛම ස්ථාන 10 හෝ ඉහළ ස්ථානයක සිටී. මෙම නාලිකාවල වැඩ සටහන් ඉදිරිපත් කිරීමේ දී විශේෂයෙන් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී යොදා ගැනෙන පසුතල හඬපේ‍්‍රක්ෂක අවධානයට යොමු වෙයි. මෙය ඉබේ සිදු වන්නකි. දෙරණ නාලිකාවේ උදෙසා හිරු නාලිකාවේ ක්‍ෂ් වැනි ප‍්‍රවෘත්තීමය වැඩ සටහන්වල පසුතල භාවිතය සුවිශේෂය.
මේ අනුව බලන කල රූපවාහිනි වැඩ සටහන් විකාශනයේ දී භාෂාවේ වෙනස් වීම ප‍්‍රබල ප‍්‍රවණාතවයික භාෂාව යනු ඔවුන්ගේ අවියයි. මිනිසුන්ට අමතන ස්වරූපයෙන් පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනා ගත හැකිවීම සුවිශේෂ ආමන්ත‍්‍රණ ස්වරූපයක් මෙහි දී වැදගත් වේ. ඛසඩැ වැඩ සටහනක දී පේ‍්‍රක්‍ෂයාට ගෞරවයක් ලබාදෙමින් ඔවුන්ව අපහසුතාවයට ලක් නොකරමින් සංවාදයේ යෙදිය යුතුය. මෙය ප‍්‍රවණතාවයක් මෑතක දී ස්වර්ණවාහිනි විකාශනයක් අතරතුර දී සිදු වූ සිදුවීම මතකයේ රැුදෙනු ඇත.
ඕනෑම නාලිකාවක සිය ප‍්‍රවර්ධනය සිදුවන්නේ පේ‍්‍රක්‍ෂකයාගේ අවධානය මතය. අතීතයේ සිමීත නාලිකා කිහිපයක් පමණක් පැවති නිසාත්, තාක්‍ෂණය නොදියුණුව පැවති නිසාත් නාලිකා අතර තරඟයක් පැවතියේ නැත. නමුත් අදවන විට මේ තත්ත්වය මුළුමනින්ම වෙනස්ව පවතියි. විශේෂයෙන් පෞද්ගිලක නාලිකාවලට මේ ඔස්සේ විශාල තරඟයකට මුහුණ පෑමට සිදුව තිබේ. මේ නිසා ඔවුන් සෑම ලක්‍ෂණයක්ම සිය අභිවෘද්ධිය උදෙසා යොදා ගනු ලබයි. භාෂාවද එලෙසමය. යම් නාලිකාවක් රාඳා පැවැත්මත් කඩා වැටීමෙන් රඳා පවතින ප‍්‍රබල සාධකයක් ලෙස රූපවාහිනි වැඩ සටහන් වල භාෂාව වෙනස්වීම දැක්වීම උචිතය. මෙය ප‍්‍රබල නව ප‍්‍රවණතාවයක සිටීමට මොවුන්ට හැකි වී නැති බව කිව යුතුය. මෙහි දී ප‍්‍රභලව බලපා ඇති සාධකය භාෂාවෙයි. භාෂාවට යනු පේ‍්‍රක්ෂකයා ආකර්ශණය කරගත හැකි ප‍්‍රබලතම සාධකයකි.

විශේෂයෙන් ජාතික රූපවාහිනි නාලිකාවේ භාෂාව ගත් කළ එහි අවු ආමන්ත‍්‍රණ ස්වරූපය ලබා ගන්නා සුළුය. අතිශයන්ම පේ‍්‍රක්ෂකයාගේ ගෞරවයට පාත‍්‍රවන්නාවූ භාෂාවක් භාවිත කරයි. එක් එක් නාලිකාවන් හි නිවේදකත්වයේ ස්වරූපය පිළිබඳ මීලඟට සාකච්ඡුා කරමු. ජාතික රූපවාහිනි නාලිකාවේ නිවේදකත්වය සාම්ප‍්‍රදානුකුළ බවක් දිස්වෙයි. රූපවාහිනි නාලිකාවේ ප‍්‍රථම සජීවි පූරකයා පාලිත පෙරේරාය. ඔහු ආයුබෝවන්, සුබ උදෑසනක් ජනමඩල ආදි දේශපාලන වැඩටහන් මෙහෙයවීය. පේ‍්‍රමකිර්තී ද අල්විස්, පියදාස රත්නසිංහ, අබේවර්ධන බාලසූරිය, අර්ජුන  රණවක, අසෝකා වනමලී, අනෝමා වත්තලදෙණිය, ඞී.එල්. රණසිංහ ආදිහි රූපවාහිනි ආරම්භක වැඩසටහන් පූරකයෝ වූහ.

