දේව ඇදහීම හා සබැදුනු ජන ක‍්‍රීඩා


දේව ඇදහීම  හා සබැදුනු ජන ක‍්‍රීඩා


ජන ක‍්‍රිඩාවේ ආරම්භය පත්තිනි දෙවියන් ඇදහීමේ සංකල්පය හා බොහෝ දුරට සසැඳෙන්නකි. පත්තිනි දෙවියන් ඇදහීම හා ඇයගේ භක්තිය අතිව ක‍්‍රිඩා කිරීම මගින් දේව ආශිර්වාදයත් පිහිටත් ලැබෙන බව විශ්වාසයයි.

ඉර බාරයි ඉර වට යන                      ගිරවුන්ට
සඳ බාරයි සඳ වට යන                      සාවුන්ට
මල බාරයි මල වට යන                     බඹරුන්ට
අප බාරයි සත්පත්තිනි                     දෙවියන්ට

බොහෝමයක් ජන ක‍්‍රීඩා ආරම්භයේ දී මෙම කවිය පවසනු දැකිය හැකිය. මෙමගින් පත්තිනි දෙවියන් සිහිපත් කිරීමත් ජය පරාජය සමව විඳ දරා ගැනීමටත් ප‍්‍රතිඥා දීමක් බඳුය

පොර පොල් කෙලිය

දේව ඇදහීම හා විශ්වාසය මෙන්ම දේව ආශිර්වාදය පදනම් කරගත් ක‍්‍රීඩාවක් ලෙස පොර පොල් කෙලිය හැඳින්විය හැකිය. මෙය අද වන විට අවුරුදු උළෙල වලදී සංකේතාත්මකව කරනු ලබයි. අතීතයේ පොර පොල් සඳහා යොදා ගැනුනේ තැඹිලි පොල් පමණි. පසුව කටුව ඝනකම සහිත පොල් යොදා ගැනිම ඇරඹුනි. පොර පොල් සඳහා මාතර දෙවුන්දර ප‍්‍රදේශ ප‍්‍රචලිතය. මෙම පොල් කඩා ගැනීමක් සිදු නොවන අතර පැසී බිම වැටෙන තුරු සිටියි. පොර පොල් කොටස් 2 කට වෙන් කරනු ලැබෙයි. එ් යවන පොල් හා ගහන පොල් වශයෙනි. යවන පොල් වලින් සමහරක් ඇට පුහු ලෙස හඳුන්වයි.විරුද්ධ පිලෙන් එවන පොල් බිඳීමට ගන්නා පොල් ගෙඩිය අත් ගෙඩිය වෙයි.පොර පොල් ගෙඩියත් සමග අනිත් සාමාන්‍ය පොල් (නිපොල්) නොතබයි. එසේ තැබීමෙන් පොර පොල් වග පවතින බලය බිඳී යන බව ගැමියන්ගේ විශ්වාසයයි.
මේ කී‍්‍රඩාව සඳහා පළමු කොටම සුදුසු බිමක් තෝරාගෙන බිම සමතලා කිරීමෙන් පසු ලණු ඇද ගොක් තීරු වලින් සරසා සීමා කර ගනියි. පසුව පිටිය දෙකෙලවර එකිනෙකට මුහුණලා සිටින අයුරින් පහන් පැලක් ඉදි කරයි.ක‍්‍රීඩාවට සම්බන්ධ වන දෙපිල උඩුපිල හා යටි පිල ලෙස නම් කෙරෙයි. පොල් සපයන අය ඒවා තැන්පත් කරන්නේ පිලට අයත් පහන් පැල අසලය. ඊට පසු ගම්බාර පත්තිනිි රාළ හෙවත් අනුමැති රාළ දෙවියන් උදෙසා යාතිකාවක් කර කහදියර මතුරා පොල් පේ කර ඒවාට ඉස දේව බැල්ම ලබා ගනියි. දෙපිලේම අය කහදියර ඉස පිරිසිඳු වි පේ වී දේව ආරක්ෂාව ලබා ගනියි. මෙමගින් ගැමියන් තුළ වූ සාම්ප‍්‍රදායික සන්නිවේදනය නිරූපනය වෙයි. කහදියර ඉස පේ වීම තුළින් මොවුන් සන්නිවේදනය කරන්නේ දේව ආශිර්වාදයත් දේව බැල්මත් ඔවුන්ට ලැබී කිසිඳු කරදරයකින් තොරව ක‍්‍රීඩාව කරගෙන යා හැකිය යන්නයි.

බදාදා සෙනසුරාදා අරඹන මෙය පිළිවෙළින් දින 7 ක් හෝ කෙම්මුර දින 7ක් කරනු ලබයි. පලමු දවස් 3 නිපොල් ගසන දිනයයි. නිපොල් යනු කටු තුනී හෙවත් පොර පොල් නොවන පොල් ය.ප‍්‍රතිවාදී පිලෙන් එවන පොල් බිඳීම අනුව ජයග‍්‍රාහි පිළ තීරණය වෙයි. එනම් නොබිඳි පොල් ඉතිරිවන පිළ ජයග‍්‍රහනය කෙරෙයි. 7 වන දිනයේ මහ පොල් පිටියේ පොර පොල් ගසා පේළිය ගොස් කි‍්‍රඩාව අවසන් කෙරෙයි. පසු දින උදේ දානයත් දහවල් දානයත් පිළියෙල කරන අතර මෙයට ගැහැනුන් සහභාගී කර නොගනියි. එසේ ම මාංශ ද පිළීයෙල කරන්නේ නැත. බොහා් විට ගිනි පෑගීමද සිදු කරයි. කෙම්මුර දවස් දෙවියන්ගේ බලය වැඩි හා ඔවුන්ගේ බැල්ම වැටෙන දිනයන් ලෙස  ගැමියන් අතර ප‍්‍රචලිතය. මේ නිසා මෙම දිනයන්හි දී ක‍්‍රීඩාව සිදු කරයි.

විශේෂයෙන් පොර පොල් ගැසීම සිදු කරන්නේ දෙවියන් අරක් ගෙන ඇතැයි විශ්වාස කෙරෙන බෝ නුග හෝ නා ගහක් ආශ‍්‍රිතවය. වෘක්ෂයක් ආශ‍්‍රය කර නොගත හොත් පේළි යාමවත් සිදු කරනුයේ එවැනි ස්ථානයකටය.

නියං සමය එලැඹීමත් සම`ග සියළු බව බෝග මෙන්ම ජලය වියලි යයි. එසේම සෘතු විපර්යාස නිසා උණ වසංගත රෝග බෝ වීම ඉහළය. පොර පොල් කෙළිය වැඩි වශයෙන් සිදු කරන ලද්දේ මෙවැනි ආපදා සමයකයි. පොල් බිඳීමෙන් ඇතිවන ශබ්දයෙන් අකුණු හ`ඩත් පොල් බිඳීමෙන් වෑහෙන ජලයෙන් වර්ෂාවත් අපේක්ෂා කෙරෙයි. විශේෂයෙන් දෙවියන් මූලික කර ගැනීමෙන් දේව ආශිර්වාදය ලැබී වර්ෂාව ඇතිවන බව විශ්වාස  කෙරෙයි. සරුවට වැවීගෙන එන ගොයම් පැළ ගොඩ වේල්ලන් විසින් කා දමයි. මෙයට හේතුව වන්නේ ප‍්‍රමාණවත් තරම් ජලය නොමැති වීමයි.  මෙ නිසා මුළු යායම විනාශ විය හැකිය. එ් අනුව පණු වර්ගය වැනසී ගොස් තම යායට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා යි පතමින් පොර පොල් ගැසීම අරඹයි.