ඔවුන්ගේ විලාසය සාම්ප‍්‍රදායක භාෂා විලාසයකි. වාග් මාලාව ද ඒ පරිදිමය. බසෙහි රිද්මයද ආවේණිකය.ජාතික රූපවාහිනි විකාශයක් නිදසුන් කොට නැගුණ හොත් නුග සෙවණ, ශනිදා ආයුබෝවන්, අරුම පුදුම රෝද හතර වැඩ සටහනක ම භාෂා විලාසයන්, එකම බසෙහි රිද්මය වචන ආදි එක සමාන බවක් ගනියි. විශේෂයෙන් සාකච්ඡුාමය වැඩසටහන් සේ ගැණෙන නුගසෙවණ, ශනිදා ආයුබෝවන් හි දක්නට ලැබෙන්නේ සාම්ප‍්‍රදායික භාෂා විලාසයකි. අරුම පුදුම රෝදහතර ආදි වාර්තාමය වැඩසටහන් තුලින් දක්නට ලැබෙන්නේද විනෝදකාමි භාෂා ව්‍යවහාරයක් නොවේ. එයද අතිශයන් සාම්ප‍්‍රදානුකූල වැඩසටහනකි. මේ ආකාරයට වත්මන් රූපවාහිනි නාලිකාවන්ගේ ප‍්‍රවණතා ඇසුරෙන් භාෂාවේ ප‍්‍රවණතා දැකගත හැකි වෙයි.


සාම්ප‍්‍රදායික වැඩසටහන් ආකෘති වෙනස් වීම

1978 ස්වාධීන රූපවාහිනි සේවය වර්තමාන රූපවාහිනයට පුරෝගාමී වූ නාලිකාවයි.  රූපවාහිනිය යනු වර්තමානියේ මිනිසාට අත්‍යවශ්‍යම අංගයක් බවට පත්ව අවසානය. උදැසන පටන් රාත‍්‍රී නින්දට යාම දක්වා රූපවාහිනියට අද මිනිසා ඇබ්බැහි වීඇතැයි කීවොත් මම නිවරදිය. වර්තමානය වන විට පේ‍්‍රක්ෂකයාට උචිත වැඩසටහන් ලබා දීමකෙරෙහි වැඩසටහන් අධ්‍යක්ෂකවරු කැපවීමෙන් යුතුව ක‍්‍රියා කරනු ලැබෙයි. මේ අනුව මෙය නව ප‍්‍රවනතාවයකි. එ්කාකාරී බවට කිසිවෙක් රුචි නැත. සෑම විටම නව දෙයක් ඔවුනට අවශ්‍ය වෙයි. සැබවින්ම මිනිසා වෙනසට කැමති අයෙකි.  ඉහතින් දැක්වූ පරිදි සාම්ප‍්‍රදායික වැඩසටහන් අකෘති වලින් මිදී නව වැඩසටහන් වලට  සෑම නාලිකාවක්ම පිවිසීම ලක්ෂණයකි. විශේෂයෙන්ම වර්තමානියේ පවතින්නේ බොහෝ විට නවීකරණය වූ වැඩසටහන්ය. දිමුතු මුතු ටෙලි නාට්‍යයත් අද පවතින ටෙල නාට්‍යත් සංසන්දනය කර බැලූ කළ මේ බව මනවින් පෙනී යයි.
උදැසන පටන් සවස් වන තුරුම අපේක්ෂිත ග‍්‍රාහක සිරිසක් වෙයි . උදැසන වැඩසටහනේ පටන් මිමෙම වැඩසටහන් ආකෘති වෙනස් වී තිබෙනු දැකිය හැකිය.
දෙරණ මල්බර දෙරණ
හිරු - වින්දනීය උදැසන
සිරස - සිරසාලින්දය
සියත - පියුම් විල
ස්වර්ණවාහිනිය ආයුබොවන් ශ‍්‍රීලංකා
ස්වාධින රූපවාහිනිය මල්පාර
  මේ ආකාරයෙන් නව්‍ය වැඩසටහන්් රාශියක් දැකිය හැකි වෙයි.  ටෙලි නාට්‍ය ද මෙ පරිදිමය. විශේෂයෙන් වර්තමානයේ ප‍්‍රමුඛත්වයක් ලැබෙන්නේ ඉන්දීය ටෙලි නාට්‍ය විකාශයටයි. අධ්‍යාපනික අංශයට තැනක් නැති තරම්ය. රූපවාහිනයේ මූලික අරමුණ වන්නේ අධ්‍යපනය, තොරතුරු සම්පාදනය හා විනෝදාස්වාද සම්පාදනයයි. වර්තමානයේ රූපවාහිනයේ මූලිකම අවධානය යොමු වී තිබෙන්නේ විනෝදාස්වාද සම්පාදනය වෙතට වී ම කණගාටුදායකය. එසේම රියැලිටි වැඩසටහන් වෙතට මූලිකවමඅවධානය යොමු වී ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය ඔස්සේ  මෙහි දී වැඩසටහන් නිපදවනු පෙනේ.
මේ ආකාරයට ලංකාවේ ප‍්‍රධාන රූපවාහිනි මාධ්‍ය 7 ක් පදනම් කරගනිමින් මෙම  නව ප‍්‍ර‍්‍රවණතා පිළිබඳ සාකච්ඡුාකොට ඇත.