පද කර කීවේ ඔබෙ                      නාමෙට                    -           ලෙඩ රෝ දුරු වෙයි ඔබෙ නාමෙට
සියළු රෝග දුරු වෙයි තෙද       හළඹට                      -           තෙද වරමක් ලැබුණා පොල්ගෙඩියට

ජලයේ හා සශ‍්‍රිකත්වයේ සංකේතයක් ලෙස පොල් ගෙඩිය පුරාණයේ සිටම හඳුන්වනු ලැබිණි. පොල් ගස සරුසාර කමේ ප‍්‍රතිමූර්තියකි. මෙම පොල් ගෙඩිය මූලික කරගත් කී‍්‍රඩාව ලක්දිවට බුදු සමය උදා වීමටත් පෙර ප‍්‍රචලිතව පැවති බව විශ්වාසයයි. මෙය ක‍්‍රීඩාවකටත් වඩා ආරක්ෂාව හා ශාන්තිය පතා කෙරෙන පූජෝත්සවයක් ගෙස ප‍්‍රකටය.  සෑම අංගයක් තුළින්ම දෙවියන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් පතන බැව් සන්නිවේදනය කරයි.

අං කෙළිය

            ඇතැම් ප‍්‍රදේශ වල සිදු කෙරෙන සුුවිශේෂි ක‍්‍රීඩාවකි. පත්තිනි දෙවියන් මෙරට ඇදහිල්ලක් ලෙස ආරම්භ වූ පසු අංකෙළිය  එයින් ප‍්‍රභවය වූ දේව උපහාර ක‍්‍රමයක් ලෙස ව්‍යාප්ත විය. පත්තිනි දේවියගේ නමින් පවත්වන ක‍්‍රීඩා 12 න් පළමුවැන්න මෙයයි. ගජබා රජ දවස පත්තිනි සළඹ හා කන්නගී හා පාල`ග කුමරුගේ ලීයෙන් තැනූ ප‍්‍රතිමා දෙක රැුගෙන ආවේය. සොලීන් කන්නගී දේවත්වයෙන් සැලකූහ. මෙහි පුරවෘත්තය ඉතා රසවත් එකකි. කන්නගීත් පාළ`ග කුමරුත් උයන් වැද මල් නෙලීම ක‍්‍රීඩාවක් වශයෙන් සිදු කලේය. දිනක් කන්නගීට සපු මල් සුවඳන් දැනුනි. තනි සපු මල් කිනිත්තක් තිබෙනු ඔවුන් දුටුවේ ය. මෙය කැඞීමට කෙකි 2ක් ගෙන එකක්  කන්නගී ඇතුළු කාන්තා පිරිසට එක් කෙක්කක් ද අනිත් කෙක්ක පාළ`ග කුමරු ඇතුළු පිරිමි පිරිසටත් දෙන ලදී. දෙපිරිස අඳින කල මෙම කෙකි දෙක පටලැවිණි. මල් කැඞීම පසෙකලා මොවුන් කෙකි දෙපසට අඳින ලදී. මෙහිදී පිරිමි පිලේ කෙක්ක කැඩුන අතර කාන්තාවන් උදම් අනමින් කෑගසන්නට විය. මේ සිද්ධිය සංකේතවත් කිරීමට අං ඇදීම සිදු කෙරෙන බව පිළිගැනීමයි. සොලීන් ලංකාවට පැමිණ අං අඳිනු දුටු සිංහලයා මෙම ක‍්‍රීඩාව දේවත්වයෙන් සැලකූහ. වර්තමානයේ මෙම ක‍්‍රීඩාව පානම්පත්තුව ආශ‍්‍රිතව දැක ගත හැකිය. උඩු පිළ හා යටි පිළ වශයෙන් දෙපිළකට බෙදී එක සමාන අං බල දෙකක් එකිනෙක අවුළුවා බිඳීමට දරන උත්සහය මෙහි අන්තර්ගතයයි. 
            මෙය පත්තනි දෙවියන් උදෙසා සිදු කරන ක‍්‍ර‍්‍රීඩාවක් වුවද මෙයට කාන්තාවන් සහභාගී කර නොගනියි. කාන්තාව කිළි යැයි මෙහි දී විශ්වාස කෙරෙයි. දින ගනනකට පෙර මස් මාංශ අනුභව නොකොට මේ සඳහා පේ වෙයි.
            අං කෙළිය පවත්වන සමයේ දී එම ගමෙහි මරණයක් උවහොත්  පැය 12ක් ඇතුළත අවසන් කටයුතු සිදු කළ යුතුය. ගැහැණු ලමයෙක් වැඩිවිය පැමිණීයහොත් එදිනම අඩවි භාර ප‍්‍රදේශයෙන් පිටත් කර යුතුය. එම කාළය තුල කිසිඳු නිවසක මස් මාංශ පිළියෙළ නොකරන අතර කිළි යැයි සැළකෙන කිසිඳු දෙයක්  නොකරය.ි 
            ඇතැම් පුද්ගලයන්්ට අනුව මෙම අං ඇැඳීම ලිංග සම්භෝගයේ සංකේත නිරූපනයකි. මේ නිසා කාන්තාවගෙන් බොහෝ ඈතට ගොස් සිදු කරයි. ලිංගික සම්බන්ඳතා පිළිබඳ විවෘතව කාන්තාවන් සිටිනා තැන කතා නොකිරීම ලාංකික සිරිතයි. රොබට් නොක්ස්ගේ විස්තරය අනුව මෙය පිරිමින්ගේ ලිංගික ශක්තිය සංකේතවත් කෙරෙන අභිචාරවත් ක‍්‍රීඩාවක් බවයි. මෙම කි‍්‍රඩාව සිදු කරන විට කියන වචන අසාගෙන සිටීමටත් නොහැකිය. මේ නිසා එක් කලකදී මෙම ක‍්‍රිඩාව තහනමට ලක් කෙරිනි. වැලමිට හැඩයෙන් යුතු කරු 2ක් ගෙන ඒවා එකිනෙකට අමුණා පිරිස දෙපිලට බෙදී ඉන් එකක් කැඞී යන තුරු අදියි. මෙම ක‍්‍රීඩාව අවසන් වෙන්නේ කලකෝලහාල මැදිනි.
            මෙහිදී අපේක්ෂා කෙරෙන්නේ නියං පහවීම , රෝ බිය දුරු වීම , වසංගත රෝග ආදියෙන් දුරු වීමයි. මෙහි දී විශේෂයෙන් සිදු වෙන්නේ එකට එක් වී කි‍්‍රඩා කිරීම තුළින් හා නැරඹීම තුළින් එකිනෙකා අතර ඇතිව තිබෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය දුරු වීමත් එකිනෙකා අතර සමානාත්මතාවය ඇතිවීමත්ය. එසේම වසංගත රෝග ව්‍යාප්ත වන සමයන්හි නිවසට මුළු ගැන්වී සිටින පුද්ගලයන් එලියට බැස පිරිසිදු වාතය ලබා ගනියි. එසේම නැරඹීමට පැමිණෙන පිරිසත් සම`ග සතුටු සාමිචියේ යෙදෙයි. මෙහි දි ඔවුන්ගේ ලෙඩ රෝග සමනය වෙයි. නමුත් ඔවුන් විශ්වාස කරන්නේ පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය ලැබී රෝග සුව වූ බවයි.   
  මෙම ක‍්‍රීඩාව මගින් ජන සමාජයේ සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රම රාශියක් පෙනී යයි. දෙවියන් පිළිබඳව අසීමාන්තික විශ්වාසයක් ඔවුන් සතුය.