ග‍්‍රාහකත්වයේ වෙනස් වීම

අතීතයට වඩා වර්තමාන ප්‍රෙක්ෂකයා ඉතා බුද්ධිමත්ය. විමසා බලා තීරණගනී. මේ නිසා රූපවාහිනි වැඩසටහන් නිෂපාදනයේ දී පේ‍්‍රකෂකත්වයේ රුචි අරුචිය පදනම් කරගනිමින් වැඩසටහන් නිෂ්පාදනය කරනු පෙනේ. රුපවාහිනි ග‍්‍රාහකයා ගුවන් විදුලි ග‍්‍රහකයා මෙන් ජංගම නොවේ. රූපවාහිනිය නරඔන්නේ හුදෙක්ම වර්තමානියේ නම් විනෝදාස්වාදය පෙරදැරි කරගනිමිනි. අතීතයට වඩා වර්කමානයේ මේ තත්වය දැඩි ලෙස කැපී පෙනෙයි. උදැසන පටන් රාත‍්‍රිය දක්වා මොවුන්ට ඉලක්ක ගත ග‍්‍රාහක පිරිසක් වෙයි. මේ ආකාරයට එක් නාලිකා පේ‍්‍රක්ෂයා අතර ජනප‍්‍රියත්වයට පත්වන්නේ එක් වැඩසටහන් වලට අනුකූලවයි. එක් එක් නාලිකා එක් එක් අංශ ඔස්සේ ප්‍රෙක්ෂක ආකර්ෂනය දිනා තිබේ. මේ ආකාරයට පහතින් වඩා විස්තර සහිතව මේ පිළබඳ එක් එක් නාලිකා ඔස්සේ සාක්ච්ඡුාවට ලක්ව ඇති අතර මෙය වර්තමාන රූඵවාහිනියේ නව ප‍්‍රවණතාවයකි.



තාක්ෂණයේ ප‍්‍රවණතා

ලංකාවේ සෑම නාලිකාවක්ම අද වන විට තාක්ෂණික අංශ ඔස්සේ විශාල වශයෙන් ඉදිරියට පැමිණ ඇත.  නමුත් ආදී නාලිකා අදටත් විකාශය ගෙන යනු ලබන්නේ පැරණි තාක්ෂනය ඔස්සේය. නමුත් වර්තමානයේ බොහෝ නාලිකා ඩිජිටල් වෙමින් පවතියි. හිරු නාලිකාව මේ අතරින් කැපී පෙනෙන නාලිකාවකි. තාක්ෂණයේ ප‍්‍රවණතා යනු අතීතයේ පැවති තාක්ෂණයන්ට වඩා අලූත් තාක්ෂනික ප‍්‍රවණතා යොදා ගනිමින් විකාශන කටයුතු සිදු කිරීමයි. මෙ අකාරයට එක් එක් නාලිකා තාක්ෂනික අංශය ඔස්සේ සිදු වී ඇති වෙනස් කම් පහතින් සවිස්තරව දක්වා ඇත.


ප‍්‍රවර්ධන වැඩසටහන්

අතීතයේ පටන් නොමැති වුවත් වර්තමානයේ සෑම නාලිකාවකම පාහේ රූපවාහිනි ප‍්‍රවර්ධන වැඩසහන් දියත් කරනු පෙනෙයි. විශේෂයෙන් මේ තත්වයට හේතු වී ඇත්තේ රූපවාහිනි නාලිකා අතර පවතින්නා වූ තර`ගයයි. රජයේ නාලිකාවන්ගේ මේ තත්වය අවම වුවත් පෞද්ගලික නාලිකාවන්ගේ මේ තත්වය දැකීම සුලබය.
හිරු බැලූවොත් සල්ලි තමා
රන් දෙපැය
මේ ආදී වූ ප‍්‍රවර්ධන වැඩසටහන් එ් එ් නාලිකාවන්ට අදාලව දැකිය හැකි වෙයි. මේ වායේ අරමුණ වන්නේ ප්‍රෙක්ෂකයා ආකර්ෂණය කර ගැනීමයි.


තවදුරටත්  ග‍්‍රහක සමීක්ෂන හා වෙළඳ ප‍්‍රචාරණය සම්බන්ධව ඒ එ් නාලිකාවන් ිශේසතව සාකච්ඡුා කොට ඇත. මේ ආකාරයට ඉහතින් දක්වන ලද ලක්ෂන වර්තමාන රූපවාහින මාධ්‍ය ක්ෂේත‍්‍රයේ දැකිය හැකි වන   ප‍්‍රවණතාවයන්ය. වර්තමානයේ ප්‍රෙක්ෂකයා අතර බෙහෙවින් ජනප‍්‍රිය නාලිකා 7 ක් නිදසුන් කොට ගෙන මෙම අංශ කෙරෙහි පුළුල් ලෙස සාකච්ඡුා කර ඇත.



ටී.එච්.එච්.කේ.වීරසිංහ


Comments

Popular Posts