කොම්බු විලයාට්ටු

සිංහලයන්ගේ අං කෙලියට සමාන අං ඇදීමක් දෙමළ ජනතාව ද පවත්වනු ලබයි. මෙය හැඳින්වෙන්නනේ කොම්බු විලයාට්ටු ලෙසයි. පුරාවෘත්තය ද සමානය. උඩු පිළ හා යටි පිළ වශයෙන් හඳුන්වන පිල් මෙහි දී තේන් සේරි වඩ සේරු ලෙස හැඳින්වෙයි. තේන් සේරි කන්නගීගේ කණඩායම වන අතර වඩ සේරි කෝවලන්ගේ කණ්ඩායම වෙයි. මඩකලපු ප‍්‍රදේශයේ මෙම ක‍්‍රීඩාව කිරීමට ප‍්‍රථම පොර පොල් ගැසීම සිදුකර තිබේ. දෙමළ ජනතාව මෙය හඳුන්වන්නේ පෝර් තෙන්ගායි ලෙසයි. කොම්බු විලයාට්ටුවේ කොම්බු 5කි. කොලුක්, තට්ටුක්, කූඩාරක්, යේඩගක්, තන්නීර්ක් එම කොම්බු 5යි. මෙම උත්සවය පවත්වන කාලයේ දී දිනපතා පත්තිනි පිළිරුවක් සහිත පෙරහැරක් රාත‍්‍රියේ දී පැවැත්වෙයි. දිනූ අ`ගට රිදී කොපුවක් පළඳා සුදු රෙද්දකින් ඔතා වෙනත් පූජා භාණ්ඩ සම`ග ඉතා ගරු සම්මාන සහිතව මෙම පේළි යාමේදී ගමේ හතර දිසාවේ ගෙයක් පාසා අ`ග ගෙන යාමේ සිරිතක් පවතියි. එසේ ම අං පිටියෙහි සිටුවන ලද කප් කණුවෙන් කොටස් 4ක් ගමෙහි හතර කොනෙහි සිටුවා පහන් දැල්වීමේ සිරිතක් පවතියි.  එමගින් පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය සෑම නිවෙසකටම ලැබෙන බව විශ්වාස කරයි. රාත‍්‍රියේ දී තේ්ර් කල්යානම් කුලුත්ත වලට අමතරව වේඩන් කුරවර්, ජොර්විරන්, මූඩි මන්නර්, ආදී චරිත ර`ග දක්වයි. මෙය සිංහල අං කෙලියේ දැක ගත නොහැක. අවසන් රාත‍්‍රියේ කුලුත්ති නැටුම් පැවැත්වෙයි. කන්නයි අම්මන් කුලුත්ති යන මෙයින් පත්තිනි දේවියගේ ගුණ ගායනා කෙරෙයි. කොම්බු විලයාට්ටු පවත්වන දිනයෙහි මලෙයි කාවියන් ගායනා කරයි. මෙහි අර්ථය වැහි කවි යන්නයි. මෙම ක‍්‍රීඩාව ජාතීන් දෙකම සිදු කරන්නේ ආරක්ෂාව ශාන්තිය වැහි පල ලබා ගැනීම පරමාර්ථ කොට ගෙනයි. අම්මයි, සින්නමුත්තු, වෛසෝර්, කන්තෝයි වැනි රෝග සඳහා පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබෙන බව විශ්වාසයයි. මෙවැනි වසංගත රෝග දුරු වී ගොවිතැන සරුසාර වී වැසි පල ලබා ගැනීම මෙහි මුඛ්‍ය සන්නිවේදන අර්ථයයි.

රබන් ගැසීම

රබන් ගැසීම අවුරුදු කාලවල සති ුකිහිපයක් පුරාවටම රබන් ගැසීම මුළු  ගම පුරා ඇසෙයි. විශේෂයෙන් මෙම ක‍්‍රීඩාවට සහභාගී වන්නේ කාන්තා පාර්ෂවයයි. රබන් ගැසීමත් දේව විශ්වාස පෙරදැරි කර ගත්තකි. බුදුන් වහනසේගේ බුද්ධත්වය සැමරීමට සක් ඳෙවිඳුගේ අණින් ගාන්ධර්ව දිව්‍ය පුත‍්‍රයා රබන් වාදනය කර ඇත. පත්තිනි දෙවියන්ගේ සරණ මංගල්‍යයේදී ද ගාන්ධර්ව දිව්‍ය පුත‍්‍රයා රබන් වාදනය කළ බව ජනප‍්‍රවාදයයි. මෙය පදනම් කරගනිමින් රබන් වාදනය උපත ලද්දේ ය. මෙම ක‍්‍රීඩාව අතීතයේ උත්සවත්ශ‍්‍රීයෙන් පවත්වා ඇත. ගැමි දැරියකගේ වැඩිවිය පැමිණීම පිළිබඳ ආරංචිය බොහෝ විට පතළ වන්නේ රබන් සුරල් සම`ගය. විවාහ මංගල්‍යයකදී මනමාල මනමාලියන්ගේ පාර්ෂවය සතුටින් පිළිගත් බව දනවන්නේ රබන් සුරල් වැයීමෙනි. මංගල උත්සවයක දෙවෙනි දිනයේ රබන් නොවැයුවහොත් ඉන් හැ`ගවෙන්නේ මනාලියගේ අඩුපාඩුවකි. ඇගේ බඹසරයන් පිළිබඳ සැකයකි. මේ අනුව රබන් වැයීම සන්නිවේදන ආකාරයකි.

ඔළි‍‍ඳ කෙළිය

ඔළිඳ කෙළිය විශේෂයෙන්් කාන්තාවන්ගේ ක‍්‍රීඩාවකි. මෙය කවි කියමින් කරන ක‍්‍රීඩාවක් නොවේ. ඔළිඳ පෝරුවට ඔළිඳ කොලොම්බුව, මුතු පෝරුව ලෙස පවසයි. ඔළඳ කෙළිය උපත ලද්දේ බංගලි දේශයෙනි. මෙම ක‍්‍රීඩාවට සාමාන්‍යයෙන් පිරිමින් සහභාගී නොවෙයි. මෙය පත්තිනි දෙවියන් උදෙසා පවත්වන පූජාවක් බඳුය. පත්තිනි දෙවියන්ගේ බැල්ම අවශ්‍ය වන පිරිස් දෙකොටසකි. ඒ ලමුන් හා කතුන්ය. ලමුන් තරුණ වෙනවිට පත්තිනි ඇදහිල්ල අමතක වෙයි. නමුත් කාන්තාවන්ට පත්තිනි බැල්ම අවශ්‍ය වෙයි. පත්තිනි දේවියගේ බැල්ම අපේක්ෂා කරමින් මෙම ඔළිඳ කෙළිය සිදු කරයි.



රාහු ගිලීම

රාහු යනු අපල ගෙන දෙන ග‍්‍රහයෙකි. රාහුගෙ බැල්මෙන් මිදීමට මිනිසා නොයෙකුත් අභිචාර විධි භාවිත කරයි. රාහු යනු දුර්භාග්‍ය සම්පන්න කාලයක් බවත් අනතුරු බහුල කාලයක් ලෙසත් පිළිගැනේ. රාහු මිත‍්‍රයකු ලෙස පිලිගැනීමටත් රාහු නරක ග‍්‍රහයෙකු නොවන බව පෙන්වීමටත් මෙම රාහු ගිලීමේ ක‍්‍රීඩාව පවත්වනු ලබයි. රාහු ලෙස  නම් කර ගනියි. රාහු බලන විට පසුපසින් එන පපිරිස වහා ඉඳලත යුතු වෙයි. නැතිනම් එම පිරිස රාහුගේ බැල්මට අසුවෙයි. රාහු එවිට ද`ඩුවම් ලබා දෙයි. රාහු උදා වූ විට ඇතිවන මානසික කම්පනය දුරු කිරීම මෙම ක‍්‍රීඩාවේ අරමුණක් වී ඇත. මෙමගින් සන්නිවේදනය කරන්නේ රාහු ප‍්‍රබල අපල කාරකයෙකු වුවත් එය එතරම් කම්පනයක් නොවන බවයි.

මේ අනුව ජන ක‍්‍රීඩා ආශ‍්‍රයෙන් දෙවියන් ඇදහීම ප‍්‍රමුඛ කරගත් ජන ක‍්‍රීඩා  කිහිපයක් මෙ ලෙස දැක්විය හැකිය. සමාජයේ බෙහෙවින් ප‍්‍රචලිත වී ඇති ජන ක‍්‍රීඩා වලින් බොහොමයක් දේව ඇදහීම හා විශ්වාස අදෘෂ්‍යමාන බලවේග ප‍්‍රමුඛ කරගෙන ඇත. මෙහිදී පත්තිනි දෙවියන් ප‍්‍රමුඛ කරගත් ජන ක‍්‍රීඩා රාශියකි. ඒ අතරින් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. 


Comments

Popular Posts